ඉතාලියේදි ඔබගේ රත්‍රන්,මුදල් හා වටිනා භාන්ඩ සොරුන්ගෙන් ආරක්ශා කරගැනීමට බැංකුවෙන් සේප්පුවක් ගන්නා ආකර​ය

දිනෙන් දි​න ඉතාලියේ ලාංකික නිවාස එල්ල කරමින් හොරුන්ගේ බළපෑම් වැඩි වෙමින් පවති. විවිද නගරවලින් වාර්තාවන විවිද සොරකන් නිසා නිවසේ තබාගෙන තිබූ රත්තරන්,මිළ මුදල් හා වටිනා භාන්ඩ බොහෝ දෙනෙක්ට අහිමි වී තිබෙනවා. මේ සදහා දැනට තිබෙන හොදම විසදුම තමයි බැංකුවක ආරක්ශිත සේප්පුවක් ඔබේ නමට ලබාගැනීම.

මෙම ආරක්ශිත සේප්පු ඕනෑම බැංකුවක තිබෙනවා.ඔබටත් මෙවෙනි සේප්පුවක අවශ්‍යතාවය තිබේ නම් ඔබට ලගම බැංකුවෙන් හෝ ඔබ මේ වනවිට ගනුදෙනු කරන බැංකුවෙන් ඔබට මේ සේවාව ලබාගැනීමේ හැකියාව පවතිනවා. නමුත් බොහොමයක් බැංකු වල ඔබට අවශ්‍ය ප්‍රමානයේ සේප්පු අවසන් වි තිබෙන්න පුලුවන්,එවෙනි අවසථාවක් වුවහොත් යම් දින යම් සේප්පුවක් නිදහස් වුවහොත් ඔබට ලබාදෙන්න කියා ඉල්ලීමක් කර සිටිය හැකියි.

බැංකුවට ආරක්ෂිත තැන්පතු පෙට්ටිවල අන්තර්ගතය පරීක්ෂා කළ හැකිද?

බැංකුවට තම ගනුදෙනුකරුගේ ආරක්‍ෂිත සේප්පුව​ක අන්තර්ගතය පරික්​ශා කළ නොහැක.අදාල සේප්පු​ව විවෘත කලහැක්කේ විනිසුරුවරයාගේ නියෝගයෙන් මත පමනී.එයත් සිදුවන්නේ ඔබ යම් කිසි වංචාවකට අසුවී නීතියෙන් වරදකරුවකු වන අවස්තාවකදීයි.

ආරක්ෂිත තැන්පතු පෙට්ටි ගබඩා කර ඇත්තේ කොහේද?

ආරක්ෂිත තැන්පතු පෙට්ටි සාමාන්‍යයෙන් බැංකුවේ විශේෂ කාමරවල පිහිටා ඇත.මෙයට ඇතුල් වීම සදහා විශේෂ ආරක්ශිත ක්‍රම බැංකුව විසින්ද අනුගමනය කරයි.

ආරක්ෂිත තැන්පතු පෙට්ටිය සඳහා බැංකුවේ වගකීම

බැංකුව තුල ගිනිගැනීමක්, ගංවතුර ආපදාවක් හෝ සොර සතුරුන් නිසා ඇතිවන ප්‍රශ්නයක් නිසා ඔබගේ සෙප්පුවේ තිබු වත්කම් වලට හානියක් සිදුවුවහොත් ඔවුන් ඒ සදහා යම් වන්දි මුදලක් ගෙවීම් කරන්වා. නමුත් එය 100% ක් නොවෙයි. ඔබට මෙය 100% ක් ලබාගැනීමට නම් ඔබගේ සේප්පුවේ තිබෙන දේවල් ඔවුන්ට අනාවරනය කර එය රක්ශනයක්ද කල හැකිවේ.
මේ කෙසේ වෙතත් ඉහත කරනු වෙන්න තියෙන සම්භාවිතාව නම් 0.0001% ක් වගේ.

සේප්පුව විවෘත කිරීම

ඔබට සේප්පුව විවෘත කිරීමේ බලය තවත් පුද්ගලයෙකුටද පැවරීමේ හැකියාවක් තිබෙනවා, උදාහරනයක් ලෙස තම සහකරු හෝ සහකාරිය, අවුරුදු 18 ට වැඩි දරුවන්.
මෙහිදි බැංකුව විවෘතව පවතින ඕනෑම මොහොතක ඔබට ඔබගේ සේප්පුව විවෘත කර එයට යම් යම් දේ දැමීමටත් එයින් ඔබට අවශ්‍ය දේ රගෙන යාමටත් හැකියාව පවතිනවා.

ඔබ සේප්පුවක් විවෘත කිරීමේදි එක යතුරක් ඔබට ලබාදෙන අතර අනෙක් යතුර බැංකුව සතුව තබාගනි. ඔබ මේ සේප්පුවක බලය තවත් කෙනෙකුට පැවරූවත් තවත් අමතර යතුරක් නම් දෙන්නේ නෑ.
සැම විටම මෙම සේප්පුව​ක් විවෘත කිරීමට අදාල යතුරු දෙකම අවශ්‍ය වනවා.එක යතුරකින් කිසිදිනක විවෘත කල නොහැක.එම නිසා බැංකුවේ වැඩ කරන කෙනෙක්ට ඔබේ සේප්පුවේ තිබෙන දෙයක් හොරකන් කරන්නත් බෑ.

මෙහි පිරිවැය.

ඔබ ලබාගන්නා සේප්පුවේ ප්‍රමානය අනුව මෙය තීරනය වේ. වාර්ශිකව යූරෝ 50 සිට යූරෝ 200 වන තෙක්ම විවිද ප්‍රමානයන්ගෙන් සේප්පු තිබෙනවා. රත්තරන් භාන්ඩ වටිනා ඔරලෝසු, යුරෝ 50 කොල 5000 ක් පමන දාන්න අදහසක් තිබේ නම් පොඩිම එක හොදටම ප්‍රමානවත්.

මොනවද මෙහි තැන්පත් කරන්න පුලුවන්.

  • වැදගත් ලියකියවිලි
  • රත්තර​න් බාර්
  • ඡායාරූප
  • ස්වර්ණාභරණ
  • දුර්ලභ කාසි
  • දුර්ලභ එකතු කිරීම්
  • වාහන වල ලේඛ​න
  • ඔප්පු තිරප්​පු
  • කොටස් සහතික හෝ වෙනත් සුරැකුම්පත්
  • මුද​ල්
  • මැණික් වර්ග
  • වටිනා ඔරලෝ​සු

මෙහි චායාරූප කිහිපයක්

Similar Posts