|

ASSEGNO PONTE – මාසිකව යූරෝ 167.50 ඔබේ වැටුප​ට

2021 ජුනි මස 22 දින INPS ආයතනය විසින් නිකුත් කල 2371 නිවේදනය මගින් 2021 ජූලි 1වෙනිදා සිට 2021 දෙසැම්බර් 31 දක්වා බාලවයස්කරුව​න් වෙනුවෙන් ලබාදීමට නියමිත ASSEGNO UNICO TEMPORANEO PER I FIGLI MINORI හෙවත් ASSEGNO PONTE පිලිබද පැහැදිලි කර තිබෙනවා. නමුත් බොහෝ දෙනෙකුට තවමත් පැහැදිලි නැහැ, මොන දීමනාව සදහාද ඉල්ලුම් කල යුතුද යන්න. 
මෙම නවතම ASSEGNO UNICO TEMPORANEO PER I FIGLI MINORI දීමනාව ලබාගත හැක්කේ මේ දක්වා ASSEGNO NUCLEO FAMILIARE ලබාගැනීමට නොහැකි වූ පුද්ගලයන්ටයි. ඒ අනුව මේ වනවිට ක්‍රියාකාරීව පැවතුණු ASSEGNO NUCLEO FAMILIARE ලබාගැනීමට නොහැකි වූ පුද්ගලයන් වූ ස්වයං රැකියාවල නිරතවූ පුද්ගලයන් (lavoratori autonomi ) හා රැකියා විරහිත පුද්ගලයන්ට (Disoccupati e agli incapienti ) මෙම දීමනාව සදහා ජූලි 1වෙනිදා සිට අයදුම්පත්‍ර යොමුකල හැක.

සපුරාලිය යුතු සුදුසුකම්;

මෙම දීමනාව සදහා ඉල්ලුම් කල දිනයේ සිට එහි ප්‍රථිලාභයන් ලබාගන්නා සම්පූර්ණ කාලපරිච්ජේදයටම අයදුම්කරුවන් පහත සදහන් සියළුම සුදුසුකම් සැපිරිය යුතුයි.
1. ඉතාලි ජාතික පුරවැසියකු වීම හෝ යූරෝපා සංගමයේ සාමාජික රටක පුරවැසියෙකු වීම හෝ ඔවුන්ගේ ඥාතියෙකුවීම මත ඉතාලිය තුල වාසය කිරීමට අවශය්‍ය නීතය්‍යානුකූල විසීමේ බලපත්‍රය තිබීම ( ස්ථිර හෝ කෙටිකාලීන) එසේත් නැත්නම් යුරෝපා සංගමයට අයත් නොවන රටක පුරවැසියෙකු වීම හා දිගුකාලීන විසීමේ බලපත්‍රයක් (Permesso di soggiorno UE per soggiornanti di lungo periodo) හෝ රැකියා අරමුණ (Motivi di lavoro) මත ලබාගත් විසීමේ බලපත්‍රයක් හෝ රැකියාවක් සොයමින් (Ricerca) පවතින බවට සදහන් කරමින් අවම වශයෙන් මාස 6ක කාලයකටවත් වලංගු විසීමේ බලපත්‍රයක් හිමි පුද්ගලයෙකු විය යුතුයි.
2. අයදුම්ක​රු, උපයන ආදායම මත බදුගෙවීමට යටත්විය යුතුයි. (IRPEF)
3. අයදුම්ක​රු, ඔහුගෙන් යැපෙන වයස අවුරුදු 18ට අඩු දරුව​න් සමග ඉතාලියේ ස්ථිර පදිංචිය ඇති මෙහි වාසය කරන (deve essere residente e domiciliato) පුද්ගලයෙකු විය යුතුයි.
4. අඩුම වශයෙන් වසර දෙකකවත් ඉතාලියේ ස්ථිර පදිංචිය තිබිය යුතු අතර මෙය අඛණ්ඩවම තිබීම අතය්‍යාවශය නොවේ. එසේම දීර්ඝකාලීන හෝ අවම වශයෙන් මාස 6කවත් කෙටිකාලීන රැකියා ගිවිසුමක් තිබිය යුතුයි.
5. තම ආර්ථික දර්ශකය පෙන්වන වලංගු ISEE ගණනය කර තිබිය යුතුයි.

අයදුම්පත් ඉදිරිපත් කලයුතු ආකාරය;

2021 ජූලි 1වෙනිදා සිට අයදුම්පත් ඉදිරිපත්කල හැක. 2021 සැප්තැම්බර් 30 දක්වා ඉදිරිපත් කරන අයදුම්පත්‍ර සදහා ජුලි මස සිට ලැබිය යුතු හිග වාරිකයන්ද ඇතුලත්ව මුදල් ලබාදේ. 2021 සැප්තැම්බර් 30න් පසුව ඉදිරිපත් කරනා අයදුම්පත් සදහා මුදල් ලැබෙන්නේ අදාල මාසය සදහා පමණි. REDDITO DI CITTADINANZA ලබාගන්නා පුද්ගලයන්, මෙම ASSEGNO UNICO TEMPORANEO ( ASSEGNO PONTE) දීමනාව සදහා අයදුම්පත් ඉදිරිපත් කල විට,INPS ආයතනය එය සලකා බලමින්, ඔවුන්ට ලැබිය යුතු ASSEGNO UNICO TEMPORANEO (ASSEGNO PONTE) මුදල REDDITO CITTADINANZA වාරිකයට එකතු කරනු ඇත.
INPS වෙබ් අඩවිය මගින් හෝ PATRONATO ආයතන මගින් මෙම දීමනාව ලබා ගැනීමට අයදුම්පත් යොමුකළ හැක.

දරුවන් වෙනුවෙන් කොපමණ මුදලක් ලබාගත හැකිද?

ඔබට තේරුම්ග ත හැකිවෙන පරිදි අපි බලමු, පහත ISEE අගයන් හා පවුලේ සිටිනා වයස අවුරැදු 18 ට අඩු දරුවන් ගේ ගණන අනුව ඔබට ලැබෙන අනුව ලැබෙන මුදල;

  •  ISEE අගය යූරෝ 7.000 ට වඩා අඩුනම් 1 දරැවෙකුට 167,50 (දරැවන් 2ක් දක්වා)
  • 217,80 එක් දරැවෙකුට ( අවම දරැවන් 3ක් හෝ ඊට වැඩි නම්)
  • ISEE අගය යූරෝ 15.000 -15.100 දක්වා 1 දරැවෙකුට 83,50 ( අවම දරැවන් 3ක් හෝ ඊට වැඩි නම්) 108,60
  • ISEE අගය යූරෝ 50.000 ට වඩා වැඩිනම් ඔබට මෙම ASSEGNO TEMPORANEO ( ASSEGNO PONTE ) දීමනාවට හිමිකම් කිව නොහැක.
    මේ ආකාරයට ඔබගේ ISEE අගය අනුව හා පවුලේ සිටිනා වයස අවුරැදු 18 ට අඩු දරැවන්ගේ ගණන අනුව ඔබට ලැබෙන ප්‍රථිලාභයන් වෙනස් වේ.

ආබාධිත දරුවන් (FIGLI MINORI DISABILI) සදහා මෙම දීමනාව බලපාන්නේ කෙසේද?

වයස අවුරැදු 18ට අඩු ආබාධිත දරැවෙකු ඔබගේ පවුලේ සිටීනම්, ඔබට ලැබෙන දීමනාව යූරෝ 50කින් වැඩිවේ.( ආබාධිත එක් දරැවෙකුට)

දැනට ක්‍රියාත්මක වෙන REDDITO DI CITTADINANZA හා වෙනත් දීමනාවන් සමග මෙම ASSEGNO UNICO TEMPORANEO 2021 (ASSEGNO PONTE) දීමනාව එකවර ලබාගත හැකිද?

REDDITO DI CITTADINANZA හා පහත සදහන් දීමනාවන සමග මෙම ASSEGNO UNICO TEMPORANEO 2021 (ASSEGNO PONTE) දීමනාවත් ලබාගත හැක.
1. තෙවන දරැවා වෙනුවෙන් ලැබෙන දීමනාව ( Assegno ai nuclei familiari con almeno 3 figli)
2. දරැවෙකු උපන් අවස්ථාවේ සිට වර්ෂයක් දක්වා ලැබෙන දීමනාව (Assegno natalità /bonus bebè
3. දරැවෙකු ඉපදීම නිමිත්තෙන් ලැබෙන දීමනාව (Premio alla nascita)
4. දරැවෙකු ඉපදෙන අවස්ථාවේදී ආර්ථික අපහසුතාවයන්ගෙන් පසුවන පවුල්වලට නම්කල බැංකු ආයතන විසින් 2017 වර්ෂයේ සිට ලබාදෙන සහන ණය මුදල (Fondo sostegno alla natalità)
5. දරැවන් වෙනුවෙන් ලබාදෙන බදු සහනයන් (Detrazioni fiscali)

ඉහත සියළුම දීමනාවන් 2021 දෙසැම්බර් 31 දක්වා වලංගුව පවතී. 2022 ජනවාරි මස සිට මෙම ASSEGNO UNICO PER I FIGLI දීමනාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වනවිට ඉහත දීමනාවන් ඉවත් වනු ඇත. මෙම වසර සදහා (1/7/2021 සිට 30/06/2022) ASSEGNO NUCLEO FAMILIARE නැවත අයදුම් කල යුතු අතර ඔබට දැනටමත් ඒ සදහා අයදුම් කිරීමට හැක. මේ දක්වා ASSEGNO NUCLEO FAMILIARE ලබාගත් පුද්ගලයන් ඒ ආකාරයෙන්ම, මේ වසර සදහාද පෙර ආකාරයෙන්ම අයදුම්පත් යොමු කල යුතුයි. ASSEGNO NUCLEO FAMILIARE ලබාගන්නා පුද්ගලයන්ට 2021 ජූලි 1වෙනිදා සිට එම මුදලට වැඩිපුර අගයක් එකතු වීමට නියමිතයි. එනම් පවුලක දරැවන් 2ක් සිටීනම් එක දරැවෙකුට යූරෝ 37,50 බැගින්ද එම පවුලේ දරැවන් 3ක් හෝ ඊටවඩා වැඩිනම් එක දරැවෙකුට යූරෝ 55 බැගින්ද එකතුවෙනු ඇත.

විමසීම් හා නිවැරදි සහාය

ANAS Milano
,
Punto Migranti
Via Pordenone,
13 
Milano (Metro verde Udine)
Tel : 3893130877

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *