ගෘහ සේවය ආශ්‍රිතව රැකියාවක් කරන ඔබ ඉතාලි පුරවැසිභාවය අයදුම් කර ඇත්නම් විශේෂයෙන් මේ ගැන සැලකිලිමත් වන්න!

2016 වසරේ ඉතාලි පුරවැසිභාවය අයදුම් කළ Moldavia ජාතිකයෙකුට අද දින prefettura ආයතනයෙන් නිවේදනයක් මේල් හරහා මා හට ලැබුණා, එහි සඳහන්ව තිබුණේ 2016 වර්ෂයේ සිට මේ වන තුරුත් ඇය ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමට සුදුසු ආදායමක් නො ලබා ඇති බවයි.
ඇය හා කතා කිරීමේදී පවසා සිටියේ 2016 සිට මේ වෙන තුරුම ඇය වසරකට 12000 ආදායමක් ලබා ඇති බවයි, නමුත් 2016. වර්ශයෙ සිට ඇය 730 ගණනය කර නොතිබුණි (dichiarazione dei redditi) නීතිය පිළිබඳව මනා අවබෝධයක් තිබුණත් ඇය හිතාමතා හෝ 730 ගණනය කිරීම නොසලකා හැර තිබුණි, මේ වෙනවිට අවසාන අවුරුදු හතරේ 730 ගණනය කිරීමට හැකි නමුත්(dichiarazione di redditi tardiva) ඇයට euro 4000 පමණ දඩයක් රජයට ගෙවීමට සිදුවී ඇත,
Prefettura ආයතනය ප්රමාදවී හෝ ඇය 730 හෝ modello unico ගණනය කළහොත් ඇයට ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමට හැකි බව පවසා සිටියා, එහෙත් €4000 ක් ගෙවා ඉතාලි පුරවැසිභාවය ලග ලබාගැනීම පිළිබඳව ඇය දෙලොවක් අතර අතරමං වී සිටිනවා.!!!
ඉතින් ඔබත් ගෘහ ආශ්රිතව සේවය කරන අයෙක් නම් මේ ගැන වඩාත් අවධානයෙන් සිටීම නුවණට හුරුය.
ශිරෝමි පෙරේරා
CENTRO MIGRANTI

සාදාගැනිමට අවශය්‍ය වන දේවල්.

  • අයදුම්කරැගේ රැදිසිටිමේ බලපත
  • හැදුනුම්පත
  • කොදිචිෆිස්කාලේ
  • දැනට ඉතාලියේ පදිංච් සැමීයා/බිරිද/දරැවන්/දේමාපියන්ගේ CF
  • ලංකාවේ ඔබෙන් යැපෙන්නගේ CF හා 2021 වසර වෙනුවෙන් prefettura ආයතනය හරහා සහතික කරගත් යැපුම් සහතික.
  • 2020 වසර සදහා රැකියා එකට වඩා කර ඇති නම් ඒ සියලුම තැන් සදහා CU වෙන් වෙන්ව සුදානම් කරගත යුතුය
  • දැන් රැකියා කරන ස්තානයේ බුස්තපාග/ඉම්ස්
  • 2020 වර්සයේ domeatic රැකියා කොන්ත්‍රාතුවක් ඇතිකෙනෙක් නම් imps.
  • නිවසක් මිලදි ගත් අයෙක් නම් එහි ඔප්පුව
  • (ROGITO)
  • නිවස මිලදි ගත් බැංකුව හරහා 2020. වර්ශය සදහා ගේවු පොලිය ( interessi passivi )
  • ඔබ නිවසක් කුලියට ගත් අයෙකු නම්,
  • Agenzia dell entrate හරහා ලියාපදිංචිය කල නිවාස කොන්ත්‍රාතුව
  • නිවාස කොන්ත්‍රාතුව වසර 4න් ( 4anni +4anni)
  • කොන්ත්‍රාතුවක් වියයුතුය.
  • ෆාමසී හා රෝහල් වලට 2020 වර්ශයේ ඔබ ගේවු සියලුම බිල්පත්
  • 2020 වර්ශයේ ඔබ නිවසක මීලදි ගත්තේ නම් ඒජෙන්සියට හා ගේවු නොතරිස් ගාස්තුවල බිල්පත්
  • දරැවන්ගේ පාසල්වලට ගෙවු බිල්පත් ( spese scolastice 2020)
  • වයස අවුරැදු 5-18 දරැවන්ට ක්‍රිඩා කටයුතුවලට අදාල ගේවු ගේවීම් ( spese per
  • Pratice sportive del figli )
  • 2020වර්ශය වෙනුවෙන් ප්‍රවාහනය සදහා ( bus/metro/tram/treni ) ගෙවු මාස්පතා හෝ වාර්ශිකව ගෙවු බිල්පත් ( පවුලකට යුරෝ 250 උපරිමය )
  • 2020 වසරේ ජිවිත රක්ශන සදහා ලැබු ප්‍රතිලාභ ( premi di assicurazione vitta e infotuni )
  • පවුලේ සමාජිකයගේ මරණයක් වෙනුවෙන් ගෙවු මුදල් ( ඉතාලිය තුල )
  • සුරතල් සතුන්ගේ රෝගයන් සදහා ගෙවු බිල්පත්

සැ.යු. මෙහි සදහන් කර ඇත්තේ 730 සැදිමට අවශය්‍ය වැදගත් සාදක පමනි.වැඩි විස්තර CAF ආයතනයකින් හෝ මේ සම්බන්ද වැඩකරන ස්තානයකින් ලබාගන්න.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *