ෆැමිලියාර් එක එම්බසියෙන් රිජෙක්ට් කරලා. දින 10 ලියුම දුන්නට පස්සේ, නිවැරදිව ඩොකුයුමන්ට් ඉදිරිපත් කරලා වීසා ගන්නේ කොහොමද?

ලිපිය සෑහෙන දිගයි.ඒත් හැමෝටම මේ දේ වැදගත් වෙනවා.ඒ නිසා අවසන් වෙනකන්ම කියවන්න.

ඇත්තටම මේක ලියන්න හිතුවේ අපි වගේම ෆැමිලියාරේ Document එකට කට්ට කාපු අය වෙනුවෙන්. හොර කරලා බො​රු කරලා සල්ලි වලට යන අයට නෙමේ. එයාලා නිස තමා අපිත් ගොඩක් දුක් වින්දේ. සල්ලි දීලවත් කරගන්න ඕනේ නැ. ඇත්තම
කසාදයක්නම් මේක කවදාවත් වරදින්නේ නැ.

මේ අපේ දෙවනි Nullaosta එක. පලවෙනි එක covid නිසා Expired උනා. දෙවනි නුල්ලාඔස්තා එක මට මෙහෙන් මාස තුනක් යද්දි හම්බ උනා. හස්බන්ඩ් ලංකාවෙන් ලීගලයිස් වෙන්න දාපු මැරේජ් Certificate එක හම්බ උනේ මාස 4න්. (ඒක හම්බ වෙද්​දි මම ලංකාවේ.

කුරියර් එකෙන් ආපු Document එක collect කරේ මම. මගේ sing එක තමා ගහලා මම ගත්තේ. කොහොම හරි අපි April 4 පාන්දර ගියා. අපිට පාස්පෝර්ට් එක දෙන්න බැරි උනා. ඒ හරියෙම ලගම නැවතිලා පහුවදා පාන්දර 2ට ගියා. පොලිමේ ඉදලා අපි බාර දුන්නා.(දැන් එහෙම නැ , appointment වලට දැන් ඇතුලට ගන්නේ) 7 යි බාර ගන්නේ. අපි 5ස් වෙනියට හිටියේ.

අපිට එදාම හම්බුනා Letter එකක්. verification වලට visa process එක නතර කරනවා කියලා. මමත් හස්බන්ඩ් එක්ක vfs එකට ගියා. මම එතනදි ඉතලි වලින් තමා කතා කලේ. මොකද Document බාර ගත්ත දෙන්නම Italian දෙන්නෙක් හිටියේ.

අනිත් එක තමා අපේ ෆයිල් එක ඔහේ දික් කරන්න එපා. අපිට Document ගැන Idea එකක් තියනවද කියලත් එයාලා බලනවා. මොකද මගෙන් ඇහුව්වා අපි ගාව තියන documents මොනවද කියලා. මමයි Documents ඔක්කොම හැදු​වේ ඒ නිසා මම​ම එයාට දුන්නෙ.

මෙන්න නුල්ලාඔස්තා එක. මේ තියෙන්නෙ ස්තාතෝෆැමිලි එක. හස්බන්ඩ්ගේ,මගේ passport ෆුල් pages කිය කිය.
එදා ඔක්කොම බාර ගත්තා (පලවෙනි දවසේ බාරගත්තේ නැති උනාට, අපි ඇතුලට ගිහින් ඔක්කොම Documents check කරගත්තා. එතකොට කිව්වා photos හරි නෑ. size එක වැරදියි. සුදු වැඩියි කියලා. ඒ නිසා අපි kodak studio එකෙන් අරන් දෙවනි දවසේ ගියේ)

හරියටම මාසෙන් Interview කතා කරා. May 5 Interview. එකේ අහපු හැමදේටම උත්තර දුන්නා. මම ලංකාවට ආපු ගියපු දවස්, මැරි කරපු දින, මම ඉන්නේ කොහෙද? රස්සාව? ඒ වගේ දේවල්,

Interview ඔයාලගේ හැමදේම ගෙනියන්න.

  • ඔයාලා wedding album අරන් යනවා වගේම, ඔයාලා ගෙදරදි ගත්ත photos, ෆැමිලි trip, වෙනකාගේ හරි wedding වලට ගියපු photos (මේවා වනම print කරන් අරන් යන්න. එයාලා සමහර ඒවා ගන්නවා. ඒවා ගන්න පහසු විදිහට පොඩි වෙනම අල්බම් එකක් අරන් යන්න) අපේ කපල් photos දෙකක් ගත්තා.
  • Gramasewaka සහතිකය, ඒකේ තියනවා වෙනත් කියලා කොටුවක්, ඒකේ ලියාගන්න ඕනේ wife /husband name,marriage certificate number.(පොඩි විස්තරයක්)
  • චන්ද නාම ලේකනය (බැදපු දවසෙම මාරැකරගන්න. අපේ documents වල ඒක විතරයි තිබ්බේ නැත්තේ. මම මාරැ කරේ 2022 ලංකාවට ගිහින් ඒ නිසා 2021 චන්ද නාම ලේකනයේ මගේ නම තිබ්බේ නැ)
  • ඔයාලා meet උනේ කොහෙදිද? College, university, school, course (දෙන්න ඒකට අදාල certificates අරන් යන්න)
  • Wife /husband ලංකාවට ආපු ගියපු මාසේ හරියටම මතක තියාගන්න.

මේ ​ඔක්කොම අපේ තිබිලත් අපිට July 13 vfs එකෙන් කතා කරලා Letter එකක් තියනවා කියලා කිව්වා. අපි දැනගත්තා Reject Letter එක තමා මේ. අපි අපේ හැම ඩොකුමන්ට් එකක්ම අරන් Colombo vfs ගියේ. අපි කොකටත් කියලා 10 Days Letter එක දුන්නොත් අවශ්‍ය වෙන ඩොකුමන්ට්ස් හදලා තිබ්බේ. July 15 අපිට 10 days Letter එක ලැබුනා. හස්බන් එතනම එහා පැත්තේ තියන (appointment එකක් ගන්න ඔිනේ,අපි 14 කතා කරලා ගත්තා,15 letter එක අරන් කෙලින්ම ගියේ එතනට)1st floor Lalson building, No,410,Galle road, Kollupitiya,Colombo 3,
Mr .Antony meet වෙන්න ගියා.

මෙතන ඉන්න කෙනා අපේ Letter එක, අපේ සාක්ෂි හැමදෙම හොදට study කරනවා. එයත් අපිව Interview කරනවා. එයා ඊට පස්සේ අපේ story එක submission එකක් විදිහට හදනවා.

අපේ messages, Photos, Joint Account, Trip ,Facebook comments, Instagrams photos (screenshots) , wife /husband ලංකාවට ආපු ගියපු දවස්, Italy වලින් ලංකාවට යවපු බඩු (aircargo), Birthday Presents, සල්ලි දාපුවා, ෆැමිලි Parties, ගෙයක් හදනවානම් ඒක, හැමදේම… (මම ලංකාවට ඇවිත් හස්බන්ඩ්ගේ ගෙදර නීරෝධානය උන, මම කලින් කිව්වා වගේ මැරේජ් සෙටිෆිකට් කුරියර් එකෙන් සයින් කරලා ගත්ත රිසිට් එක,) ඒ letter එකෙන් අපි ඔප්පු කරා අපි දෙන්නා එකට ජිවත් වෙන්නේ, අපිට තියෙන්නේ common family life එකක් කියලා,(mr.Antony කියනවා ඕන දේවල්)

Husband ඉතින් letter (15th July_සිකුරාදා) එක ගද්දි, vfs එකෙන් දෙපාරක් ඇහුව්වා මේ (සාක්ෂි) documents බාර දෙන්න ඕනේ කොහෙටද කියලා, “ඔක්කොම අරන් vfs එකට එන්න කිව්වා”  (vfs (එකෙන් කවදාවත් හරියට information එකක් දෙන්නේ නැ)

අනේ අපි සදුදා ඔක්කොම හදාගෙන ගියාම එතන හිටපු, ආදරනීය  සිකුරැටි කිව්වා දැන් බාරගන්නේ නැ කියලා. හස්බන්ඩ් විස්තර ඇහුව්වා. Appointment වත් ගන්න ඕනෙද දන්නේ නැනේ කියලා හිතලා.

හස්බන්ඩ්- “Mister මේ 10 day letter එකට submission එක මේක කොහොමද බාර දෙන්නේ” අපොයිමන්ට් ගන්න ඕනේද?

සිකුරැට්ටා – “ඒවා අපි දන්නේ නැ, ඇතුලට යන්න දෙන්න බැ ඔක්කොම වහලා තියෙන්නේ. දැන් මුකුත් බාර ගන්නත් බෑ. හෙට උදේ එන්න”අපොයිමන්ට් ගන්න ඕ​නේ.”

(මම හස්බන්ඩ් එක්ක ලයින් එකේ හිටි​යේ. පුදු​ම කලකිරීමක් ඇති උනේ. මුන්ට පඩි අරන් හරියට රස්සාවක් කරන්න බැරි හැටි කියලා. හරියට information එකක්වත් දෙන්න දන්නේ නැ)

හරි කමක් නැ කියලා හැරෙන්න යද්දිම ඇතුලේ ඉදන් පිරිමි ලමයෙක් ආවා. හස්බන්ඩ් කෝකටත් කියලා එයාගෙනුත් ඇහුව්වාම කිව්වා “සර් එම්බසි එකට යන්න ඕනේ,12 ට කලින් යන්න එතනින් ඩොකුයුමන්​ට් ගන්නවා කියලා”

හරියට 12 ට කාලක් තියෙද්දි අපි Documents ටික බාර දුන්නා. (july 25) හරියටම ඒ සතියේ සිකුරාදා July 29 මැසේජ් එක ආවා. Monday passport එක collect කරන්න එන්න කියලා. call එකකුත් එදාම ආවා.
Husband අද ගියා . (1st august) visa අවුරැද්දකට වැදිලා පාස්පෝර්ට් එක හම්බුනා.

අපි මේ ඩොකුයුමන්​ට් හදන්න ගන්නේ 2019 ඉදන්අ. ​අවුරැදු 3 ක්. පුදුම කට්ටක් කැවේ. හැබැයි කියන්නම ඕන දෙයක් තමා. 10 Days Letter එක දුන්න ගමන්. හැමෝම වැඩේ අතාරිනවා. එහෙම එපා. මේක හරියට එයාලගේ Second Interview එකක් වගේ. අනිවාර්යෙන්ම ඒ 10 day ලෙටර් එකට සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ මේ Submission (letter) එකත් එක්කම. අපේ සාක්ෂි ඒකට Attached කරන්න ඕනේ. අපිත් මේක දන්නේ නැ.

තව දෙයක් තමා (මේක කිව්වාම ගොඩක් අයට හිත රිදෙයි. මම ඇස් දෙකට දැක්ක නිසා කියන්නේ) vfs /Embassy එකට යද්දි පොඩ්ඩක් පිලිවෙලට ඇදන් යන්න. ගොඩක් මිනිස්සු රබර් සෙරෙප්පු දාගෙන, striped denim ඇදන්, කොන්ඩෙවත් පිරලා නැතුව, බුලත් විට කාගෙන vfs එකට යන්නේ. ඉතින් දැක්ක ගමන් ඒ මිනිස්සු දිහා බලන්නෙම එපා වෙලා වගේ. Impression මේ වගේ තැනකට තියෙන්න ඕනෙනේ.

මැරි කරලා ලස්සන පවුල් ජිවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙන ඔක්කොටම සුභ පැතුම්.

Similar Posts