|

පොදු ප්‍රාවහනය බාවිතා කරන ඔබට ලැබෙන අලුත්ම බෝනස් එකට අයදුම් කරන ආකරය.

වැඩිවෙන ජීවන වියදමත් එක්ක ඉතාලියේ ජීවත් වන ඔබට අලුතෙන්ම ලැබෙන බෝනස් එක තමා පොදු ප්‍රවාහන සේවා වල Abbonamento සඳහා ලබාදෙන බෝනස් දීමනාව.

මෙය ලබා ගැනීම සඳහා ප්‍රධානම සුදුසුකම වෙන්නෙ ඔබේ 2021 ආදායම වාර්ෂිකව ‍යූරෝ 35000 වඩා අඩුවීම. (Reddito lordo annuale euro 35000) ඊට අමතරව වෙබ් අඩවියට පිවිසීම සඳහා SPID හෝ CIE පහසුකම් අනිවාර්යයි.

ලබාදෙන උපරිම මුදල යූරෝ 60 වන අතර මෙය මාසිකව හෝ වාර්ෂිකව ඔබේ Abbonamento එකට ගෙවීම් සඳහා යොදාගන්න පුලුවන්.
2022 සැප්තැම්බර් 1 සිට https://www.bonustrasporti.lavoro.gov.it/ මෙම වෙබ් අඩ්වියට පිවිසීමෙන් ඔබට මෙම බෝනස් එක අයදුම් කරන්න පුලුවන්. වයස 18 අඩු දරුවන් සඳහා මෙය අයදුම් කිරීමට මව්පියන්ගේ SPID එක හෝ CIE එක යොදාගත යුතුයි.

ඔන්න හැමදාමත් වගේ ඉතාලියේ අපි සංවිධානයෙ​ අපෙ​න් ඔබට මෙය අයදුම් කරන ආකාරය ගැන. මේවගේ දේවල් ලියන්න හදන්න සෑහෙන වෙලාවක් යන්වා… ඒ නිසා ශෙයා කරලා සහයෝගය ලබා දෙන්න.

මේ අවස්තාවේ ඔබෙන් යැපෙන කුඩා දරුවන් සිටිනවා නම් ඔවුන්ගේ විස්තර ඇතුලත් කරන්න.

දරුවන් නොමැති නම් මේ ටික් මාර්ක් එක දාන්න.

මෙතන ඔබගේ ප්‍රදේශයට අදාල සේවා සපයන ආයතනය ගැන දෙන්න ඕනා. මම ඉන්න ප්‍රදේශයට අදාල වෙන්නෙ trenord ඒක නිසා ඔයලා ඒක දාන්න එපා.හරි එක තෝරලා දාන්න.

මේක කොහොමද ලැබෙන්නේ කියන එක ගැන ඉදිරියේදි දැනුම් දෙන්නම්.ඉක්මනින් අයදුම් කරන්න වෙන් කල මුදල ඉවර වුනාට පස්සේ අයදුම්කලාට ලැබෙන්නේ නෑ.

Similar Posts