ඉතාලියේ නව රැකියා අවස්ථා 30,850. ලංකාවේ සිටින ඔබටත් අයදුම් කරන්න පුලුව​න්

 

2020 ඔක්තෝබර් මස 12 ව​න සඳුදා, රාත්‍රී 8:46 ට ප්‍රකාශයට පත්කරන ලද ගැසට් පත්‍රයට අනුව මේ අවුරුද්දේ (2020) ඉතාලියට ඇතුළුවීමට සෘතුමය, සෘතුමය නොවන සහ ස්වයං රැකියාලාභීන් සදහා 30,850 ක කෝටාවක් ඉදිරිපත් කර තිබෙනවා.

 

මෙයින් 12,850 ක් සද​හා

මේ වන විට ඉතාලියේ වලංගු තාවකාලි​ක රැදීසිටීමේ බලපත්‍රයක් ඔබට තිබෙනවා නම් ඔබට එ​ය ස්ථිර කරගැනීමේ හැකියාවක් තිබෙනවා,මේ සදහා 12,850 දෙනෙක් සදහා අවස්තාව ලබාදී තිබෙනවා.

Albania, Algeria, Bangladesh, Bosnia-Herzegovina, Corea (Repubblica di Corea), Costa d’Avorio, Egitto, El Salvador, Etiopia, Filippine, Gambia, Ghana, Giappone, India, Kosovo, Mali, Marocco, Mauritius, Moldova, Montenegro, Niger, Nigeria, Pakistan, Repubblica di Macedonia del Nord, Senegal, Serbia, Sri Lanka, Sudan, Tunisia, Ucraina.

ඉහත සදහන් රටවල් වල සිටින අය සදහා මේ සදහා අයදුම් කිරීමට හැකියාවක් තිබෙනවා. මේ සදහා ඔක්තෝබර් 22 වන දින උදේ 9.00 සිට Spid එකක් මාර්ගයෙන් අයදුම් කිරීමේ හැකියාවක් තිබෙනවා.

 

කෘෂිකාර්මික හා සංචාරක හෝටල් අංශවල රැකියා අවස්තා 18,000 ක්

කෘෂිකාර්මික හා සංචාරක හෝටල් අංශවල රැකියා අවස්තා 18000 ක කෝටා එකක් ඉහත සදහන් රටවල් වල අයදුම් කරුවන්ට ලබා දීමට තීරනය කර තිබෙනවා.මෙහි ශ්‍රී ලංකාවද ඇතුලත් වෙලා තිබෙනවා.මෙමගින්

  • සංචාරක හෝට​ල්
  • කෘශිකාර්මීක ක්ශේත්‍රයේ රැකියාවන් සදහා ඉතාලියට පැමිනීමට හැකියාවක් තිබෙනවා.

මේ සදහා ඔක්තෝබර් 27 වන දින උදේ 9.00 සිට Spid එකක් මාර්ගයෙන් අයදුම් කිරීමේ හැකියාවක් තිබෙනවා.

මේ සදහා අයදුම් කරන්නේ කෙසේද?

2020 ඔක්තෝබර් 13 වන දින උදෑසන 9.00 සිට මේ සදහා අයදුම් කිරීමේ අයදුම්පත interno.it වෙබ්අඩවියෙන් ලබාගැනීමේ හැකියාවක් තිබෙනවා.ඒ සදහා පහත් ලින්ක් එක බාවිතා කරන්න.

https://nullaostalavoro.dlci.interno.it

කෙසේ වෙතත් ලංකාවේ සිටින කෙනෙක්ට නම් මේ ලින්ක් එක හරහා අයදුම්පත බාගත කිරීමට හැකියාවක් නෑ.මේ සදහා Spid එකක් අවශ්‍ය වනවා. ඒ වගේම ලංකාවේ සිටින ඔබට මේ සදහා තනිවම ඉල්ලුම් කිරීමේ හැකීයාවක් නැහැ.සැමවිටම තමාගේ සේවා යෝජකයා මාර්ගයෙන්ම මේ සදහා අයදුම් කරන්න.

2020 දෙසැම්බර් 31 දක්වා ඔබ හට අයදුම්ප​ත් ඉදිරිපත් කිරීමට කාලය ලබාදී තිබෙනවා.

මේ අවසන්වර ලබාදුන් සෘතුමය(වතු විසා) ගැන මේ වෙබ් අඩවියේ පලවූ ලිපියක්.ඔබට මෙය ඉදිරිපත් කරන්නේ දල අදහසක් ලබාදීම් වෙනුවෙන් පමනි. මේ වන විට මෙයට අයදුම් කිරීමට අවශ්‍ය වන අනෙකුත් සුදුසුකම් පිලිබද තොරතුරු ඔවුන් තවමත් ඉදිරිපත් කර නැහැ.තොරතුරු ලද විගසම ඔබට තේරුම් ගැනීමට හැකිවන අයුරින් ඔබ වෙත ඉදිරිපත් කරන්නම්.

මෙය ක්ලික් කරන්න.

 

 

Similar Posts