2020 sanatoria – සනතොරියා

2020 කොරෝනා වසංගතය කෙමෙන් අවසන් වී යද්දි ඉතාලිය තුල සිටින අනවසර සංක්‍රමණිකයන්ගේ බලාපොරොත්තු මල්එල ගැනිමේ වැඩි ඉඩකඩක් පෙනෙන්න තිබේ. දැනට මෙ​ම නිතීය නීතිගත නොවුනත් ඉදිරි සති කීපයේ මෙය කෙටුම්පත් වී නිතියක් ලෙස එලියට එමේ වැඩි ඉඩක් ඇත. එය එසේම වෙවා කියා ප්‍රාර්තනකාර​මී.

දැන් කියන්න යන්නෙ ඒ ගැන නෙමේ මේ නීතිය එනවා යන පනිවිඩය සමග අපේ සමහර අයට පැන නැගුනු යම් ගැටලු පිලිබදවය. ​මේ ලියා ඇති ලිපියෙ​හි යම් වැරද්දක් ඇති නම් නිවැරදි කරනමෙන් ඉල්ලා සිටිමී.

  • මේ නීතිය ආවොත් කොයිවගේ අයට ද ඉල්ලුම් කරන්න පුලුවන්?
  • දැනට රැකියාවල ඉන්න අයට ඒ රැකියාවලම ගිවුසුම්ගත වෙන්න පුලුවන්ද
  • කොපමන මුදල අවශ්‍ය වේද?

මෙම නීතිය පැමිනියහොත් ඉතාලි​ය තුල සිටින අනවසර සංක්‍රමනීකයන්ට ඉල්ලුම්කල හැකිය. ඒ වගේම ඉල්ලුම්ක​රු ඉතාලිය හෝ ඉතාලිය සමග අරක්ශක ගිවුසුම් ඇති රටවල තර්ජනයක් නැති අපරාද නඩුවලට සම්බන්ද නොවෙන අයට ඉල්ලුම්කල හැකිය.තවද වැදගත්ම දේ යම් විදියකින් නිතිය පැමිනිය හොත්

  • කෘශිකාර්මීක
  • නිවාසවල හා වැඩිමහලු පුද්ගලයන් බලාගන්න හට ඉල්ලුම්කල හැකිය.
  • රෙස්ටූරන්ට්, කර්මන්තශාලා හෝ වෙනත් රැකියවල සිටින්නට එම රැකියා ස්තානව​ල ගිවිසු​ම් මගින් මෙයට ඉල්ලුම් කිරිමට නොහැක.
  • යුරෝ 400 ආසන්​න මුදලක් හා පසුගිය මාස කිපයක බදු මුදල් ඔබට ගෙවිමට සිදුවන නිසා එයටද සුදානම් වෙන්න.

මීට කලින් සරනාගතභාවය සදහා ඉල්ලපු අය පාස්පෝර්ට් එක ගන්නේ කොහොම​ද?

මෙවැ​නි නීතියක් එන්නේ ඔබ වැනි අයට වෙනුවෙන්මයි. එම නීතිය ආ පසුව එහි ඇති කොන්දේසි අවබෝදකරගෙන එය සදහා ඔබට ඉල්ලුම් කිරිමට හැකියාවක් ඇති නම් නැවත ඔබ විසින් පොලිසීයට භාරදුන් ඔබේ ගුවන්ගමන් බලපත ඔබට නැවත ලබාගත හැකිය. (ලොයර් කෙනෙක් හරහා).

මේ සදහා ඔබ විසි​න් ලිඛිතව ඉල්ලුම් කලයුතු​වේ. තවම මේම නීතිය නැති නිසා ඉක්මන් වී එය කරගැනිමට යාමෙන් වලකින්න. එසේ වීමෙ​න් ඔබට අල්ලපු අත්ත ද පය තැබු අත්තද දෙකම නැතිවිමට හැකිය. එම නිසා කලබලවි කරදරේ නොවැටෙන්න.

පාස්පොට් නැති අයට මොකද වෙන්නේ / පාස්පොට් හදාගන්නෙ කොහොමද?

මෙවැ​නි නීතියක් පැමිනියොත් අපේ තනාපති කර්‍යාලයෙන් ගුවන් ගමන් බලපත් සදාගැනිමට ක්‍රමවේදයක් ලබාදෙයි. අතීතයේ සිදුවූ සේ​ම අනාගතයේදිත් සිදුවේ. තනාපති කර්‍යාලයෙන් නිලදාරින් ඒ සදහා ඔබට උදව් උපකාරකරනු ලැබේ. ඔබේ ගුවන්ගමන් බලපත ඔබ ලග නැතිනම් එයා කලබලයකින් තොරව ඔබට සදාගත හැකිය.
යම්හෙයකින් ඔබේ ගුවගමන් බලපතේ නම්වල වැරදක් හෝ වලංගුකාළය අවසන් නම් එය සදාගැනිමකලහැකිය. ඔබේ අනන්‍යතාව ඔප්පුකරන්න පුලුවන් යම් ලියවිල්ලක් ඔබ ලගතබාගන්න ( උප්පන්නය/ලංකාවේ හැදුනුම්පත/විවාහ සහතිකය/රියදුරැබලපත) එය ඔබට එම ක්‍රියාවලිය පහසුකිරිමට උදව්වක් වෙනු ඇත.

වැදගත්ම දේ බොරැවට කලබල නොවන්න. හොරැන්ට අහුනොවෙන්න. මේ නීතිය ආපසුව එහි කොන්දේසි හා වෙනවිදිය ගැන දැනුවත්වෙමු.එම පිලිවෙල අනුව වැඩකරමු. මෙතරම් කල් ඔබ ඉවසුවා සේ ඉදිරිදින කිපයෙත් ඉවසිමෙන් සිටින්න. හැකි අයුරින් ඔබව දැනුවත් කරන්නම්. ඉවසීමෙන් ඔබට සැනසිම ලැබෙනු ඇත.

ඔබ සැමට සුභ අනාගතයක් වේවා…. ඔබ සැමගේ බලාපොරොත්තු ඉටුවේ​වා!!

Similar Posts