Prenota Online මගින් දිනයක් වෙන්කර ගැනීම.

බොහෝ දෙනෙක් මේ දිනවල මුහුන පාලා ඉන්න පුශ්නයක් තමයි, Ambasciata di Italia a Colombo හි prenotaonline.esteri.it හි Prenota Online මගින් දිනයක් වෙන්කර ගන්නේ කොහොමද කියන එක.
මෙහිදී අප මතක තබා ගත යුතු කාරණයක් වන්නේ ලාංකිකයන් වන අප දින වෙන්කර ගත යුත්තේ කොලඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයට අයත් Prenota online ලින්ක් එක හරහායි. එසේ නැතිව වෙනත් රට වල පිහිටි ඉතාලි තානාපති කාර්යාල වලින් නෙමෙයි.

එසේම මතක තබා ගත යුතු අනික් කාරණය නම්, ඔබ මොන අංශයෙන්ද මෙම දිනය වෙන් කර ගත යුත්තේ කියලා,
මෙම ඡායාරූපයේ පෙනෙන පරිදි,

01. Legalization office

ලාංකික ඔබට ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීම, ෆැමිලියාරේ සදහා ඉදිරිපත් කිරීමට අවශ්‍ය ලියකියවිලි සහතික කර ගැනීම, ඉතාලියේ වෙනත් ආයතනයකට (කුස්තුරා) ඉදිරිපත් කිරීමට ලියකියවිලි සහතික කර ගැනීමට මෙම පලමු (1) අංකයෙන් දිනයක් වෙන්කරගන්න.

02. Vital Records AIRE Office

මෙම අංශය වෙන්ව ඇත්තේ ඉතාලි පුරවැසියන්ටයි. ලංකාවේ ජීවත්වන ඉතාලි පුරවැසියන්ට ඔවුන්ගේ සහතික ( Civil records) ඉතාලියේ අදාල ආයතන (Comune) වලට ඉදිරිපත් කිරීමට මෙම අංශයෙන් දින වෙන් කර ගත යුතුයි.

03. Passport Office

මෙම අංශයත් වෙන්ව ඇත්තේ ඉතාලි ජාතිකයන්ගේ ගමන්බලපත්‍ර අවශ්‍යතා සදහායි.

04. Notary Office

ඉතාලි ජාතිකයන්ගෙන් නීතීමය ලියවිලි සහතික කිරීමට, අත්සන් සහතික කිරීමට මෙම අංශය වෙන්ව පවතී.

කරැණාකර මෙහි ඇති කරැණු ඉතා අවධානයෙන් කියවා තේරැමි ගෙන ඔබට ඉතාලි පුරවැසිභාවය නොමැති නම් සැම විටම Legalization office යන අංශයට ඇතුල් වී දිනයක් වෙන්කරගන්න. එසේ නැත්නම් ඔබ ලියකියවිලි සැදීම සදහා දරන විශාල වියදම අපතේ දැමීමක් වනු ඇත. අදාල නොවන අංශයක දිනයක් ලබා ගැනීමෙන් එම දිනයට ඔබ ඉදිරිපත් වුවත් VFS ආයතනය ඔබගේ ලියකියවිලි බාර නොගන්නවා සේම, නැවත දිනයක් වෙන්කර ගැනීමට සෑහෙන කලක් ගත වනු ඇත.

Similar Posts