සන්තෝරියා 2020 නීතියට අයදුම්පත්‍ර යොමුකල අය කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගන්නේ කෙසේද?

සන්තෝරියා 2020 නීතියට අයදුම්පත්‍ර යොමුකල, Regione Lombardia පලාතේ සිටින බොහෝ දෙනෙක් පසුගිය දිනවල මගෙන් නිතර විමසන ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගන්නේ කෙසේද යන්න? අද දිනයේ සිට Regione Lombardia වල මෙම වැඩසටහන පටන්ගනු ලබනවා.මේ වන විට Regione Lazio වල මේ වැඩසටහන ක්‍රියාත්මක වනවා.

අද 25/06/2021 දිනයේ සිට ඔවුන්ට මේ මහගු අවස්ථාව ලැබී තිබෙනවා. පහත සදහන් ලින්ක් එකට ඇතුළු වී ඔබගේ විස්තර ඇතුලත් කර අවසරය ඉල්ලා සිටින්න. උපරිම පැය 48 ඇතුලත ATS ආයතනය විසින් ඔබගේ දුරකථනයට කෙටි පණිවිඩයක් ලබාදෙන අතර, ඊට පසු ඔබට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීම සදහා දිනයක් ලබාගත හැකියි.

මේ සදහා ඔබ සතුව පහත සදහන් එක අංකයක් හෝ තිබිය යුතුයි.

  1. තාවකාලික බෙහෙත් කාඩ්පතේ ඇති අංකය
  2. කෝඩිචි ෆිස්කාලය
  3. ප්‍රෙෆෙත්තුරා ආයතනයෙන් නිකුත් කර ඇති නොම්බර 11ක UNIVOCO අංකය (මෙය ඔබගේ සනතෝරියා අයදුම්පත්‍රය යොමුකල සේවායෝජකයාගෙන් විමසිය හැක)

https://start.prenotazionevaccinicovid.regione.lombardia.it/cit/#/login

https://start.prenotazionevaccinicovid.regione.lombardia.it/cit/#/adesione/stp

(Art.35 TU Immigrazione ) නීතිය මගින් සියළුම පුද්ගලයන්ට ප්‍රතිශක්තිකරණ එන්නත දිය යුතු බව සදහන් වුවත්, ඉහත අවශ්‍යතාවයන් 3න් එකක්වත් සපුරාගත නොහැකි පුද්ගලයන්ට තවමත් එන්නත ලබාගැනීමට හැකියාවක් නොමැත. අන්තර්ජාල පහසුකම් හා ඒ පිලිබද දැනීමක් නොමැති පුද්ගලයන්ට 800894545 යන අංකය ඇමතීමෙන් දිනයක් වෙන්කර ගත හැක.

නිවැරදි තොරතුරැ හා සහාය සදහා,
ANAS Milano,Punto Migranti
Caf e Patronato
Via Pordenone,13,Milano (Metro Verde)
Tel: 3893130877

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *