ඉතාලියෙන් නුල්ලොස්තා එක ලැබූ පසුව කල යුත්තේ කුමක්ද?

ඔබගේ සහකරු හෝ සහකාරිය ඉතාලී වීසා ඉතාලියෙන් නුල්ලොස්තා එක ලබාගැනීමෙන් පසුව vfs ආයතනය වෙත ඔබගේ නුල්ලොස්තා එක බාරදීම තෙක් අවශය කරන ලිපි ලේඛන හා එය ක්‍රියාත්මක කල යුතු ආකාරය.

ඔබ හැමෝම දන්න කරුන තමයි නුල්ලොස්තා එකෙහි වලංගුභාවය මාස 6යි. ඒ නිසා නුල්ලොස්තා එක ඉතාලියෙන් ලැබෙන්න මාස 2 කට කලින් වගේ ලංකාවෙන් ඔබේ ලිපි ලේඛන ලීගලයිස් කර ගැනීම සිදුකරගත යුතුයි. නුල්ලොස්තා එක අතට ලැබුන පසුව ඔබ මෙය කරන්න පෙලබුනොත් ඔබට ඔබගේ නුල්ලොස්තා එක අවලංගු වීමට වැඩි ඉඩ කඩක් තිබෙන්​න පුලුවන්.

 

ඩොකුයුමන්ට් ලීගලයිස් කරගන්නේ කොහොමද?

Pronto Lanka නම් කුරියර් සේවාව මගින් අයදුම් පත් යොමු කරනුවේ අලුතින් පිහිටවන ලද Forsiter Global Services Pvt Ltd ආයතනය වෙතටයි. තානාපති කාර්යාලයට අවශ්‍ය පරිදි ඉතාලි භාෂාවට පරිවර්තනය කිරීම, ලියකියවිලි වල අඩුපාඩු පරික්ෂා කිරීම සහ IOM ආයතනය හරහා ලියකියවිලි වල සත්‍යතාවය පරික්ෂාවට ලක් කිරීම වැනි දෑ ඉහත සදහන් ආයතනය සිදු කරනු ලබයි.

 

ෆැමිලියාර් එකක් සදහා ලීගලයිස් කිරීමට අවශ්‍ය ඩොකුයුමන්ට් මොනවද?

කසාද සහතිකය

  • කසාද සහතිකයේ මුල් පිටපතක්.
  • රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයෙන් ලබා ගත් ඉංග්‍රීසි කසාද සහතික පිටපතක් විවාහක දෙදෙනාගේ වලංගු ගමන් බලපත්‍රයේ අංක 1 සිට 5 දක්වා පිටුවල කොපි.

දික්කසාදයක් තිබේන​ම්, (නයිසයි නියෝගය / දික්කසාද නියෝගය)

  • උසාවියෙන් නිකුත් කරන ලද නයිසයි තීන්දුව/දික්කසාද තීන්දුව එහි ඉංග්‍රීසි පිටපත් ( බලයලත් භාෂා පරිවර්තකයෙක් කරන ලද)
  • දෙපාර්ශවයේ වලංගු ගමන් බලපත්‍ර⁣ වල අංක 1 සිට 5 දක්වා පිටුවල කොපි දික්කසාදය පිලිබඳ පලාතේ කුස්තුරා ආයතනයට දන්වන ලිපිය සහ එය ලැබූ බවට ලබාගත් රිසිට් පටය. (ඒ පිලිබදව වෙනම ලිපි පළකර ඇත)

දරුවන් සදහා නම් ෆැමිලියාර් අයදුම් කලේ,

  • උප්පැන්න සහතිකයේ මුල් පිටපත.
  • රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයෙන් ලබා ගත් ඉංග්‍රීසි උප්පැන්න පිටපතක්.
  • වලංගු ගමන් බලපත්‍රයේ අංක 1 සිට 5 දක්වා වු පිටුවල කොපි.
  • දෙමාපියන්ගේ වලංගු ගමන් බලපත්‍රයේ අංක 1 සිට 5 දක්වා පිටුවල කොපි හෝ හැදුනුම් පතේ ඉංග්‍රීසි පරිවර්තනයක්. (පිලිගත් භාෂා පරිවර්තකයෙක් කරන ලද)

නුල්ලොස්තා එක ලංකාවේ ඔබේ සහකරුට ලැබුන පසුව, ඩොකුයුමන්ට් ලීගලයිස් කර තිබේනම් vfs ආයතනයට බාරදීමට අවශ්‍ය ෆයිල් එකේ තිබිය යුතු දේව​ල්,

  • සම්පූර්ණ කරනල වී​සා අයදුම්පත
  • පාස්පෝර්ට් සයිස් (4.0 X 3.5) වර්ණ පොටෝ 2ක් සුදු පසුබිමක ලබාග​ත්. මෙය මාස 6ක් ඇතුලත ලබාගත් එකක් විය යුතුයි.
  • නව පාස්පෝර්ට් එකේ 1සිට 5 දක්වා වර්ණ පිටපත්
  • (පරණ එක ඇත්නම් ඒකෙත්) අනිවාර්යයෙන්ම වීසා එක මුද්‍රණය කිරීමට හිස් පිටු 2ක් තිබිය යුතු අතර භාරදීමේදී පාස්පෝර්ට් එකේ වලංගුතාවය මාස16 ක් තිබිය යුතුය.
  • නුල්ලොස්​තා ඔරිජිනල් එක සහ පොටෝකොපි 1ක්
  • ඉතාලි හැදුනුම්පත, සර්ජෝනෝ වර්ණ පොටෝකොපි එක බැගින්
  • ස්තාදියෝ ෆැමිලියානෝ ඔරිජිනල් සහතිකය යූරෝ 16ක මුද්දරය ඇතුලත්
  • ලීගලයිස් කරන ලද ඩොකියුමන්ට් ටික
  • දික්කසාද ඇත්නම් ඒකේ පොටෝ කොපි එකක් ලීගලයිස් කරන ලද
  • මීට අමතරව වීසා ගාස්තු 30000ක් පමණ රැගෙන යන්න.
    • වීසා ගාස්තුව 25130
    • Service Charge – 3791

 

 

2021 මාර්තු මස 27 වන අද දිනය වන විට සූදානම් වූ නුල්ලොස්තා එක බාරදීමට ඇපොයිමන්ට් එකක් ගතයු​තු නො​වේ.යම්කිසි වෙනසක් සිදුවූවොත් එය ඉදිරියේ දැනුවත් කරන්නම්. vfs ආයතනයට සම්පූර්න කරන ලද ෆයිල් එක බාරදිය හැකි වෙලාවන්,

සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පෙ.ව. 08:00 සිට ප.ව.14.00

විස්තර සදහා 

+94 114 692 642 දුරකතන අංකයෙන් හෝ info.italysl@vfshelpline.com විද්‍යුත් තැපෑලෙන් සම්බන්ධ විය හැකිය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *