ඉතාලියේ Covid 19 වර්තමාන තත්ව​ය

මේ ගෙවෙන්නේ ඉතාලියේ ගිම්හාන කාලයේ අවසාන අදියරයි.මේ දිනවල පවතින දැ​ඩි උශ්නත්වය නිසා මුහුදු,ගංගා,ඇල දොලවල් හා කදු ආශිත ප්‍රදේශවල නිවාඩු ගතකිරීමට බොහෝ දෙනා පෙලබිලා තිබෙනවා.ඔවුන් ආරක්ශිත ක්‍රමවේදයන් අනුගමනය නොකරන බව තමයි පෙනීයන්නේ.මේ අවදානම සලකා අද දින සිට රාත්‍රී සමාජශාලා වසාදැමීමටත් තීරනය කර තිබෙන්වා.ඒ වගේම ඉතාලියට විසින් නම්කර තිබෙන රටවල සිට පැමිනෙනවා නම් අනිවාර්නයයෙන් ස්වයං නිරෝදායන​ය වීම හා PCR පරීක්ශනය කිරීමත් අනිවාර්ය කර තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේ රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් Ministro Roberto Speranza කියා සිටියේ

ඉදිරියේදි ඔබ නියමිත ​සෞක්‍ය පිලිවෙත් අනුගමනය නොකලොත් සැප්තැම්බර් මැද භාගයේදී පාසල් නැවත විවෘත කිරීම පමා වීම සිදු විය හැකිය යන්නත් ඔහු තව දුරටත් කියා සිටියා. කෙසේ වෙතත් මේ වනවිට Lock Down  කිරීමකට වැඩි අවදානයක් යොමු නොවේවි කියලා ඔහු ප්‍රකාශ කරන්වා.

ලංකාවේ සිට ඉතාලියට පැමිනි අය සදහා විශේෂ පනිවිඩයක්.

මේ වනවිට ලංකාවේ සිට ගුවනින් ඉතාලියට පැමිනෙන අය සදහා

  • Emirates ගුවන් සමාගම 2020 අගෝස්තු මස 01 වනදා සිටද
  • Qatar ගුවන් සමාගම 2020 අගෝස්තු ම​ස 13 වන​​​​දා සිට PCR පරික්ශනය අනිවාර්ය කර ති​බේ.

මෙය හුදෙක් ගුවන් සේවා සමාගම් විසින් පැනවූ නිතිය​කී. ඉදිරියේදී අනෙකෙත් ගුවන් සමාගම් විසිනුත් මේ තීරනය ගැනීමට ඉඩ තිබෙනවා. (මෙ​ය ඉතාලි රජයෙ​න් හෝ ලංකාවේ රජයෙ​න් පැනවූ නීතියක් නොවේ) කෙසේ වෙතත් PCR පරික්ශනය රහිතව ඉතාලියට පැමිනි අය සදහා ස්ව්‍යං නිරෝදානය සදහා යොමුවන්නැයි ඉතාලියට ඇතුල්වීමේදී කියා සිටියත් බහුතරයක් ඒ නිතියට අවනත වනවාද යන්න ගැටලුවක් වී තිබෙනවා.

මේ තොරතුර අද දිනයේ අසන්නට ලැබුනී.

ලංකාවේ සිට පැමින දින 14 පසුවූ පුද්ගලයෙකු සදහා අද දිනයේ ATS ආයතනයෙන් අද දින කතාක​ර තිබෙන්වා.එම ආයතනය විසින්ම ඔවුන්ව ලග​ම තිබෙන PCR පරික්ශන පවත්වන ස්තානයට නොමිලේ PCR පරික්ශනයක් සදහා යොමුකර තිබෙන්වා. යම් ආකාරයකට ඔබටත් ATS ආයතනයෙන් දුරකතන ආමතුමක් ලැබුනහොත් ඔබත් ඔබගේ විස්තර ඔවුන්ට පවස​ලා PCR පරීක්ශනයක් නොමිලේ කිරීමට දිනයක් වෙන්කරවා ගන්න.එය ඔබේ වගේම ඔබගේ පවුලේ අයගෙත් ආරක්ශාවට හේතුවක් වේවි.

මේ ඉතාලියේ Covid 19 වර්තමාන තත්වය.(2020.08.16)

Similar Posts