𝐑𝐢𝐜𝐨𝐧𝐠𝐢𝐮𝐧𝐠𝐢𝐦𝐞𝐧𝐭𝐨 𝐟𝐚𝐦𝐢𝐥𝐢𝐚𝐫𝐞 සහ 𝐃𝐍𝐀 පරීක්ෂණය

ඉතාලි සංක්‍රමණ නීතියේ “පවුල නැවත එක්වීම” 𝐑𝐢𝐜𝐨𝐧𝐠𝐢𝐮𝐧𝐠𝐢𝐦𝐞𝐧𝐭𝐨 𝐟𝐚𝐦𝐢𝐥𝐢𝐚𝐫𝐞 සහ 𝐃𝐍𝐀 පරීක්ෂණයවයස අවුරුදු 8ක කුඩා දැරියක් වශයෙන් ඉතාලියට පැමිණ ඉතාලියේ රෝම නගරයේ සේවය කල ලාංකීක දෙමාපියන් දෙදෙනා සමඟ එකතු වීමෙන් පසුව ඉතාලියේ අධ්‍යාපනය ආරම්භ කොට, වසර 9ක පාසල් අධ්‍යාපනයෙන් පසුව, වසර 5ට අධ්ක කාලයක් රොමයේ La Sapienza විශ්වවිද්‍යාලයේ නීති උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, මාස 18ක අනිවාර්‍යය සීමාවාසික නීති පුහුණුව සහ Prefettura di Verona හී සංක්‍රමණ නීතිය පිලිබඳ සීමාවාසික පුහුණුවෙන් අනතුරුව, මේ වන විට ඉතාලියේ සංක්‍රමණ නීතිය පිළිබඳ පලපුරුද්දක් ඇති නීති උපදේශකවරියක හා මෙම කෂේත්‍රයේ ඉදිරියේදී නව ව්‍යාපෘති රැසකට අවතීර්ණ වීමට සිටින නීති වෟතිකයකු වශයෙන්, ඉතාලි සංක්‍රමණ නීතියේ “පවුල නැවත එක්වීම” හෙවත් Ricongiungimento familiare සහ DNA පරීක්ෂණ පිළිබඳ නීතිමය පැහැදිලි කිරීමක් සමඟ මෙම කරැණ පිළිබඳ මාගේ පුද්ගලික මතය සමන්විත ලිපියක් ඉදිරිපත් කිරීමට ඉල්ලමින් ඉතාලියේ ජීවත්වන මෙන්ම සේවය කරන ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු පසුගිය දින කිහිපයේදීම මා හට දුරකථන ඇමතුම් හා සමාජ මාධ්‍යය හරහා පණිවිඩ රැසක් ලබා දුන්නා.

නිරන්තරයෙන් වෙනස් වීම් හා සංශෝධනයන් රාශියකට භාජනය වන ඉතාලි සංක්‍රමණ නීතිය දිනපතා ඉතා ගැඹුරින් අධ්‍යයනය කරන නීති වෟතිකයකු වශයෙන් ප්‍රථමයෙන්ම කිවයුතු කාරණය වන්නේ මෙම මාතෘකාව පිලිබඳ පුළුල් පැහැදිලි කිරීමක් Facebook හරහා පලකල හැකි මෙවැනි කෙටිලිපියක් මගින් ඉදිරිපත් කිරීම ප්‍රායෝගික නොවන බවයි. එමෙන්ම මෙවැනි මාතෘකාවක් පිලිබඳ පුළුල් වශයෙන් අවබෝධ කරගැනීම සඳහා, ඉතාලි නීතිය, යුරොපා හවුලේ නීතිය, ජාත්‍යන්තර නීතිය මෙන්ම යුරෝපා හවුලේ ඉතිහාසය සහ ලෝක ඉතිහාසය පිලිබඳවද මූලික දැනුමක් තිබිය යුතුයි යන්න මාගේ පෟද්ගලික අදහසයි.නමුත්, මාගේ ලිපි කියවා යමක් තේරුම් ගැනීමට කැමති ඔබ වෙනුවෙන් හැකි පමණින්, සරලව, කරුණු කිහිපයක් පමණක් මෙම ලිපිය හරහා අවබෝධ කර දීමට මම උත්සාහ කරන්නම්.

පවුල නැවත එක්වීම හෙවත් “Ricongiungimento familiare” (art 28 e seguenti TUI) යනු ඉතාලි සංක්‍රමණ නීතියෙන් සපයා ඇති කොන්දේසි යටතේ එනම්, ඉතාලියේ ස්ථිර පදිංචිය ඇති, ස්ථිර ආදයමක් හා ස්ථිර වාසස්ථානක් ඇති විදේශිකයන් හට ඔවුන් ඉතාලියේ ජීවත්වන හා රැකියාවෙහී නිරත වන කාල සීමාව සඳහා තම පවුල් ඒකකයේ පැවැත්ම වෙනුවෙන් පවුල් සාමාජිකයන් සමඟ එකතු වීමට ඇති අයිතියයි.ඇතැමෙකුට ඉතාලියේ පවුල නැවත එක්වීම “Ricongiungimento familiare” වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය තුල DNA පරීක්ෂණ (art. 49 dPR 5 gennaio 1967, n. 200) එනම්, මවගෙන් මෙන්ම පියාගෙන් ලැබෙන ජාන සංයුතියේ ඥාතීත්වය, පරීක්‍ෂාවකින් සොයා ගැනීම හෙවත් ඩී.එන්.ඒ. (ඩියොක්සිරයි බොනියුක්ලික් ඇසිඩ්/Deoxyri-bonucleic acid) පරීක්ෂණය මෑතකදී අහන්නට ලැබුණු යමක් වියහැකි වුවද ඉතාලි සංක්‍රමණ නීති ක්ෂේත්‍රයේ පලපුරුදු වෘත්තීකයන්ට මෙම ක්‍රමවේදය අලුත් නොවේ.

එයට හේතුව මෙම ක්‍රමවේදයේ ආරම්භය 2001 වර්ශයේ සිට වසර 19කට අධික කාලයක් මුලුල්ලේ IOM (International Organization For Migration) සංවිධානය විසින් සිදු කිරීමයි. IOM හෙවත් “සංක්‍රමණය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය” 1951 වර්ශයේ ස්ථාපිත කරනු ලැබු ජාත්‍යන්තර සංවිධානයක් වන අතර එම සංවිධානය යුරෝපයට අදාල සංක්‍රමණ ක්ෂේත්‍රයේ ප්‍රධාන අන්තර්ජාතික රාජ්‍ය සංවිධානයයි. IOM සංවිධානයේ මූලස්ථානය ජිනේවා නගරයේ පිහිටා ඇති අතර මෙම සංවිධානයේ ප්‍රධාන පරමාර්ථය වන්නේ: “සංක්‍රමණය තුල මානව ගරුත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීම තුලින් විධිමත් සංක්‍රමණයකින් සංක්‍රමණිකයින්ට සහ සමාජයට ප්‍රතිලාභ සැලසීමයි”.

IOM සංවිධානය විසින් ඉතාලි රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් ජාත්‍යන්තර සංක්‍රමණික සහයෝගීතාවය තහවුරු කිරීම සඳහා මැදිහත් වීම් රාශියක් සිදු කරන අතර, DNA පරීක්ෂණ සිදු කිරීම සඳහාද මැදිහත් වීමක් සිදු කරනු ලබනවා. DNA පරීක්ෂණයේ පිරිවැය වීසා අයදුම්කරන පාර්ශ්වයන් විසින් දරනු ලබන අතර මේ වන විට, මෙම ක්‍රියාවලිය සදහා විශේෂයෙන් අප්‍රිකාවට අයත් රටවල් වන (කෙන්යාව, නයිජීරියාව, ගානාව) සහ ආසියානු රටවල් වන (බංගලාදේශය, ශ්‍රී ලංකාව) යන රටවල ක්‍රියාත්මක වනවා. ප්‍රධාන වශයෙන් කෙන්යාව, ඉතියෝපියාව, නයිජීරියාව, ගානාව, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, චීනය සහ බංග්ලාදේශය යන රටවල පවුල් නැවත එක්වීම් 30,000 කට අධික සංඛ්‍යාවක් සඳහා IOM සංවිධානයේ සහාය ඇතිව DNA පර්යේෂණ සිදුකොට තිබෙනවා.විශේෂයෙන් ඉතාලියේ ජීවත් වන ලාංකීක ඔබට මා සදහන් කල යුතු කාරණය වන්නේ ඉතාලි සංක්‍රමණ නීතියේ DNA පරීක්ෂණ විශේෂ වශයෙන් සිදු කිරීමේ අවස්ථාවන් වශයෙන් සලකනු ලබන්නේ පවුල නැවත එක්වීම “Ricongiungimento familiare” සඳහා වන වීසා අයදුම්පත පදනම් කරගත් ඥාති සබඳතා සනාථ කරන ලියකියවිලි සැපයිය නොහැකි හෝ ඒවා පිලිබඳ ගැටලු මතු වන අවස්ථාවන්හීදී පමණක් වන බවයි. එනම්, උප්පැන්න සහතික සම්බන්ධයෙන් දූෂණ වංචා සිදුවීමේ ප්‍රවනතාවය වැඩි රටවල්වල ඉතාලි තානාපති කාර්‍යාල වෙත පිලිගත නොහැකි (සැක සහිත) උප්පැන්න සහතික භාරදීම වැනි අවස්ථාවන් හීදි.ඉතාලි සංක්‍රමණනීතියේ මෙන්ම යුරොපා හවුලේ නියෝගයන්හී පැහැදිලිවම විදේශිකයන් සඳහා පවුල නැවත එක්වීම “Ricongiungimento familiare” ඉල්ලුම් කිරීමේදී ඉදිරිපත් කළ යුතු ලියකියවිලි නිශ්චිතව දක්වා ඇති අතර පවුල් සම්බන්ධතාවය පිළිබඳ යම් සැකයක් ඇති නම් පමණක් අදාල තානාපති කාර්යාලයේ බලධාරීන්ට DNA පරීක්ෂණයක් ඉල්ලා සිටිය හැකියි.

පවුල් නැවත එක්වීම “Ricongiungimento familiare” සඳහා ඉතාලි සංක්‍රමණ නීතියෙන් සපයා ඇති කොන්දේසි සමඟ සියලු ලියකියවිලි සම්පුර්ණ කල අවස්ථාවන්හිදී DNA පරීක්ෂණයක්ද ඉල්ලා සිටීම කිසිදු නීතිමය පදනමකින් තොර කාරණයක් වන අතර එයට අවශ්‍ය නීතිමය උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව එයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට අයදුම්කරැවන් හට අයිතියක්ද තිබෙන බව කිව යුතුයි.නීතිමය වශයෙන් එයට එරෙහි වීමට ඇති ප්‍රධානම හේතුව වන්නේ DNA හෙවත් ජාන සංයුතිය තුල පුද්ගලයෙකු පිළිබඳ වඩාත් සමීප තොරතුරු අඩංගු වීම හා පුද්ගලයෙකුගේ උරුමයේ සහ අනන්‍යතාවයේ තොරතුරු දත්ත විශ්වාසනීයත්වයකින් තොරව ලබා දීම තුලින් එම සාම්පල උකහා ගැනීම පුද්ගලිකත්ව අයිතිය උල්ලංඝනය වීමට හේතු විය හැකි හෙයිනි.

එමෙන්ම ඉතාලි අධිකරණයන්හීදී ලබා දුන් නඩු තීන්දු කිහිපයකටම අනුව, පවුල නැවත එක්වීම “Ricongiungimento familiare” අයදුම්පත සඳහා DNA පරීක්ෂණයක ප්‍රතිඵලය අනුව ජාන සංයුතියේ ඥාතීත්වයක් නොමැති වීම තහවුරු වුවද එය වීසා ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නොවන බවයි. එහෙයින් පවුල නැවත එක්වීම “Ricongiungimento familiare” අයදුම්පත සඳහා අදාල ලියවිලි සියල්ල සම්පුර්ණ වූවත් ඒවා පිලිබඳ කිසිදු නීතිමය ගැටලුවක් නොමැති වූවත් තවදුරටත් DNA පර්යේෂණක් අදාල ආයතනය විසින් ඉල්ලා සිටින්නේ නම්, ජාත්‍යන්තර නීතිය, යුරෝපා හවුලේ නීතිය සහ ජාත්‍යන්තර නීතිය පිලිබඳ නීති උපදෙස් ලබාගෙන එම නීතිමය කරණු හා මා ඉහත සඳහන් කල කරැණුද, පැහැදිලි කිරීමකින් DNA පරීක්ෂණයට එරෙහි වීමට ඉල්ලුම් කරැවන් හට හැකියාව තිබෙනවා.සකස් කලේ,නීතිඥ සචිනි වර්ණකුලසූරියPraticante Avvocato Abilitato Foro di VeronaEsperti periti traduttori interpreti C.C.I.A.A di Verona.+39 388 6279735

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *