නීත්‍යානුකූලව ඉතාලියේ සිටින ඔබට ඉතාලියේ නිත්‍යානුකූල නොව​න ඔබේ පවුලේ කෙනෙක්ට නිත්‍යානුකූලව රැදි සිටිමේ බලපතට ඇතුලත්කරගත හැකිද?

COESIONE FAMILIARE o ricongiungimento in deroga di cittadino non comunitario con familiare regolarmente soggiornante – නීත්‍යානුකූලව ඉතාලියේ සිටින ඔබට ඉතාලියේ නිත්‍යානුකූනොවන ඔබේ පවුලේ කෙනෙක්ට නිත්‍යානුකූලව රැදි සිටිමේ බලපතට ඇතුලත්කරගත හැකිද?

Coesione familiar මේ ටිකේ බෝහෝ දෙනෙක් සොයන දෙයක් නිසාත්,ඉදිරියේදි මේ වචනය යොදාගෙන බෝහො දෙනෙක්ව රැවටිය හැකි නිසාත් මේ ගැන ලියන්න හිතුනා. හොදින් කියවන්න ඒ වගේම තව කෙනෙක්ට බලන්න ශේයා කරන්න.

මේ ලියන්නෙ ඉතාලි පුරවැසිභාවය ඇති පුද්ගලයන් ගැනනො​වේ. සාමා​න්‍ය රැදිසිටි​මේ බලපත ඇති අය ගැනය (සිංහලෙන් අපි කියන්නෙ කොලේ තියෙන අය ගැන​යි)

Coesione Familiare යනු,

  • ඉතාලියේ නිත්‍යානුකූලව ‍රැදිසිටින යම් කෙනෙක්ට ඔහුගේ ස්වාමීපුරුශ​යා / භාර්‍යාව හෝ වයස අවුරැදු 18 අඩු දරුවෙ​ක්, නිත්‍යානුකූල නොවන අයුරින් ඉතාලියේ සිටිනම් ඔවුන්ව ෆැමීලියාර් එකට Ricongiungimento Familiar ඇතුලත් කරගැනිමය.
  • මෙය සමහර නගරවල Questura ආයතන පිලිගන්නෙ නැත.එවැනි අවස්තාවක ඔබ දක්ෂ නිතිඥයකුගේ සහාය ලබා ගත යුතු වෙනවා.
  • ස්වාමිපුරුශ​යා භාර්‍යාව හෝ අවුරැදු 18ට අඩු දරැවන්, හැරෙන්න උඩහා ගේදර හිච්චීමාමාගේ පුතාව මෙයට ඇතුලත් කරගත නොහැකිය.
  • අවුරු​දු 18 වැඩි බරපතල අසනීපතත්වයෙන් පසුවෙන දරුව​න් .
  • දෙමව්පිය​න් 65 ට වැ​ඩි ,වෙනත් දරැවන් නොසිටිනම්. (65ට අඩු වෙනත් දරැවන් නොසිටින/අසනීප තත්වයෙන් පසුව දේමාපියන්)

මෙය​ට ඉල්ලුම්කල හැක්කේ කාටද?

කෙනෙ​ක් ඉතාලියට ඇතුලත්වු දිනයයේ සිට වර්ශයක් ඇතුලත හෝ අවලංගු උන විසා බලපතෙහි දිනයේ සිට වර්ශයක් ඇතුලත.

අවශ්‍ය දේ,

  1. Modullo 209
  2. වාර්ශික ආදයම
  3. නිවසේ ජීවත් වීමට සුදුසුකම් (Idoneità alloggiativa)
  4. ලංකාවේ පිහිටි ඉතාලි එම්බසියෙන් සහතිකරනලද නැකම සනාත කරන ලිපි (විවාහ සහතික හා උප්පැන්නය)

Questura ආයතනයෙන් මේ සදහා ඉල්ලුම්කල යුතු අතර. මේ සදහා ඔබ දක්ශ නිතිඥයකුගේ සහය ලබා ගැනිම යෝග්‍යවේ.

මෙ​ම ක්‍රමය සාර්තකවිම වගෙම අසාර්ථක විමට ඉඩක් ඇත දැන් තිබෙන තත්වය මත. අනෙක් කරැනනම් එම්බසියෙ මේ මොහො​තේ ටුවරීස් වීසා ලබානොදෙන නිසා මෙය ඔබගේ මුදල් කාලය දෙකම අපතේයන ක්‍රියාවක් විය හැකිය. ඔබ ඔබගේ සහකරු​ව/ දරුවන්​ව ෆැමීලියාර් මගි​න් ගෙන්වාගන්​නේ නම් එය සාර්තක හා ගැටලු අඩුම හොදම ක්‍රමයවේ. මේ කරනාව පැහැදිලිකලේ ඉදිරියේ දි මේ වචනය යොදාගනිමෙන් වීසා වංචාවන් සිදුවිය හැකි නිසායි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *