වයස අවුරුදු 21 දක්වා දරැවන් සිටින පවුල් සදහා Assegno Unico e Universale

2022 ජනවාරි මාසයේ සිට හැමෝම බලාපොරොත්තුවෙන් සිටි Assegno Unico දීමනාව සදහා අයදුම්පත් යොමුකරන්න අවස්ථාව ලැබී තිබෙනවා. වයස අවුරුදු 21 දක්වා දරැවන් සිටින පවුල් සදහා තමයි මෙම දීමනාව ලැබෙන්නේ.

2022 ජනවාරි හා පෙබරවාරි මාසයන් ඇතුළත ඉල්ලුම් පත්‍ර යොමුකරන පුද්ගලයන් සදහා 2022 මාර්තු 15 සිට 21 දක්වා මුදල් ගෙවීම සිදු වෙනු ඇත.

මාර්තු මාසයේ සිට අයදුම්පත් යොමු කරන්නේ නම්, ඊලග මාසයේ අවසානයේදී මුදල් ලැබෙනු ඇත. උදාහරණයක් විදිහට මාර්තු මස අයදුම්පත් යොමු කලහොත් අප්‍රේල් මස අවසානයේදීත්, අප්‍රේල් මස අයදුම්පත් යොමුකළ හොත් මැයි මස අවසානයේදීත් මුදල් ලැබෙනු ඇත.2022 ජුනි 30 වෙනිදාට පෙර අයදුම්පත් යොමුකරන්නේ නම්, මාර්තු මස සිටම හිග වාරික මුදල් ලැබෙනු ඇත.

මෙම Assegno Unico එකෙහි අගය තීරණය වන්නේ ඔබගේ පවුලේ ISEE අගය අනුව නිසා, හැකි ඉක්මනින් 2022 ISEE ඉදිරිපත් කරන්න. ඔබ 2022 ISEE ඉදිරිපත් නොකලහොත් ඔබට ලැබෙන්නේ Assegno Unico අවම අගයකි.

Assegno Unico හදුන්වාදීම හේතුවෙන් 2022 වසරේ සිට,පහත දීමනාවන් තවදුරටත් ලබාගත නොහැක.

  • Il Premio alla nascita (Bonus mamma domani)
  • L’Assegno di natalità (Bonus bebè)
  • Gli ANF e detrazioni per i figli a carico sotto dei 21 anni.

Reddito di cittadinanza ලබාගන්නා පුරවැසියන් හැර Assegno Temporaneo ලබාගත් අනෙකුත් සියළු දෙනාමද මේ Assegno Unico දීමනාව සදහා අයදුම්පත් යොමුකළ යුතුයි.

වයස අවුරුදු 18 දක්වා දරැවන් සදහා දෙමව්පියන් දෙදෙනාගෙන් එක් අයෙකුට මේ සදහා ඉල්ලුම් පත්‍ර යොමුකළ හැකි අතර වයස අවුරුදු 18ට වැඩි අවුරුදු 21දක්වා දරැවන්ට තනිවම අයදුම්පත් යොමුකළ හැකියි.අවුරුදු 21දක්වා දෙමව්පියන් ගෙන් ගැපෙන දරැවන්‍ට මෙම Assegno Unico දීමනාවට සුදුසුකම් ලැබීමට නම්,

  • ද්වීතීක අධ්‍යාපන හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරීම
  • රැකියා පුහුණුවක් හෝ රැකියාවක් කරමින් යූරෝ 8.000කට වඩා අඩු වාර්ශික ආදායමක් තිබීම
  • රැකියා විරහිත අයෙකු හෝ රැකියාවක් සොයමින් සිටින්නෙකු ලෙස රජයේ ලියාපදිංචි වී තිබීම
  • ස්වේච්ඡා සිවිල් සේවයේ යෙදී සිටීම යන සුදුසුකම් වලින් එකක් හෝ සපුරාලිය යුතුයි.
  • ආබාධිත දරැවන්ට නම් වයස් සීමාවක් නොමැතිව මෙම Assegno Unico දීමනාවට හිමිකම් කිව හැක.

Premio alla nascita හෙවත් Bonus mamma domani දීමනාව තවදුරටත් ලබාගැනීමට නොහැකි නිසා අළුතින් ඉපදෙන දරැවන් , මවගේ මාස 7ක ගර්භණී කාලයේ සිටම මෙම Assegno Unico දීමනාවට සුදුසුකම් ලබයි.

එසේම පවුලේ දරැවන් සංඛ්‍යාව වැඩිවීම, මවගේ වයස අවුරැදු 21ට අඩු වීම, දෙමව්පියන් දෙදෙනාම රැකියාවන්හි නිරත වීම හා ආබාධිත තත්වයේ දරැවන් සිටීම යනාදී සාධක හේතුවෙන් මෙම Assegno Unico දීමනාවෙහි අගය වැඩිවන බව INPS ආයතනය සදහන් කරයි.

Assegno Unico දීමනාව සදහා අයදුම් කිරීමට නම් SPID, CIE, CNS හෝ Patronato ආයතනයක සහාය ලබාගත යුතුයි.

සකස් කලේ
මල්ලිකා ගමගේ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *