|

ඔබෙන් ලංකාවේ යැපෙන්න​න් වෙනුවෙ​න් යැපීම් සහතිකය සාදාගෙ​න මුදල් ලබාගැනීම.

යැපෙන්නන් වශයෙන් ගනන්ගනු ලබන්නේ කාවද?

  • දරුව​න්
  • භාර්යාව හෝ ස්වාමි පුරුශයා
  • දෙමව්පියන්

ලංකාවේ සිටින පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කීපදෙනෙක් ඔබගෙන් යැපෙන බව සනාත කර ඉතාලියට ඉදිරිපත් කරන්නේ කොහොමද?

  • මුලින්ම ආදාල ප්‍රදේශයේ ග්‍රාම නිලදා​රි තුමාගෙන්,යැපුම් සහතිකය ලබා ගැනිම. B4 ෆෝම් එක කියලයි ඒකට කියන්නෙ.
  • එය අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ​න් සහතික කර ගැනිම.
  • English භාෂාවට පරිවර්තනය කර ගෙන, අවශ්‍ය අනිකුත් ලියකියවිලි සමග,විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ගොස් සහතික කර ගත යුතුය.
  • එය ඉතාලියට ගෙන්වාගෙන, ශ්‍රී ලංකා එම්බසියට (කොන්සියුලර්) ,අදාල අනිකුත් ලියකියවිලි සමග ගොස් ඉතා​ලි භාෂාවට පරිවර්තනය කර සහතික කර ගත යුතුය.
  • එය අදාල ප්‍රදේශයේ prefettura ආයතනය මගින් සහතික කර ගත යුතුය.
  • ඉන් පසු එය Agenzia della entrata එකට ඉදිරිපත් කර හෝ caf ආයතනයක් මාර්ගයෙන් codice fiscale සකසා ගත හැකිය.

යැපීම් සහතිකය හැදූවාම සල්ලි ලැබෙන්නේ කොහොමද?

මුදල් ලබාගත හැක්කේ 730 හැදීමෙන් පසුවයි. ඔබගේ ආදායම මත ඉතාලියට බදුගෙවන පුද්ගලයෙක් නම් යැපීම් සහතිකය ලබා ගැනීම මගින් ගෙවිය යුතු බදු මුදල අඩු කරගැනීමට හෝ සම්පූර්නයෙන්ම ඉවත් කිරීමටත් හැකියාව පවතිනවා.

730 කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිනම් මේ ලිපිය බලන්න.

730
https://italiyeapi.com/730-2/

Similar Posts