|

CITTADINANZA (පුරවැසිභාවය )අවුරුදු 2 කදි?

5 stelle සහා PD පක්ෂ දෙකේ බහුතරයක් සහිත නව රජය පුරවැසිභාවය පිළිබඳ නීතිය සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට තීරණය කරලා තියෙනවා.ඒ ඉතාලියේ පාසල් අධ්‍යාපන පාඨමාලාව හා පුරවැසිභාවය සම්බන්ධ කිරීම තුලින්.

Matteo Renzi රජය යටතේ ඇණ හිටල තිබුනු, පුරවැසිභාවය පිළිබඳ නීති ප්‍රතිසංස්කරණය කිරීමේ යෝජනාව ගැන නැවත මේ යටතේ විමර්ශනයක් කෙරෙනු ඇති. විශේෂයෙන් Ius Culturae යටතේ ඉතාලියේ ඉපදී, මෙහිම අධ්‍යාපනය ලබන දරුවන්ගේ පුරවැසිභාවය ගැන මෙහිදී නැවත වරක් සමාලෝචනය කෙරෙනු ඇති.

මේ සැලකිල්ලට ගනු ලබන නව සංශෝධන යටතේ සියළුම ආකාරවල පුරවැසිභාවය පිරිනැමීම් (Residenza, Matrimonio, Ius culturae යටතේ) වසර 2කට ගෙන ඒමට නියමිතයි. legge 05/02/1992 , n91 ට අනුව පුරවැසිභාවය සම්බන්ධ අයදුම්පත් සම්බන්ධ සියළුම කටයුතු මාස 24 ක කාලයකදී අවසන් උනා. එම කාල සීමාව තුලදී අවසන් නොවුන යම් අයදුම් පතක් වූයේ නම්, එය පුරවැසිභාවය සම්බන්ධයෙන් පිලිගත් අයදුම්පතක් විදියට කලින් සැලකුනා.

ඉතාලි භූමිය තුල සංක්‍රමණිකයන්ට දාව ඉපදුනු දරුවන් සහ ඉතාලි භූමියට වයස අවුරුදු 12 පිරීමට පෙර පැමිණි සංක්‍රමණිකයන්ගේ දරුවන් Ius culturae යටතේ සැලකිල්ලට ගනු ඇත.
ඉතාලි පාසල්වල ඉගෙනුම ලබන මේ දෙකොටසේම දරුවන්ට වසර 2ක් ඇතුලත පුරවැසිභාවය පිරිනැමීමට මේ යටතේ යෝජනා කෙරෙනවා. කලකට කලින් Laura Boldrini ඉදිරිපත් කල වගන්තිම මේ යටතේ ඔහුගේ අනුප්‍රාප්තිකයෙක් වෙන Roberto Sprenza කරලියට ගෙන ඒමට බලාපොරොත්තු වෙයි. ” අපි Ius culturae ඉදිරියට ගෙන ඒමට වැඩ කරනවා. සාර්ථකව පාසල් කාලයක් නිම කිරීම සහ පුරවැසිභාවය ප්‍රදානය එකට බද්ධ කිරීමට අපි මේ යටතේ බලාපොරොත්තු වෙනවා”

මේ යටතේ ඉතාලි පාසල් පද්ධතිය තුල වසර 5ක් අධ්‍යාපනය සම්පූර්ණ කල හෝ වසර 3ක හෝ 4 ක වෘත්තීය අධ්‍යාපනයක් සම්පූර්ණ කල දරුවන්ට , පුරවැසිභාවය ප්‍රදානය කිරීමට යෝජනා කෙරෙනවා.

මේ යෝජනාවට සහාය වතිකානුවෙන් දැනටමත් පල වී තිබෙනවා.නමුත් Matteo Salvini සහ දක්ෂිණාංෂික පක්ෂ දැනටමත් මේ යෝජනාවට විරෝධය පල කරල තියෙන්නෙ. මේ ගැන අදහස් පල කරන Forza Italia පක්ෂයේ Maurizio Gasparri ” වමේ අයට ආයෙත් අවශ්‍ය වෙලා තියෙන්නෙ cittadinanza facile කියන සංකල්පය කරලියට ගේන්න. ඒක මහ විකාරයක්, දැනටමත් තියෙන නීති රීතිවලට අනුව පහසුවෙන්ම පුරවැසිභාවය ගන්න පුළුවන්කම තියෙද්දි”

Lega Nord හි සැල්වීනිට අනුව ” අපි cittadinanza facile වලට කැමති නෑ. යම් සමාජයක් සමග පිටතින් පැමිණි පිරිසක් ඒකාබද්ධ කිරීම ක්‍රියාදාමයක්.ඒක ලූනා පාර්ක් එකකට යන්න දෙන ටිකට් එකක් නෙවි.” 

මීට විරුද්ධව දැඩිව හඬ නගන අනෙත් කෙනා Giorgia Meloni  ” cittadinanza කියන්නෙ ස්වයංක්‍රීයව නොලැබිය යුතු දෙයක්. එය ඉල්ලා සිටිය යුතු, ඒ ඉල්ලා සිටීමට සුදුසු විය යුතු සහ එය ලැබුනු පසු සැමරිය යුතු දෙයක්”

කෙසේ වෙතත් Ius culturae තවමත් තියෙන්නෙ යෝජනාවක මට්ටමෙන්. මෙය පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කිරීමෙන් පසුව, සෙනෙට් සභාවෙන්ද සම්මතවී, නීතියක් බවට එලි දැකිය යුතුයි.මීට කලිනුත් වරින් වර මේ ගැන කතා උනා. ඒත් ඒ කතා ලත් තැනම ලොප් උනා. අපි බලමු වමේ ආණ්ඩුවක් යටතේ මෙවර Ius culturae නීතියක් බවට පත් වෙලා එලි දකීවිද කියලා. එහෙම නීතියක් බවට පත් උනොත් ලමයින්ට ඉතාලි පුරවැසිභාවය ගන්න තව දුරටත් අවුරුදු 18 ක් වෙන තුරු බලා සිටීමත්, ඉතාලි භූමිය තුලම ඉපිදතිබීමත් අනිවාර්‍ය වෙන්නෙ නැහැ.

සටහන
SUJITH YADDEHIGE 

Similar Posts