2022 වසරේ ඔබට ඉතාලියෙ​න් ලබා ගන්න පුලුවන් දීමනා මොනවාද?

2022 වර්ෂයේ අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන සහන පිලිබදව මේ ලිපියෙන් කතාකරන්නෙ. හැබැයි මේ සහන ලබා ගන්න ඔබ ISEE එක සාදාතිබීම අනිවාර්යයි.

Assegno Unico

මීට පෙර තිබුනු Assegno Nucleo Familiare, Bonus bebè සහ Bonus Mamma වෙනුවෙන් අලුතෙන්ම හදුන්වා දුන් දීමනාව තමා Assegno unico කියන්නෙ. මේක ඉතාලියේ ජීවත් වෙන සහ අධ්‍යාපනය ලබන වයස 21 දක්වා දරුවන්ට ලබාදෙනව. ඔබේ Isee අගය, දරුවන් සංඛ්‍යාව සහ දරුවන්ගේ Invalidità මත මෙහි අගය වෙනස් වෙයි.වයස 21 වැඩි දරුවන් සහ දරුවන් නොමැති අයට බිරිඳ හෝ සැමියා වෙනුවෙන් මෙය ඉල්ලන්න පුලුවන් .inps වෙබ් අඩවියෙන් spid එක මගින් ඔබේ දොමන්දා එක ජුනි 30 පෙර යොමු කිරීමෙන් මුලු වර්ශයේම මුදල් ලබාගත හැකි අතර ඉන්පසු ගෙවනු ලබන්නේ යොමු කරන මාසයේ සිට පමනය.

Maternità Comunale

රැකියාවක් නොකරන ගර්භණී මව්වරුන්ට ලබාදෙන දීමනාවකි. දරුවා ඉපදී මාස 6 ඇතුලත Inps වෙබ් අඩවියෙන් අයදුම් කල යුතුය. යූරෝ 1773,65 දක්වා මුදලක් ඔබට ලබාගන්න පුලුවන්.

Bonus Sociale (luce /gas)

මෙම වර්ෂයේ සිට Isse අගය 12000 දක්වා වන පවුල් වලට මෙම සහනය ලැබේ. ඔබේ බිල්පත් වලට මෙම සහන දීමනාව ලබාදෙන අතර Domanda දැමීමට අවශ්‍ය නැත.

Bonus Nido

වයස අවුරුදු 3 දක්වා වයසේ දරුවන් සිටින දෙමව්පියන්ට ලබාදෙන දීමනාවකි.පෙරපාසල් ගාස්තු ගෙවීම සඳහා මෙය ලබාදෙයි.

Bonus Casa Under 36

වයස අවුරුදු 36 අඩු අයට නිවසක් මිලට ගැනීමට ලබාදී ඇති සහනයකි. නිවසේ මිල යූරෝ 250000 අඩුවිය යුතු අතර මිලට ගන්නා ප්‍රථම නිවසද විය යුතුය. ISEE අගයද 45000 වඩා අඩු විය යුතුය. ඔබ රජයට ගෙවිය යු​තු බදු මුදල් වලින් ඔබව නිදහස් කරන අතර රජය ඇපකරු ලෙස පෙනීසිටී.

Bonus psicologo

ඔබත් මානසික පීඩනයකින් පෙලෙන්නේද?ඔබටත් දැන් යූරෝ 600 දක්වා මුදලක් ඔබේ visita psicologa වෙනුවෙන් ලබා ගන්න පුලුවන්.

Carta acquisti

මෙය වයසක් අවුරුදු 3 දක්වා දරුවන් සිටින දෙමව්පියන්ට සහ වයස 65 වැඩි අයට ලබා ගන්න පුලුවන් .මාස 2 කට වරක් යූරෝ 80 බැගින් කාඩ්පතට බැර කරන අතර මෙය super market,farmacia ගෙවීම් සඳහා පාවිච්චි කරන්න පුලුවන්.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *