2022 වතු හා ස්පොන්සර් visa ඉල්ලුම්කල අයට

මේ දිනවල 2022 වර්ශයේ ඉල්ලුම් ක​ල වතු හා ස්පොන්සර් වීසා Nulla osta නිකුත්වෙමි​න් තියෙනවා. ලැබුන අය ඉන්නවා. ඒ අයට මේ දේ වැදගත්වේයි .

  • වීසා සදහා Nulla osta භාරදිමේදි ඔබට කිසිම ලියවිල්ල ඉතාලිතානාපතිකාර්‍යලයෙන් සහතිකකරගැනිමට උවමනා නැත. එම නිස Forsiter ආයතනයෙ​න් නිකරුනේ Appointment ලබාගැනිමේන් වලකින්න. එමගින් සිදුවෙන්නෙ ෆැමීලියාර් විසා අයට තිබෙන ඉඩකාළය නැතිවිම පමනයි. (ඔබට යම් ලියවිල්ලක් ඉංග්‍රිසියට පරිවර්තනය කරගැනිම බලයලත් ආයතනයකින් කරගැනිමට හැකිය)
  • Nulla osta භාරදිමට ඇපොයිමන්ට් ගන්න අවශ්‍ය නැ. Vfs ගිහින් භාරදෙන්න පුලුවන්.

තේරුම​ක් නැතිව හැමෝම දුවන්නේ ලියකියවිලි ලෙගලිස්සාරේ කරන්න. ඒක තමන්ට අවශ්‍ය වෙනවාද නැද්ද කියලා දන්නෙත් නැතුව. මේ නිසා ඇත්තටම අවශ්‍යතාවය තියෙන ෆැමිලියාරේ හා ඉතාලි පුරවැසිභාවය ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන් ගේ ලේඛන නියමිත කාලයට ලබාගැනීමට අපහසු වී තිබෙනවා. එම්බසියේ හා මේ ක්‍රියාවලියට සම්බන්ධ ආයතනවල වැඩ ධාරීතාවය වැඩිවී ලේඛන ලෙගලයිස් කර නිකුත්කිරීම පමාවෙනවා. Forsiter Global Service ආයතනයත් මුදල් ලැබෙන නිසා හෝ ලැබෙන සෑම ලේඛනයක්ම බාරගන්නවා. සමහර පුද්ගලයන් ෆැමිලියාරේ එක දාන්නත් කලින් හා Nulla osta තම අතට ලැබීමට බොහෝ කාලසීමාවකට කලින්ම ඩොකියුමන්ට් ලෙගලිස්සාරේ කරනවා. අවසානයේදී ඒවායේ කාලසීමාව ඉකුත් වෙනවා.

එම්බසියෙන් ඩොකියුමන්ට් ලෙගලිස්සාරේ කර ලබාදෙන්න පමා වෙන්නෙත්, අපේම අය තේරැමක් නැතිව හැම වීසා වර්ගයකටම ඩොකියුමන්ට් ලෙගලයිස් කරන්න බාරදෙන එකත් බලපානවා.

Similar Posts