Assegno Unico මුදල් ලැබුනද?

2022 ජනවාරි හා පෙබරවාරි මාසයන් ඇතුළත Assegno Unico e Universale ai Figli සද​හා ඉල්ලුම් පත්‍ර යොමුකරන පුද්ගලයන් සදහා මේ දිනවල මුදල් ලැබෙමින් පවතී.
ඔබ මාර්​තු මාසයේ සිට අයදුම්පත් යොමු කරන්නේ නම්, ඊලග මාසයේ අවසානයේදී මුදල් ලැබෙනු ඇත. උදාහරණයක් විදිහට මාර්තු මස අයදුම්පත් යොමු කලහොත් අප්‍රේල් මස අවසානයේදීත්, අප්‍රේල් මස අයදුම්පත් යොමුකළ හොත් මැයි මස අවසානයේදීත් මුදල් ලැබෙනු ඇත.

2022 ජුනි 30 වෙනිදාට පෙර අයදුම්පත් යොමුකරන්නේ නම්, මාර්තු මස සිටම හිග වාරික මුදල් ලැබෙනු ඇත. 2022 ජූලි 1වෙනිදා සිට අයදුම්පත් යොමුකරනා ඔබට ඊට පසු මාසයේ සිට මුදල් ලැබෙනු ඇත.

මෙම Assegno Unico එකෙහි අගය තීරණය වන්නේ ඔබගේ පවුලේ ISEE අගය අනුව නිසා, හැකි ඉක්මනින් 2022 ISEE ඉදිරිපත් කරන්න. ISEE අගය යූරෝ 15000ට වඩා අඩු නම් එක් දරැවෙකුට මාසයකට යූරෝ 175 න් හිමි වේ. ඔබ 2022 ISEE ඉදිරිපත් නොකලහොත් ඔබට ලැබෙන්නේ Assegno Unico අවම අගයකි. එනම් එක් දරැවෙක් වෙනුවෙන් යූරෝ 50කි.

  • Reddito di cittadinanza ලබාගන්නා පුරවැසියන් හැර Assegno Temporaneo ලබාගත් අනෙකුත් සියළු දෙනාමද මේ Assegno Unico දීමනාව සදහා අයදුම්පත් යොමුකළ යුතුයි.
  • වයස අවුරුදු 18 දක්වා දරැවන් සදහා දෙමව්පියන් දෙදෙනාගෙන් එක් අයෙකුට මේ සදහා ඉල්ලුම් පත්‍ර යොමුකළ හැකි​වේ.
  • වයස අවුරුදු 18ට වැඩි අවුරුදු 21දක්වා දරැවන්ට තනිවම අයදුම්පත් යොමුකළ හැකියි.

අවුරුදු 21දක්වා දෙමව්පියන් ගෙන් යැපෙන දරැවන්‍ට මෙම Assegno Unico දීමනාවට සුදුසුකම් ලැබීමට නම්,

  • ද්වීතීක අධ්‍යාපන හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරීම
  • රැකියා පුහුණුවක් හෝ රැකියාවක් කරමින් යූරෝ 8.000කට වඩා අඩු වාර්ශික ආදායමක් තිබීම.
  • රැකියා විරහිත අයෙකු හෝ රැකියාවක් සොයමින් සිටින්නෙකු ලෙස රජයේ ලියාපදිංචි වී තිබීම.
  • ස්වේච්ඡා සිවිල් සේවයේ යෙදී සිටීම යන සුදුසුකම් වලින් එකක් හෝ සපුරාලිය යුතුයි.
  • ආබාධිත දරැවන්ට නම් වයස් සීමාවක් නොමැතිව මෙම Assegno Unico දීමනාවට හිමිකම් කිව හැක.

Premio alla nascita හෙවත් Bonus mamma domani දීමනාව තවදුරටත් ලබාගැනීමට නොහැකි නිසා අළුතින් ඉපදෙන දරැවන් , මවගේ මාස 7ක ගර්භණී කාලයේ සිටම මෙම Assegno Unico දීමනාවට සුදුසුකම් ලබයි.

Bonus Asilo Nido , Maternità Comunale per le mamme non lavoratrici දීමනාවන් මේ වසරේදීත් පෙර පරිදිම ලබා ගත හැකියි.

එසේම පවුලේ දරැවන් සංඛ්‍යාව වැඩිවීම, මවගේ වයස අවුරැදු 21ට අඩු වීම, දෙමව්පියන් දෙදෙනාම රැකියාවන්හි නිරත වීම හා ආබාධිත තත්වයේ දරැවන් සිටීම යනාදී සාධක හේතුවෙන් මෙම Assegno Unico දීමනාවෙහි අගය වැඩිවන බව INPS ආයතනය සදහන් කරයි.

 අයදුම් කල ඔබට මුදල් ලැබි තිබේද?

ඔබට මේ සදහා INPS වෙබ් අඩවියෙන් බලාගැනීමට හැකියාව තිබේ.
මුලින්ම INPS වෙබ් අඩවියට යන්න.

ඔබට මේ අවසාන පියවරේදී ඔබේ ගිනුමට මුදල් ලැබෙන දිනය හා මුදල සටහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *