ඔබත් ඉතාලි පුරවැසිභාවය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින කෙනෙක් ද? එසේනම් ඔබ අනිවාර්යයෙන්ම කියවන්න.

ඔබත් ඉතාලි  පුරවැසිභාවය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින කෙනෙක්ද?උප්පැන්න සහතිකය හා පොලිස් නිශ්කාෂණ සහතිකය ලෙගලිස්සාරේ කරන්නේ කොහෙන්ද?

ශ්‍රී ලාංකිකයන්, ඉතාලි  පුරවැසිභාවය අයදුම් කිරීමට අවශ්‍ය ලියකියවිලි  ලංකාවේ පිහිටි  ඉතාලි තානාපති කාර්‍යාලයෙන්ම සහතික කරගත යුත්තේ ඇයි?

මිට පෙර වෙනත් ක්‍රම වලට සහතික කර ලියවිලි භාරදුනත් දැනට වසර කිහිපයක සිට ලංකාවේ පිහිටි තනාපති කාර්යාලයෙන් එය සිදුකර ගැනිම අනිවාර්යවි ඇත. උප්පැන්න සහතිකය සහ පොලිස් නිශ්කාෂණ සහතිකය ලංකාවේ විදේශ අමාත්‍යාංශයෙන් සහතික කර, ඉතාලියේ බලයලත් පරිවර්තකයෙකු ලවා පරිවර්තනය  කරගෙන, අදාල උසාවියෙන් සහතික කරගෙන පුරවැසිභාවය ඉල්ලුම් කිරීමට භාවිත කල හැකිද යන්න සමහර පුද්ගලයන් විමසනවා. පිළිතුර න​ම් හැකියාවක් නැත.

එයට හේතුව

එම ක්‍රමය වලංගු වන්නේ Convenzione dell’Aja del 5 ottobre 1965 ගිවිසුම සමග එකග වූ රටවල් වල පුරවැසියන්ට පමණක් බව.  මෙම ගිවිසුමෙහි පාර්ශවයන්වූ රටවල් වල පුරවැසියන්, ඉතාලි පුරවැසිභාවය ඉල්ලුම් කිරීමේදී, තම ලියකියවිලි  තමන්ගේ මව් රටේ පිහිටි ඉතාලි තානාපතී කාර්‍යාලයෙන් Legalizzazione (නීතිගතකිරීම) කලයුතු නැහැ. ඒ වෙනුවට  ( APOSTILLE DELL’AJA) ඒ ඒ රටවල  නීතියෙන් නිශ්චිතව දක්වා ඇති අධිකාරියක් විසින්, අදාළ රටේ නිසි බලධාරීන් විසින් නිකුත් කරන ලද සහතිකයේ මුල් පිටපතෙහි  විවරණයක් කරමින් සහතික කර දෙනවා.

 

මොකක්ද  මේ Convenzione dell’Aja del 5 ottobre 1965 කියන්නේ? ශ්‍රී ලංකාව මේ ගිවිසුමට ඇතුළත්ද?

මේ APOSTILLE AJA කියන සහතිකය තිබේනම් එම සහතික නැවතත්, තම මව් රටේ තිබෙන ඉතාලි තානාපති කාර්‍යාලයෙන් සහතික කලයුතු නැහැ. වෙනත් වචන වලින් කියනවා නම් මේ APOSTILLE කිරීම කරන්නේ LEGALIZZAZIONE  වෙනුවට  (all’abolizione della legalizzazione di atti pubblici stranieri) ඔබ කවදා හෝ ලංකාවේ  ආයතන වලින් නිකුත් කරන සහතික වල මෙම APOSTILLE කියන වචනය දැක තිබේද? නැහැ නේද? එසේ වන්නේ අපේ රට මෙම ගිවිසුමට අත්සන් කර නැති නිසයි.

තවදුරටත්  සැකයක් තිබේනම්, පුරවැසිභාවය සදහා ලියකියවිලි පිලියෙල කරගැනීමට පෙර, ඔබට අයත් PREFETTURA ආයතනයෙන් ඊ මේල් මගින් මේ පිලිබද  විමසා සහතික වන්න. නැත්නම් ඔබගේ අයදුම්පත ප්‍රතික්ෂේප වී, සිදුවන මුදල් හා කාලය නාස්තිවීම දරාගැනීම සිදුවන්නේ ඔබටමයි.

පහත තිබෙන්නේ එම ගිවිසුමට අත්සන් කල රටවල් වල ලැයිස්තුවයි.

Paesi Firmatari Della Convezione Dell’Aja

පසුව එකතු වූ රටවල්

  • TUNISIA (dal 30.03.2018, salvo obiezioni)
  • BOLIVIA (dal 07.05.2018, salvo obiezioni)

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *