| |

ඉතාලි පුරවැසිභාවය ඉල්ලුම් කිරීම.

DOCUMENTI PER OTTENERE LA CITTADINANZA ITALIANA
Articolo 9: RESIDENZA LEGALE 10 ANNI ININTERROTTI

අවුරුදු 10 ක ඉතාලියේ නොකඩවා ස්ථිර පදිංචිය හිමි ඔබ ඉතාලි පුරවැසිභාවය ඉල්ලුම් කිරීමට පිළියෙල කරගත යුතු ලියකියවිලි

Estratto atto di nascita già tradotto e legalizzato

ලංකාවේ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයෙන් සහතිකය කල උප්පැන්න සහතිකය. මෙහිදී ඔබගේ නම, වාසගම, උපන් දිනය හා උපන් ස්ථානය ඔබ ඉතාලියේ දැනට භාවිතා කරන ආකාරයටම විය යුතුය.

Certificato penale del paese di origini

(non serve a chi ha fatto ingresso prima del compimento del 14º ano di età e sufficiente allegare i certificati di frequenze scolastica relativi all’intero periodo della permanenza in Italia antecedente al compimento del 14º anno di età ) ලංකාවේ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයෙන් සහතික කල පොලිස් නිශ්කාෂණ සහතිකය. මෙම සහතිකය වලංගු වන්නේ නිකුත් කල දින සිට මාස 6කි.

අවුරුදු 14ට පෙර ඉතාලියට පැමිණි දරැවන්ට මෙම සහතිකය ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන අතර ඔවුන් අවුරැදු 14 ට පෙර ඉතාලියේ ජීවත් වූ බව පෙන්වීමට අධ්‍යාපනය ලැබූ පාසැල් වලින් එම කාලය සහතික කර ලබාගත් සහතික “Certificato Penale” වෙනුවට ඉදිරිපත් කිරීම පුමාණවත්ය.

  • Foto copia del passaporto – ගමන් බලපත්‍රය
  • Codice fiscale කෝඩිචි ෆිස්කාලය
  • permesso di soggiorno – විසීමෙ බලපත්‍රයේ ජායා පිටපත්

Conoscenza della lingua italiana ඉතාලි භාෂා දැනුම පිලිබඳ සාක්ෂි

(Permesso di soggiorno UE/Accordo integrazione/Certificazione lingua italiana B1 Quadro comune europeo di riferimento (ente Università di Roma tre, Società Dante Alighieri , Università per Stranieri di Siena e Perugia )/Titolo di studio rilasciato da un istituito di istruzione pubblico o paritario, in Italia o all’estero riconosciuto da MIUR dal MAECI

ඔබ සතුව Permesso di soggiorno -Soggiornante di lungo periodo UE හෝ ඉතාලියට පැමිණි අවස්ථාවේදී ඒකාබද්ධ ගිවිසුම අත්සන් කර එහි අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා ගෙන ඇත්නම් ඔවුන් B1 සහතිකය ඉදිරිපත් කල යුතු නැත. එසේ නැත්නම් ඉතාලි භාෂාව සම්බන්ධයෙන් B1 සහතිකය ලබා ගෙන තිබීය යුතුය.(ඉහත සදහන් කල විශ්ව විද්‍යාල හෝ අධ්‍යාපන ආයතන වලින්) , ඉතාලියේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පිලිගත් ඉතාලියේ හෝ වෙනත් රටක පිහිටි අධ්‍යාපන ආයතනයකින් ලබා ගත් අධ්‍යාපන සුදුසුකම් ( උදාහරණයක් වශයෙන් ඉතාලියේ පාසැලක මීඩියා හෝ සුපිරියෝරේ විභාගය සමත් වීම, ඉතාලියේ විශ්වවිද්‍යාලයකින් උපාධියක් හෝ පශ්චාත් උපාධික් ලබා තිබීම, ඉතාලියේ විදේශ අමාත්‍යාංශය පිලිගත් අධ්‍යාපන ආයතනයක සුදුසුකමක් තිබීම)

Situazione migratoria

(date delle entrate /uscite da e per Italia) ඉතාලියට පැමිණි පලමු දිනය සහ ඔබ ඉතාලියෙන් පිටවූ හා නැවත ඇතුල් වූ දිනයන්.

Storico Residenza

 (sufficiente autocertificazione) පසුගිය කාල පරිච්ඡේදය තුල ස්ථිර පදිංචිය පිලිබඳ වාර්තාවක්. මෙය ඔබට ඔබ පදිංචිවී සිටි නගරසභා වලින් අසා දැන ගත හැක. නැත්නම් යූරෝ 16.52 ක මුදලක් ගෙවිය යුතුය.

Stato familiare

(sufficiente autocertificazione) ඔබගේ පවුලේ වර්තමාන සංයුතිය.

Codice fiscale dei familiari 

පවුලේ සාමාජිකයන්ගේ කෝදිචෙ ෆිස්කාල

විවාහ වීමෙන් පසු තම ස්වාමි පුරුෂයාගේ වාසගම භාවිත කරන කාන්තාවන් සද​හා

Le donne che hanno acquistato il cognome del coniuge all’estero devano allegare (alla voce documento generico) un attestazione rilasciata dal consolato in Italia che certifichi le esatte generalità del richiedente: questo certificato deve essere legalizzata dalla Prefettura. Invece se si desidera mantenere il cognome del coniuge anche successivamente al conferimento della cittadinanza Italiana, è necessario allegare il certificato di matrimonio tradotto e legalizzato.

විවාහ වීමෙන් පසු තම ස්වාමි පුරුෂයාගේ වාසගම භාවිත කරන කාන්තාවන් තම උප්පැන්න සහතිකයට (13වන සංශෝධනය මගින්) වර්තමානයේ භාවිතා කරන නම ඇතුලත් නොකරන්නේ නම්, ඉතාලියේ රෝම නගරයේ තානාපති කාර්යාලයෙන් හෝ මිලානෝ පිහිටි කොන්සොලාතෝ කාර්යාලයෙන් මෙම නම් දෙකෙන්ම පෙනී සිටින්නේ එකම තැනැත්තිය බවට සහතිකයක් ලබා ගත යුතු අතර එය ඔබ පදිංචි පලාතේ Prefettura ආයතනයෙන් ලෙගලිස්සාරේ කර ගත යුතුයි.

  • එසේම එම තැනැත්තිය ඉතාලි පුරවැසිභාවය ලැබීමෙන් පසු ස්වාමියාගේ වාසගම දිගටම තබා ගැනීමට අදහස් කරන්නේ නම් Documento Generico යටතේ ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයෙන් සහතික කල විවාහ සහතිකය ඇතුලත් කල යුතුය.

Modello cu, unico e modello 730 degli ultimi tre anni

Modello cu, unico e modello 730 degli ultimi tre anni, Colf e badanti servano l’estratto conto di INPS ( Se il richiedente non possegga i redditi propri o abbia prodotto un reddito inferiore può dimostrare i redditi degli altri componenti del nucleo familiare presente nel medesimo stato di famiglia del richiedente)

පසුගිය අවුරුදු 3ක ආදායම් වාර්තා ඉදිරිපත් කල යුතුයි. ගෘහ සේවයේ නියුතු පුද්ගලයන් INPS ආයතනයෙන් ලබාගත් වාර්තාව ඉදිරිපත් කල යුතුයි. යම් ලෙසකින් ඉල්ලුම්කරැ රැකියාවක් නොකරන්නේ නම් හෝ තිබෙන ආදායම පුමාණවත් නොවන විට ඔබගේ පවුලේ සාමාජිකයෙකුගේ ආදායම ඉදිරිපත් කල හැක. එසේම ඔබ අයදුම්පත ඉදිරිපත් කරන දිනයේ සිට පුරවැසිභාවය ලැබෙන තුරැ පුමාණවත් ආදායම පවත්වාගෙන යා යුතුය. ඒ සදහා ඔබ අපොහොසත් වන්නේ නම් පුරවැසිභාවය ලැබීමට ඔබ සුදුස්සෙකු නොවෙනු ඇත. 2019 වසරේදී ඔබ ඉතාලි පුරවැසිභාවය සදහා ඉල්ලුම් කරන්නේ නම් යූරෝ 8,263.31 තිබිය යුරෝ අතර ඔබගේ බිරිඳ/ ස්වාමි පුරුෂයා සමග ඉල්ලුම් කරන්නේ නම් යූරෝ 11,362.05ක් විය යුතුයි. එසේම ඔබෙන් යැපෙන දරැවන් සිටී නම් එක දරැවෙකුට යූරෝ 516.46 බැගින් එකතු විය යුතුය.

Copia del versamento del contributo di €250

Copia del versamento del contributo di €250 da effettuare sul C/C n.809020 intestato MINISTERO INTERNO D.L.C.I- CITTADINANZA

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නමින් ගෙවූ යූරෝ 250 ක කුවිතාන්සිය

Marca da bollo da €16,00

යූරෝ 16ක වටිනාකමින් යුතු මුද්දරය

ඉහත සදහන් සියලුම සුදුසුකම් ඇත්නම් cittadinanza.dlci.interno.it/ වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වී SPID මාර්ගයෙන් ඉතාලි පුරවැසිභාවය සදහා අයදුම් කල හැක.

තවද පුරවැසිභාවය සදහා ඉල්ලුම් පත්‍රය යොමු කිරීමෙන් පසු ඔබගේ පදිංචිය ස්ථිරවම හෝ තාවකාලිකව වෙනස් කරන්නේ නම් ඔබ අයදුම්පත යොමු කල Prefettura ආයතනයට ඉතා ඉක්මනින් ලිඛිතව දැනුම් දිය යුතුය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *