Bonus Colf e Badante

covid 19 තත්වය නිසා අපහසුතාවයන්ට පත්වූ අය සදහා ඉතාලි රජය විසින් විවිද දීමනාවන් ලබාදී තිබුනා. මේ දීමනා ලබාදීමේ තවත් පියවරක් වශයෙන් තමයි මේ Colf e Badante රැකියාවන් කරන අය සදහා දීමනාව ලබාදෙන්නේ. අපි බලමු මෙය ඉල්ලීමට අවශය සුදුසුකම් මොනවද කියලා.

  1. 2020 පෙබරවාරි 20 මස 23 වන දිනට පෙර ගෘහ සේවයේ හෝ බදාන්ත රැකියාවක රැකියා ගිවිසුමක් තිබී​ම.
  2. එය සතියකට පැය 10 කට වඩා වැඩි රැකියා ගිවිසුමක් වීම.
  3. සේවායෝජකයා සමග ජීවත් නොවිය යුතුය. ( වැඩ කරන ගෙදරම නැවතිලා වැඩකරන අය සදහා ඉල්ලීමට බැහැ)
  4. Colf ​හෝ Badante රැකියා ගිවිසුමට අමතරව වෙනත් රැකියා ගිවිසුමක් නොතිබිය යුතුයි.( ගිවිසුම් දෙක , තුන තියෙන අයට බෑ)
  5. disoccupazione සදහා මුදල් ලබනොගන්න කෙනෙක් විය යුතුවේ.

ඉහත සදහන් සුදුසුකම් සපුරා තිබේ නම් ඔබටත් මේ සදහා ඉල්ලුම් කල හැකිවේ. ඒ වගේම ඔබ තනිවම මේ සදහා ඉල්ලුම් කරන්වානම්

  • spid
  • inps Pin
  • CIE
  • CNS

යන දේවල් වලින් එකක් තිබේ නම් ඉල්ලුම් කලහැකිවේ.මේ වන විට බොහෝදෙනෙක්ට SPID එක තිබෙන නිසා ඒ හරහා යන එක ගොඩාක් ලේසි.අපි අද ඔබට කියලා දෙන්නේ SPID එක හරහා ඉල්ලුම් කරන ආකාරයයි.

පලමුව INPS වෙබ් අඩවියට ප්‍රවේශවන්න

මෙතනින් SPID කියන එක තෝරලා Acedi දෙන්​න
මේවගේ එකක් ලැබෙයි එවිට. සර්ච් කරන්න තිබෙන තැන Indennita කියලා ටයිප් කරන්න. එවිට එන දෙවෙ​නි එකේ තිබෙනවා Indennita covid 19 lavoro domastici කියන එක තෝරන්​න.
ඔබ SPID එක හරලා ලොග් වන නිසා නැවත ඔබේ විස්තර පිරවීමට අවශ්‍ය නැහැ.විස්තර ඔක්කොම පිරවිලා එන්නේ. Avanti
මෙකේ තියෙන ආකාරයට හැම බොක්ස් එකකටම හරි ලකුන යොදලා Avanti
මෙතනදී ඔබේ බැංකු ගිනුමේ පිලිබද විස්ත​ර ඇතුලත් කරන්න තිබෙන්​නේ. ඒ නිසා අදාල තීරු​ව නිවැරදිව ඇතුලත් කරන්න.

මම තේරුවේ CC Bancario කියන එක. ඒක තෝරපුවම ඔබේ බැංකු ගිනුම් ​අංකය ඇතුල් කරන්න ඕනා.ඔතන්ට ගහන්න ඕනා බැංකුවෙන් දෙන බැංකු කාඩ් එකේ නම්බර් එක නෙමෙයි. ඔබ බැංකුවෙන් ගිනුමක් ආරම්භකරන විට ටිකක් දිග නම්බර් එකක් දීලා තියෙනවා ඒකයි ඇතුල්කරන්න ඕනා.ඒකේ ඇංක පටන් ගන්නේ IT කියලා ඉලක්කම් වලින්.මේ නිසා ඒ සියලුම අංක හරියට බලලා ඇතුල් කරන්න.
හරිය දැම්මා AVANTI
නැවතත් ඔබේ විස්තර ටික එනවා.හරිද කියලා බලල Presenta Domanda ඔබන්න

ok

salva
මේවගේ කොලයක් ලැබෙයි.කැමතිනම් ප්‍රින්ට් කරලා තියාගන්න..
මෙකෙන් ඔබ දොමන්දා දාපු විස්තර බලන්න පුලුවන්..

මේකේ දොමන්දා එක දාපු ගමන් සල්ලි හම්බෙන්නෙ නම් නෑ කාලයක් නම් යනවා.ඒ නිසා පොඩ්ඩක් ඉවසලා ඉන්න..

Similar Posts