ඉතාලියේ රැකියාවක් කරන ඔබට නිවාඩු කීයක් හිමිද?

අපි හැමෝම ආසයි නිවාඩු වලට, හැබැයි ඒවා පඩි සහිත නම් ඔබ වඩාත් කැමතියි නේද? ඉතාලියේ නිවා​ඩු වර්ග මේ විදියට සකස් වෙලා තියෙන්නෙ,

රතු නිවාඩු

    • ජනවාරි 1 සහ 6
    • පාස්කු ඉරිදා සහ සදුදා
    • අප්‍රියෙල් 25
    • මැයි 1
    • අගෝස්තු 15
    • නොවැම්බර් 1
    • දෙසැම්බර් 8, 25, 26

යන දින වලට අමතරව ඔබේ ප්‍රදේශයේ අනිවාර්ය නිවාඩු දවසත් රතු නිවාඩු වලට අයත් වේ. මෙම නිවාඩු ඉරිදා දවසක යෙදුනහොත් ඔබට දවසක පඩියක් ලබා දිය යුතුය.

Maternità (ගර්භනී නිවාඩු)


මාස 5 කාලයක් අනිවාර්ය වේ. දරුවා ඉපදීමට පෙර මාස 7 සිට හෝ දරුවා ඉපදීමෙන් පසු ලබා ගත හැකිය. මවගේ සෞඛ්‍ය තත්වය සහ රැකියාව අනුව Maternità Anticipata ලබා ගත හැකිවේ. ඊට අමතරව කිරිදෙන මව්වරුන් සදහා ද දිනකට පැය ගණනක නිවාඩු හිමිවේ. දරුවාට වසරක් සම්පූර්ණ වන තුරු පඩි රහිතව නිවාඩු ලබා ගතහැකිය.

Paternità (පියාට ලැබෙන නිවාඩු)


දින 5 ක් දක්වා වූ නිවාඩු ගණන වරින්වන වෙනස් වීමෙන් පසුව 2021 සිට දින 10 දක්වා වැඩි කරන ලදි.

Malattia (අසනීප නිවාඩු)


ඔබගේ අසනීප සදහා වෛද්‍යවරයා ලබාදෙන නිවාඩුය. මේවා සදහා ගෙවීම් ඔබ රැකියා කරන අංශය මත රදාපවතී.

Ferie (වාර්ෂික නිවාඩු)


වැඩ කරන දින 26 කි. බොහෝ දුරට සතියට දවස් 6 ගණනය කරනු ලබන දළ වශයෙන් අතර සති 4 ක් පමන වේ.

Permessi non Retribuiti

වසරකට දින 8 දක්වා පඩි රහිතව නිවාඩු ලබාගත හැකිය.

Permessi Retribuiti

රැකියා ස්ථානයේ සේවක ප්‍රමාණය අනුව පහත සදහන් පරිදි වේ.

  • Rol- පැය 56 දක්වා වන අතර සේවක සංක්‍යාව 15 වැඩි නම් පැය 72 පමන වේ.
    Ex Festività – පැය 32 පමන වේ. මෙම නිවාඩු බොහෝදුරට Lavoro Dipendente සදහාය. ගෘහ සේවකයින් සදහා මුලු පැය ගන්න පැය 12 කි.

ඉතාලියේ ගෘහ සේවයේ නීති පද්ධතිය. (Contratto di lavoro Domestico) ගැන විස්තර දැනගැනීමට මෙය ක්ලික් කරන්න.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *