Assegno Sociale 2020

Assegno Sociale යනු කුමක්ද?

මෙම දීමනාව ලබාගැනීමට නම් නියමකර තිබෙන වය​ස් සීමාව ඉක්මවා තිබිය යුතුයි.මෙය එනම් රටේ “ආයු අපේක්ෂාව” මත පදනම්ව වරින් වර ගැලපීම් සහ වෙනස් කිරීම් වලට මෙය භාජ​න​ය වනවා.

සමහර අය මේ දීමනාව ඉතාලියේ විශ්‍රාම වැටුප හා පටලවගෙන සිටිනවා. විශ්‍රාම වැටුප ගැන සරලව කියනවා නම් ඉතාලිය තු​ල තම රැකියා කාලය තුල කරන්නාවු ගෙවීම් හේතුවෙන් ලැබෙන ප්‍ර​තිලාභයකි. නමුත් මේ Assegno Sociale මගින් ලැබෙන මුදල ඊට හාත්පසින්ම වෙනස් දීමනාවකි.

යම් කෙනෙකු රැකියාවක් නොකලේ නම් ඔහුට විශ්‍රාම වැටුපක් ලබාගත නොහැක.එවැනි අවස්තාවකදි මේ Assegno Sociale දීමනාව ලබාගැනීමට හැකියාව තිබෙනවා.

ඒ වගේම 2020 වර්ශයේදී මේ දීමනාව ලබාගැනීමට වයස අවුරුදු 67 සම්පූර්නකර තිබිය යුතුයි.

Assegno Sociale දීමනාව අයදුම් කිරීමට සැපිරියයුතු අවශ්‍ය​තා

  • වයස අවුරුදු 67 ට වඩා වැඩිවිය යුතුයි.
  • ඉතාලියේ හෝ යූරෝපා සංගමයේ තුල ජීවත්වන පුද්ගලයෙක් විය යුතුයි.
  • අඩු ආදායම් ලාභීයෙක් විය යුතුයි.(පහතින් ආදායම් සීමාවන් බලන්න පුලුවන්)

ඔබ අවිවාහක පුද්ගලයෙකු නම් වාර්ශීක ආදායම 5977.79 නොයික්මවිය යුතුයි. විවාහක පුද්ගලයන් නම් ඔබ දෙදෙනාගේ ආදායම යූරෝ 11,955.58 නොයික්මවිය යුතුයි.

Assegno Sociale මගින් කොපමන මුදලක් ලැබෙනවද?

2020 වර්ෂයේ මාසික සමාජ සහනාධාර වේතනය යූරෝ 459,83ක් වෙන අතර 13 වෙනි වේතනයද ලබා දෙයි.

එක් පුද්ගලයෙකුගෙන් සමන්විත පවුල් ඒකකයකට යූරෝ 5.977,79 ආදායමක් හිමි වෙන අතර විවාහක නම් යූරෝ 11.955,58 කි.

මෙම මුදල ලබාගැනීමට සෑම වර්ශයකම ඉල්ලීමක් කල යුතුවේ.යම් කිසි පුද්ගලයෙක්ට ඉල්ලුම් කරන වර්ශයේ සැබෑ පදිංචිය තහවුරු කිරීමට හැකියාවක් නොලැබුනොත් මේ දීමනාව නොලැබෙනු ඇත.ඒ වගේම මේ දීමනාව ලංකාවේ නවතින්න ගිය අයට ලබගන්නත් බැහැ. ඔබ ලංකාවට නිවාඩුවට යන්වා නම් දින 30 කට වඩා කාලයක් ලංකාවේ ගතකරනවා නම් මේ දීමනාව නතර කිරීමට ඔවුන්ට හැකියාව තිබෙනවා.

මේ සදහා ඔබට වෙබ් අඩවියෙන් අයදුම් කිරීමේ හැකියාව තිබෙනවා.ඒ වගේම ඔවුන්ගේ දුරක්තන අංක අමතා ඔවුන් ඉල්ලන විස්තර ලබාදීමෙනුත් මේ දේ කර ගන්න පුලුවන්. දුරකතන අංක. 803 164 / 06 164 164

patronato e intermediari dell’Istituto කෙනෙක් මාර්ගයෙනුත් ඔබට අයදුම් කිරීමේ හැකියාව තිබෙනවා.

Similar Posts