|

උසාවියෙන් නිවසක් මිලදී ගැනීම හෙවත් Asta Giudiziaria මගින් දේපලක් මිලදී ගැනීම.

ඉතාලියේ ජීවත්වන බොහෝ දෙනෙක්ට රැකියා ප්‍රශ්නයට අමතරව ඇතිවන අනෙකුත් ප්‍රශ්නය තමයි කුලියට නිවසක් මිලදී ගැනීම හෝ තමන්ටම කියා නිවසක් මිලදී ගැනීම. මේ වකවානුව වන විට කුලියට නිවසක් ගන්න එක නම් කරන්නම අමාරුම දෙයක් වෙලා තිබෙන්නේ.මෙයට ප්‍රදානම හේතුව වෙලා තිබෙන්නේ කුලියට නිවසක් ගන්න අය අදාල වාරික ගෙවීම පැහැරහැරීමයි.

අද සිට ලිපි කිහිපයකින් ඔබව අපි දැනුවත්කරන්න යන්නේ උසාවියෙන් වෙන්දේසිකරන නිවසක් මිලදී ගන්නා ආකරය ගැන​යිඋසාවියෙන් වෙන්දේසිකරන දේපල ගැන දැන ගන්න ඕනා දේවල් බොහෝමයක් තිබෙන නිසා කොටස් කීපයකින් ලියන්න තීරනය කලා.ඒ නිසා අවසාන කොටස වෙනකන් හොදින් කියවන්න…

අද Asta ​Giudiziaria කියන්නේ මොකක්ද කියලා දැනගමු.

  1. Asta mobiliare
  2. Asta Imobiliare

There is 1 issue from AMP validation.Remove Block

ගොඩාක් අය හිතාගෙන ඉන්නේ Asta ​Giudiziaria වලින් වෙන්දේසි කරන්නේ ගෙවල් විතරයි කියලා. මෙහිදී නිවෙස් වලට අමතර නිශ්චල හා චංචල දේපලත් ඔවුන් වෙන්දේසි කරනු ලබනවා. ඔලුව පාවිච්චි කලා නම් අතේ පොඩි මුදලකුත් තිබෙන​වා නම් Asta ​Giudiziaria මගින් වෙන්දේසි කරන බඩු වෙන්දේසියෙන් මිලට ගෙන නැවත විකුනලා තමන්ගේ ආදායම වැඩිකරගන්න පුලුවන්.නමුත් මේ දේ දවසින් දෙකකින්,මාසයකෛන් කරන්න අමාරුයි.කාලයක් මේ සදහා මුදල් යටකරන්න නම් වෙනවා.

එහෙනම් වෙන්දේසි වෙන ක්‍රමය අනුව ඔවුන් වර්ග කරන විදිය බලමු…

01. Asta mobiliare (ගෘහ භාන්ඩ වෙන්දේසිය) මේ යටතට

  • මෝටර් වාහන
  • කාර්
  • ‍යතුරුපැදි
  • එන්ජින්
  • බෝට්ටු
  • ගෘහ භාන්ඩ
  • පරිගනක
  • දැව වර්ග
  • ස්වර්නාභරන
  • ඇදුම් පැලදුම් …… වගේ දේවල් අයිති වෙනවා.

02. Asta Imobiliare දේපල වෙන්දේසිය

  • නිවාස
  • හෝටල්
  • නැවාතැන්
  • මහල් නිවාස
  • සමාගම්
  • ගොවිපලවල්
  • ගබඩාවන්
  • ගරාජ්
  • සාප්පු සංකීර්නයන් වගේ දේවල් අයිති වනවා.

දෙවෙනි කොටස බලාපොරොත්තුවන්න….

Similar Posts