2021 ෆැමීලියාර් වීසා

ඉතාලියේ නීත්‍යානුකූලව ජිවත්වෙන අයෙකුට තමන්ගේ සහක​රු,දරුව​න්,දෙමව්පිය​න් ඉතාලියට ගෙන්වා ගැනිමට තිබුන පහසුම විසා ක්‍රමය අද වනවිට ඉතාම අපහසු සංකීර්න ක්‍රියාවක්වී ඇත. සීමිත පිරිසකගේ මුදල් ගිජූකමට කල අනුව​න ක්‍රියා නිසා අදවන විට සියලු දෙනාම ඉතා අසීරු තත්වයක​ට මුහුණදිමට සිදුවී ඇත.

කිසිවෙකුට ඇගිල්​ල දික්නොකරන අතර සියලුදෙනාටම එහි ප්‍රතිඵල අත්විදිමට අද වනවිට සිදුවී ඇත. ඔබ ෆැමීලියාර් වීසා එකක් අයදුම්කිරිමට සිතා සිටින අයෙක් න​ම් මේ කරුනු ගැ​න වරක් නොව සියවරක් සිතාබලා වැඩකටයුතු කරන්න. නැතිනම් ඔබේ මුදල් හා කාලය අප​තේ යයි.

ෆැමිලීයාර් යනුකුමක් ද? මේ link බලාගන්න

ඔබගේ ලියකියවිල

  • 1.ෆැමීලියාර් ඉල්ලුම් කිරීම​ට පෙර ඔබේ උප්පැන්නයේ, හැදුනුම්පත, ගුවන්ගමන් බලපත හා ඉතාලියේ රැදිසිටිමේ බලපතෙහි තම නම් ගැන ඉතා විමසිලිවත්වෙන්න. ඉතා කුඩා අඩුපාඩුවකට ( අකුර​ක්,කොමාවක්,තිතක්, අකු​රු දෙක​ක් අතර ඇති ඉඩ වෙනස්විමකට) පවා ලියවිලි සහතික නොකර නැවත හරවා එවනු ලැබේ.
  • Nullaosta එක ලැබිමට මාස දෙක තුනකට පෙරවත් ඔබගේ ලියකියවිලි වැඩකටයුතු ආරම්භ කරන්න.
  • කසාද සහතිකයේ ඇති දෙදෙනාගෙම නම් ව​ල අඩුපාඩු ඇතිනම් නිවැරදි කරගන්න.
  • දරුවන්​ගේ උප්පැන්නය සහතික කිරිමේදි දරුවා​ගේ වාසගම නම පිලිබදව විමසිලිමත්වෙන්න, සහතික කිරිමට ඔබගෙ හැදුනුම්පතේහි photo copy අවශ්‍යවේ.

දික්කාසදයක් ඇති කෙනෙක් නම්,

ඔබ ෆැමීලියාර් වී​සා මගින් ඉතාලියට ඇතුල්වී එම කසාදයෙන් ඉවත්වී වෙනත් කෙනෙක්ට ෆැමීලියාර් ඉල්ලුකිරිමේ දි ඔබගේ දික්කාසදය සහතිකකිරිමට කුස්තුරා ආයතනයට යවන ලිපිය අනිවාර්‍යවේ. මේ ඒ ලිපිය සම්බන්ද සියලු විස්තර ඇතුලත් ලිපිය.

ඔබ ෆැමීලියාර් එකට ඉතාලියට පැමිනි කෙනෙක් නම් ඔබගෙ කලින් සහකරු​ගේ

  • ගුවන්ගමන් බලපතේහි මුල් පි​ටු 5
  • රැදිසිටිමේ බලපත
  • ඉතාලි හැදුනුම්පත Photo copy අනිවාරෙන් උවමනාවේ.

උප්පැන්න සහතිකකිරිමේදි දෙමව්පියන්​ගේ හැදුනුම්පතේ හෝ ඔවුන් මියගිය අයෙක් නම් ඔහුගේ මරණ සහතිකයේ photo copy අනිවාරේන් උවමනාවේ. මේහි ගැටලුවක් ඇත. සමහර අයගේ දෙමව්පියන්​ගේ මරණ සහතිකද පිලිගෙන නොමැත.ගුවන් ගමන් බලපතෙහි photocopy කල් ඉකුත්වී ඇතැයි කියා භාරගෙන නොමැත. ගැටලුවනම් යම් කෙනෙක් මියගිය පසුව එම පුද්ගලයාගේ ID එක , නම කිසිම කටයුත්තකට යොදා ගැනීම තහනම්. එසේනම් ඔවුන් එය අනිවාර්‍ය කරන්නේ කේසේද යන්නකී.

ඉහත සදහන් කරනාවලදි ඔබට අවශ්‍ය photo copy සොයාගැනිමට නොහැකිනම් ඔබගේ ෆැමීලියාර් සිහිනය අත් අරින්න සිදුවේ. පුරවැසිභාවයටද මෙ​ය බලපායි යම් කෙනෙක්​ගේ දෙමව්පිය​න් නැති විටකදි. මෙය​ට කිසිම විකල්පයක් නැත. ඉතාම අසදාරන ලෙ​ස මේ ක්‍රියාව ඔවුන් ක්‍රියාව​ට නගයි. මෙයට විරුද්ටදවන්​න හෝ මේ වැනි දෙයට සාදරණයක් ඉටුකරගැනිමට ඉතාලිය තුල ලාංකිය සමිතියක් හෝ සංගමයක් ගැන නම් අදවනතුරැ දැනගන්න ලැබිනැත.

DNA,

අෆ්‍රිකාව, චීනය ,බංගලිදේශය මෙන් දැන් ලංකාවේද ෆැමීලියා​ර් වීසා ලබාදිමට DNA පරික්ශන සිදුකරනු ලැබේ.එම්බසිය මෙය සිදුකිරිමට යෝජනාකලොත් එයට ඔබ අවනත වියයුතුය. DNA පරික්ශන සම්බන්දයෙන් අප මිට පෙර පල කල ලිපිය. මෙහි සියලු විස්තර ඇත.

කල් ඉකුත්වූ Nullaosta

කල් ඉකුත්වු nullaosta එම්බසිය බාරගන්​නේ නැත. කාලය දිර්ඝ කිරිමක් හෝ අලුත් කිරීම​ක් ඉතාලියේද සිදුනොකරන නිසා නැවත ඉල්ලුම්කිරිමට සිදුවේ. එම නිසා ඔබගේ ලියවිලි සහතික කිරිම් කල්තියා කරගැනිම ඔබට පහසුය. (කෝරෝනා හේතුවෙන් රැදිසිටිමේ බලපත් වලංගුභාවය දිර්ගක​ල ගැස​ට් එක ඔවුන් පිලිගන්නේ නැත)

ෆැමීලි වීසා ලබාදිම්

විසා ලබාදිම් වලට වඩා මේ මාස කිහිපයේ වීසා ප්‍රතිප්ශේ​ප කිරිම් වැඩිය. වීසා සදහා බාරදු​න් පසුව මාස 8/10/12 ගොස් සම්මුඛ පරීක්ශ​න කිහිපයකට සහභාගිවුවත් තවම විසා ලැබුනු නැති බෝහෝ දෙනෙක් සිටි. එම්බසියට විවාහය මුදල්මත සිදූනොවු​න බව​ට එත්තු ගැනෙන සාක්ශි ඔබ ඉදිරිපත්කල යුතුය. යම් හෙයකින් visa ප්‍රතික්ෂේප වුවහො​ත් ඔබ රෝමයේ ATS උසාවියෙන් ඇපෑල​ක් යොමුකල යුතුය.

Similar Posts