|

ඉතාලියේ Cittadinanza දැම්මට පස්සේ මොකද වෙන්නේ?

ඉතාලියේ පදිංචි ගොඩක් අයගෙ හීනයක් තමා Cittadinanza එක ගන්න එක. අවුරුදු 10 Residenza සහ ඉතිරි ලියකියවිලි ටික හදාගෙන Cittadinanza එක බාරදුන් පලියට ඉතාලියේ පුරවැසිබාවය ලැබෙන්නේ නැත. ඉතාලියේ මෑතකදී සම්මත කල නීතිය මගින් අවමය අවුරුදු 2 සිට උපරිමය අවුරුදු 3 දක්වා කාලයක් ඔබව පරීක්ෂා කරනු ලැබේ.

මේ කාලය තුලදීත් ඔබගේ Residenza (ස්ථිර පදිංචිය) අඛන්ඩව ඉතාලියේ තිබිය යුතුය. ඔබගේ පවුලේ ආදායම පවුලේ සාමාජිකයන්ට අනුකූලව පවත්වාගෙන යායුතු අතර වාර්ශිකව 730 හෝ ආදායම් බදු පත්‍ර සෑදිය යුතුය. මේ සදහා පවුලේ ඕනෑම සාමාජිකයෙකුගේ අදායම් පෙන්විය හැකිවේ. එකම ස්ථානයක රැකියාව අනිවාර්ය නොවේ. Disoccupazione සදහා ලබාදෙන Naspi දීමනාව ද ඔබට මේ සදහා පෙන්විය හැකිය. Estratto Conto Contributivo Inps මගින් ඔබට ලැබෙන අදායම ගණනය කල හැක.

මේ කාලය තුලදීද ඔබගේ Certificato Penale (ඉතාලි පොලිස් වාර්තාව) බලනු ලැබේ.

ඔබගේ Spid එක මගින් ඔබට Domanda එකේ තත්වය පරීක්ශා කරගත හැක.සියලුම ලියකියවිලි Online ක්‍රමයට යාවත්කාලීන වන බැවින් නිතරම පරීක්ශා කීරීම යෝග්‍ය වේ. Domanda එකේ යම් අඩුපාඩු තිබේනම් ඔබ ලබාදෙන Email එක මගින් ඔබට දන්වන අතර Email ලිපිනය අනිවාර්යයෙන් පරීක්ශා කලයුතුය. Cittadinanza Domanda එක Esito Positivo කිරීමට පෙර Reddito හෝ වෙනත් ලියකියවිලි යාවත්කාලීන කිරීමේ දින ගණන බොහෝ දුරට දැනුම් දුන් දවසේ සිට උපරිමය දවස් 10 කි. එමනිසා නිතරම Spid එකෙන් ඇතුල් වී Domanda එක පරීක්ශා කරන්න.

Cittadinanza Domanda එකේ අවසාන තීරනය රෝමයේ පිහිටි Ministero dell’ interno මගින් ගනු ලබන අතර ඉතාලියේ ජනපති විසින් අත්සන් කරන ලද Decreto di Cittadinanza (පුරවැසිභාව සදහා වන ගැසට් පත්‍රය) ඔබ පදිංචි Comune වෙතට එවනු ලැබේ. මෙය ඔබ අතට පත් වූ පසු ඔබට දිවුරුම් දීම සදහා දිනයක් ලබාගත හැක. ඔබත් සමග පදිංචි බාලවයස්කාර දරුවන්ට ද ඉතාලියේ පුරවැසිබාවය ලැබේ. දරුවන් ගේ පදිංචිය සහ පාසල් අද්‍යාපනය ඉතාලියේදී සිදුවන්නේ දැයි අනිවාර්යයෙන් පරීක්ශා කරනු ලැබේ.

Embassy මගින් සහතික කරන ලද උප්පැන්න සහතිකය ඔබගේ Comune ට බාරදිය යුතු අතර Ccarta Identità per Cittadini Italiani මගින් ඔබට ඉතාලි Passport එක අයදුම් කල හැක. ඔබගේ Cittadinanza අයදුම් පත ප්‍රතික්ශේප වුනහොත් ඔබට TAR එක මගින් නඩුවක් පවරා සාදාරන හේතුන් පෙන්වා දීම මගින් ඔබගේ Decreto di Cittadinanza ලබාගැනීමට උත්සාහ කල හැකිය.

ඉතාලි පුරවැසිභාවය ලබාගැනීමේදි අහිමිවන ශ්‍රී ලංකාවේ පුරවැසිභාව්‍ය රදවා ගන්නේ කෙසේද?

ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම හා ලංකාවේ පුරවැසිභාවය රදවා තබාගන්නේ කොහොමද?

මේ ලිපිය කියවා බලන්න.ඔබට ඒ සම්බන්දව අවබෝදයක් ලබාගන්න පුලුවන්.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *