|

2023 ස්පොන්සර් වීසා හා වතු වීසා සදහා ඔබ සුදුසුකම් ලබලද? එක් එක් ප්‍රදේශ වලට ලැබෙන කෝටා එක කීයද?

ඉතාලියට ඇතුල්වීමේ අවස්තාව උදාකර දෙමින් 2023 වර්ශය සදහා ස්පොන්සර් හා තාවකාලික වීසා නීතියක් පැමින මේ වන විට ක්‍රියාත්මක වන බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. ඒ අනුව ස්පොන්සර් වීසා හා තාවකාලික වීසා සදහා අයදුම්පත් බාර ගැනීම මාර්​තු මස 27 වන දින​ ආරම්බ කරන ලදී. මේ වීසා වර්ග සදහා අයදුම් කලහැකි අවසන් දිනය වන්නේ දෙසැම්බ​ර් මස 31 තෙක් පමනි.

මෙය අවසන් වීමට දිනයක් පමනක් ඉතිරිව තිබියදි ඔබ වෙත ඉදිරිපත් කරනුයේ මෙම කෝටාව සදහා ඉතාලියේ එක් එක් පලාත් සදහා කීදෙනෙක් හට සුදුසුකම් ලැබේද යන්නයි. රටවල් 32 ක් සදහා මේ වීසා සදහා අයදුම් කිරීමට අවස්තාව උදාවී තිබුනා. ඒ අතරට ශ්‍රී ලංකාවද ඇතුලත්.

දැනටමත් ඔබ මේ සදහා අයදුම් කල පුද්ගලයෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම ලිපිය අවසන් වනතෙක්ම බලන්න. ඒ වගේම ඉදිරි වසර​ක අයදුම් කිරීමට අදහස් කරන කෙනෙක් නම් කුම​න ප්‍රදේශයෙන් අයදුම් කලොත් වැඩි වාසියක් හිමිවේද යන්න පිලිබදව දල අදහසක් ලබාගැනීමටත් මෙම ලිපියෙ​න් හැකියාව තිබෙනවා.

ඉතාලියේ Regione 21 ක් තිබෙනවා. ඒ එක් එක් කලාප වලට ස්පොන්සර් වීසා හා තාවකාලික වීසා කීයක් නිකුත් කරනවාද යන්න සවිස්තරාත්මකව බලමු.

ස්පොන්සර් වීසා එකක් සදහා අයදුම්කල කෙනෙක් නම් ඔබ බැලිය යුත්තේ Quote lavoro subordinato settori autotrasporto merci per conto terzi, edilizia e turistico alberghiero (Mod. B2020) යන කොටසයි. මෙය මේ වගුවේ අවසන තීරුවේ කොල පාටින් දිස්වේ. ස්​පොන්සර් වීසා සදහා පුද්ගලයින් තෝරාගැනීම සිදුවන්නේ අයදුම් පත් යොමුකරන පිලිවෙල අනුවයි.වැඩි කෝටාවක් සහිත ප්‍රදේශයකින් ඔබ අයදුම් කලා නම් ඔබටත් සුදුසුකම් ලැබීමට වැඩි අවස්තාවක් තිබිය හැක.

මෙම කලාප අතරින් වැඩිම පුද්ගලයින් පිරිසකට අවස්තාව ලබාදෙන්නේ CAMPANIA කලාපයයි.එහි අගය 11.256 කි.මේ අතරින් අයදුම් කරන බොහෝ දෙනෙක් අයදුම් කරන්නේ නාපොලියෙනුයි.ස්පොන්සර් වීසා සදහා තෝරාගැනීම සිදුවන්නේ අයදුම් කරන අනු පිලිවෙල අනුවයි.
ඉන්පසුව LOMBARDIA කලාපයෙන් 3.336 ක් සදහා අවස්තාව උදාවනවා.

ව​තු වීසා නොහොත් තාවකාලික වීසා

මෙම චායාරූප අපහැදිලි නම් ඔබට මේ වෙබ් අඩවියෙන් බලාගැනීමටත් හැකියාව තිබෙනවා.
LINK 01.

LINK 02.

ඉදිරියේදී ඉතාලියේ සියලුම නීතිමය විස්තර දැනගැනීමට හා ඉතාකියේ විස්තර දැන ගැනීමට අපගේ Android App එක හා සම්බන්ද වන්න.
ලගදීම ඇපල් දුරකථන සදහා ලබාදීමට කටයුතු කරනු ලැබේ.
Android දුරකත තිබෙන අ​ය පහත ලින්ක් එක භාවිතා කරන්න.
Italiye Api App Play Store.

Similar Posts