|

ඉතාලියේ ඔබට අවශය සහතික දැන් නොමිලේම ඔබේ නිවසේ සිටම අයදුම් කරන්න පුලුවන්.

2021 නොවැම්බර් 15 වෙනිදා සිට පහත සදහන් ලේඛනයන්, https://www.anpr.interno.it/ වෙබ් අඩවිය හරහා නොමිලේ ලබාගත හැක. මේ සදහා ඔබගේ ඩිජිටල් අනන්‍යතාවයන් වන SPID, CIE හෝ CNS භාවිතා කල හැක.

ඔබට මෙමගින් නොමිලේ ලබාගත හැකි සහතික නම්,

  • Anagrafico di nascita
  • Anagrafico di matrimonio
  • di Cittadinanza
  • di Esistenza in vita
  • di Residenza
  • di Residenza AIRE
  • di Stato civile
  • di Stato di famiglia
  • di Stato di famiglia e di stato civile
  • di Residenza in convivenza
  • di Stato di famiglia AIRE
  • di Stato di famiglia con rapporti di parentela
  • di Stato Libero
  • Anagrafico di Unione Civile
  • di Contratto di Convivenza

අපි බලමු මෙය ලබාගන්නේ කොහොමද කියලා.

මුලින්ම මේ ලින්ක් එකෙන් වෙඩ් අඩවියට යන්න.මෙය ක්ලික් කරන්න.

දැන් ඔබට මේ වගේ වෙබ් අඩවියක් එන්නේ.

සයිට් එකේ ටිකක් යටට යද්දි මේ වගේ එකක් තියෙනවා.ඒක ක්ලික් කරන්න.

දැන් ඔබ දන්නවනේ රජයේ වෙබ් අඩවියකට පිවිසෙන්න SPid එක CIE හෝ CNS අවශයයි කියලා.අපි හැමෝටම තියෙන්නේ SPID එකනේ.ඒ නිසා SPID එකෙන් යන්ව විදිය මේකෙන් පෙන්වන්නම්.




Scrivania එකට ඔබපුවාම එ​න Profilo Utente එකේ ඔබගේ පවුද්ගලි​ක විස්තර හරිද බලාගන්න පුලුවන්.මෙතනදි ඔබගේ ඊමේල් ලිපින දුරකතන අංක නැත්නම් දාගන්නත් පුලුවන්. සහතික ගන්න මේක අදාල නෑ.මේක බෝනස් එකක් විදියට ඔබට කියලා දෙන්නේ.

අපි මේ වෙබ් අඩවියට ආවේ සහතික ටික ගන්නනේ.එහෙනම් අපි වැඩේට යමු. මුලින්ම Certificati යන්න ක්ලික් කරන්න.


ඊට පස්සෙ ඔබට කොපියක් ගන්න ඕනා මොන සහතිකයද යන්න තෝරගන්න. මම ඔබට පෙන්වන්න ඕන නිසා di Stato Famiglia යන්න තෝරගත්තා.ඊට පස්සේ මම කලා වගේ යට විස්තර ටික තෝරගන්න.

Anteprima කියන එක එබුවාම මේ වගේ ප්‍රින්ට් කරන්න කලින් ප්‍රීවිව් එකක් පෙන්වනවා.

ඉන්පසුව

දැන් ඉතින් ඕක ක්ලික් කල ගමන් ඔබගේ දුරකතනයට හෝ පරිගනකයට මෙම සහතිකය බාගත කරගන්න පුලුවන්.

ඔය විදියට ඔබට අවශ්‍ය ඔක්කොම සහතික ටික ගම්න පුලුවන්. ඔබට මෙම ලිපිය වැදගත් වුවා නම් ශෙයා කරන්න අමතක කරන්න එපා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *