Bonus Asilo Nido

පසුගිය අවුරුද්දේ ඔබට අප විසින් මතක් කලා 2020 කියන්නේ අලුතෙන් හදුන්වා දුන් හා තිබුන බෝනස් වැඩිවෙන අවුරුද්දක් කියලා.අපි බලමු මේ බෝනස් එක මොකක්ද කියලා. මේක ලබාගන්න නම් ඔබට දරුවන් සිටිය යුතුයි.ඒ වගේම ඒ අය පෙරපාසල් නොහොත් Asilo Nido යන අය විය යුතුයි. මෙය යූරෝ 3000 ක් දක්වා උපරිමයකට යටත්ව ලබාගත හැකියි.

මෙම මුදල ලබාදෙනුයේ INPS ආයතනෙයේ මැදිහත්වීම මගිනුයි. සලකාබලන පවුලේ ISEE අගය මත ඔබට ලැබෙන මුදල තීරනය වෙයි.එය අවමය යූරෝ 1500 ක් වන අතර උපරිමය යූරෝ 3000 ක් වෙයි.

මෙය ඔබගේ ISEE අගය මත ලබෙන්නේ කොහොමද?

ඔබගේ පවුලේ ISEE අගය

  • යූරෝ 25.000 ට අඩු අය සදහා යූරෝ 3000
  • යූරෝ 25.001 සි​ට 40.000 යූරෝ 2500
  • යූරෝ 40.000 ට වැඩි අය සදහා යූරෝ 1500

මෙම දීමනාව ලබාගැනීමට අනිවාර්යයෙන්ම ISEE ආකෘති පත මූලික වනු ලැබේ.යම් කිසි පුද්ගලයෙක් මෙම දීමනාව ලබාගැනීමට ISEE සහතිකය නොමැතිව මේ සදහා ඉල්ලුම් කරන්නේ නම් ආදායම යූරෝ 40.000 ට වැඩි පපුද්ගලයෙකු සේ සලකා යූරෝ 1500 ක මුදල ලබාගත හැකියි.

ඔබගේ පවුලේ පහත සදහන් ISEE අගයන් තිබ්බත් දරුවන් පෙරපාසල් පැමිනීම මත ලැබෙන අගය තීරනවෙන්නවා.එම නිසා ඔබ පහත ආදායම් ලැබීමට සුදුස්සෙක් වුවත් ලමුන්ගේ පැමිනිම මත ඔබට වසර අවසානයේ ලැබෙන මුදල තීරනය වෙන්න පුලුවන්.

2020 bonus asili nido ප්‍රසාද දීමනාව සඳහා ඉල්ලුම් කිරීමේ ක්‍රියා පටිපාටිය

Bonus Asili Nido ඉතාලියේ නිත්‍යානුකූලව රැදි සිටින විදේශීකයන්ට ද ඉල්ලුම් කල හැකිය. එයින් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා, inps ඉලෙක්ට්‍රොනික නාලිකා හරහා මාර්ගගත අයදුම්පතක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ ( spid,inps pin)
2020 Bonus Asili Nido අයදුම්පතේ සඳහන් කළ යුතු වැදගත් විස්තරයක් වන්නේ ඔබ මුදල් ආපසු ලබා ගැනීමට අදහස් කරන මාස පිළිබඳවය (පසුව ඔබට ඉල්ලීමෙහි දක්වා නොමැති මාස ගණනක් ආපසු ගෙවීමක් ඉල්ලා සිටීමට අවශ්‍ය නම්, ඔබ නව අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය).

පහත මූලික තොරතුරු කිහිපයක් තිබිය යුතුය

  • la denominazione e la Partita IVA dell’asilo nido නම සහ බදු අංකය
  • il Codice Fiscale del minore බාලවයස් කරැගේ කොඩිචීෆිස්කාලේ නම්බරය
  • il mese di riferimento ලැබිය යුතු මාසය
  • gli estremi del pagamento. ගෙවිම් විස්තරය
  • il nominativo del genitore che sostiene l’onere della retta. Inps අඩවියෙ ඇති විදියට දෙමාපියන්ගේ නම

ඔබට මේ සදහා PIN, SPID හරහා කෙලින්ම ප්‍රවේශ විය හැකිය.නැතිනම් inps ආයතනයේ දුරකතන අංකය අමතා හෝ
Patronato හරහා මේ ඉල්ලුම්පත යොමුකල හැකිය.

ඔබ විසින් සෑ​ම මාසයකම පාසලට ඇතුළත් කර ගැනීම හා පැමිණීම සඳහා වැයවන වියදම්වලට අදාළ ලිපි ලේඛන INPS වෙත යැවිය යුතුය. අංක 4464 හෝ inps ඇප් එක මගින් එය ඔබට ඔවුන්කරා යොමුකර හැකිය.

පාසලට සහභාගි විය නොහැකි බරපතල නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන් සඳහා යුරෝ 1,500 සි​ට 3,000 දක්වා මුදලක් ගෙවනු ලබයි.මේ සදහා අවශය මෙඩිකල් රිපෝ​ට් ඔවුන්ට ලබා දිය යුතුය.

Similar Posts