|

Bonus Vacanze

නම කියූ පමනින්ම අපිට ලැබෙන දීමනාවක් කියලා බොහෝ දෙනෙක්ට හිතෙන්න පුලුවන්.මේ නිසාම බොහෝ දෙනෙකු වැරදි වැටහීමක සිට මේ සදහා ඉල්ලුම් කිරීමට පෙලබිලා තිබෙනවා. අපි බලමු මෙය ක්‍රියාත්මක වන ආකාරය ගැන.

මේ Bonus Vacanze 2020 ජූලි 01 වනදා සිට දෙසැම්බර් 31 දක්වා පමනක් වලංගු වේ. මේ සදහා අයදුම් කිරීමට අවශ්‍ය වන පලවන කරුන වන්නේ ඔබගේ Isee අගය​යි. මෙය 40000 කට වඩා අඩුවිය යුතුයි. කෙසේ වෙතත් මේ සදහා අයදුම් කරන බහුතරයක් නිවාඩු සදහා නිවාඩු නිකේතන, හොටෙල් වෙන් කරවා ගන්න අය නොවෙයි.බහුතරයක් නොදැනුවත් කම නිසා හා රැල්ලට මේ සදහා අයදුම් කිරීමය පෙලබිලා තිබෙන්නේ.ඒ නිසා ඔබ යම් කිසි ඒජන්සියකින් මුදලක් දීලා මේ සදහා අයදුම් කරනවා නම් දෙවරක් හිතන්න.

ඒ වගේම කිවයුතු වැදගත්ම දේ වන්නේ ඉතාලිය තුල සියලුම නිවාඩු නිකේතන,හොටෙල් මේ සදහා කැමැත්තක් දක්වා නැහැ.එයට හේතුව වශයෙන් ඔවුන් පවසන්නේ මේ අකාරයට යම් පුද්ගලයෙකු ගෙවීමක් කලහොත් ඔවුන්ට එම මුදල ලැබීමට සෑහෙන කාලයක් ගතවීමයි.ඒ නිසා ඔබ යම් නිවාඩු නිකේතනයක්,හොටෙල් එකක් වෙන්කරවා ගන්නේ නම් මුලින්ම මේ බෝනස් එක මගින් ගෙවී​ම් කලහැකිද යන්න විමසන්න.

ඔබගේ ISEE අගය 40000 ට වඩා අඩු නම් මෙම බෝනස් එක මගින්

සමාජිකයන් ගන​නලැබෙන මුද​ල
පවුලේ එක් සාමාජිකයෙකුට යූරෝ 150
පවුලේ සමාජිකයින් දෙදෙනෙකු න​ම්යූරෝ 300
පවුලේ සමාජිකයින් තිදෙනෙකු හෝ ඊට වැඩි න​ම්යූරෝ 500

මුදලක් ලබගැනීමට හැකියාවක් තිබෙනවා.නමුත් ඔබ මේ සදහා ඉල්ලුම් කල පමනින් ඔබගේ බැංකු ගිනුමට හෝ මේ මුදල අතට ලබගැනීමේ හැකියාවක් නොමැත. මේ මුදල ඔබ විසින් යම් නිවාඩු නිකේතනයක්, හොටෙල් එකක කාමරයක් වෙන් කරවා ගැනීමේදී වට්ටමක් විදියටයි මේ මුදල අඩුවෙන්නේ.

උදාහරන:- Agenzia delle Entrate පවසන පරිදි තනි පුද්ගලයෙකුට Bonus Vacanza අයදුම් කල විට ලැබෙන මුදල යූරෝ 150 කි. නමුත් සත්‍ය වශයෙන්ම ඔබට අදාල හොටෙල් එකට හෝ නිවාඩු නිකේතනයට ගෙවීම් කරනවි​ට ඔබට වෙන්කර තිබෙන මුදලි​න් අඩුකල හැකිවන්නේ 80%ක මුදලක් පමනයි.ඉතුරු 20% ඔබ ඔබ 730 අයදුම් කල විට ඔබේ ගිනුමට ලැබෙනවා.

පුද්ගලයන් අනුව ඔබට වෙන් වන මුද​ල

පුද්ගලයන් ගන​නඔබට ගෙවිය හැකි මුදල 80%ඔබ 730 සාදන විට ඔබට ලැබෙන මුද​ල
පවුලේ එක් සාමාජිකයෙකුට12030
පවුලේ සමාජිකයින් දෙදෙනෙකු න​ම්24060
සමාජිකයින් තිදෙනෙකු හෝ ඊට වැඩි න​ම්400100

මේ සදහා අයදුම් කරන්නේ කොහොමද?

මෙය අයදුම් කිරීමට නම් SPID එක අවශ්‍ය වනවා.ඒ වගේම ඔබ පසුගිය වර්ශය සදහා ISEE එක හදලා එහි අගය 40000 ට අඩු විය යුතුයි. මේ සුදුසුකම් තිබේ නම් පහත ලින්ක් එකෙන් වෙබ් අඩවියට ලොග් වෙලා ලියාපදිංචි වීමේ හැකියාව තිබෙනවා.

මීට අමතරව ඔවුන් විසින් දුරකතනයට app එකකුත් හදුන්වා දී තිබෙනවා.ඔබ ලියාපදිංචී පසුව දුරකතනයේ QR කෝඩ් එක මගින් මේ ගෙවීම් කරන්නත් පුලුවන්.අපි බලමු මෙහි ලියාපදිංචි වන්නේ කොහොමද කියලා.

ඔබට තිබෙනෙ Android පහසුකම සහිත දුරකතනයක් නම් පහත ලින්ක් එකෙන් App එක දුරකතනයට ස්තාපනය කරගන්න.

https://play.google.com/store/apps/details?id=it.pagopa.io.app

ඔබට තිබෙනෙ IOS පහසුකම සහිත දුරකතනයක් නම් පහත ලින්ක් එකෙන් App එක දුරකතනයට ස්තාපනය කරගන්න.

https://apps.apple.com/it/app/io/id1501681835

බොහෝ දෙනෙක්ට ගැටලුවක් වෙලා තිබු​නා Bonus Vacanze මගින් ලැබෙන මුදල පිලිගනු ලබන හොටෙල් මොනවද කියලා හොයාගන්නේ කොහොමද කියලා. ඔබට පහත ලින්ක් එකෙන් එම හෝට​ල් මොනවද යන්න ඔබට සොයාගැනීම​ට හැකියාවක් තිබෙනවා.

https://www.bed-and-breakfast.it/bonus-vacanze

Similar Posts