|

ෆැමිලියාර් එක එම්බසියෙන් රිජෙක්ට් නොවී ගොඩ දාගෙන්නේ කොහොමද?

Familiar visa apply කරපු සහ ​ඇpply කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට උදව් වෙයි.

හොදින් කියවලා බලන්න. (විශේශයෙන්ම කියන්න ඕනි මේ දේවල් අදාල වෙන්නෙ හරිම විදියට ​​​Marry කරපු 1st original Marriage (Divorce නැති) එකේ අයට පමණයි.)

ලංකාවෙන් Familiar visa එකට යන්න ඉන්න කෙනාට අදාලයි.

  • ඔයාලගෙ Birth certificate, National ID, Marriage certificate & passport මේ Document 4ම සම්පූර්ණ නම හරිම විදියට තියෙනවා ද බලන්න. හැම එකේම නම එකම වෙන්න ඕනි. අකුරක් ,ඉස්පිල්ලක්, පාපිල්ලක්, හිස්තැනක් වත් අඩු වැඩි, වැරදි වෙන්න බැහැ. (වැරදි තියෙනවා නම් ඒකට අදාල අයගෙන් විමසලා ඒ දේවල් කලින්ම හදාගන්න.
  • ඔයාලා Nullaosta එක ලැබුන ගමන් මෙහෙන් vfs එකට Document file එක බාර දෙන්න පුලුවන් විදියට වැඩ ටික කරගන්න ඕනි. Legalize Documents late වෙන්නත් බැහැ. Legalize කලිං දාලා Nullaosta late වෙන්නෙත් නැති විදියට හරියට හොයලා බලලා Nullaosta එක ලැබෙද්දිම legalize එකත් ලැබිලා දෙකම Expire නොවී Submit කරන්න වග බලාගන්න.
  • ඔයාලගෙ legalize apply කරද්දි ඉතාමත් පැහැදිලි අත් අකුරින් passport එකේ විදියටම නම සහ අනෙකුත් විස්තර සම්පූර්ණ කරන්න වග බලා ගන්න.
  • Legalize එකට Documents යවන්න කලින් Translate කරපු Marriage certificate එකේ spelling හරියට check කරගන්න original එකත් එක්කම.
  • ඔයාලා Marry කරපු දවසේ ඉදන්ම Comman life එකක් තියෙනවා කියලා ඔප්පු වෙන විදියේ සාක්ශි එකතු කරගන්න.
උදා -: – එකට ගෙයක් හදන බව ( Husband ගේ නමට තියෙන ඉඩමේ නම් හදන්නෙ දෙන්නගෙම නමට plan එක අදින්න සහ Expenses wife ගෙවන්න)
  • Joint account එකක්
  • Insurance එකක් ඒ වගේ දේවල්
  • couple photos 500k විතර
  • Engagement එකෙන් හෝ wedding එකෙන් පස්සෙ අනිවාර්යයෙන්ම පදිංචිය මාරු කරගන්න. ඒක නම් අනිවාර්යයි. (Wife නම් husband ගේ ගෙදරට පදිංචිය මාරු කරගන්න)
  • Husband/ wife ට පුලුවන් හැම මාසෙකම අදාල කෙනාගේ නමට හදපු Bank Account එකකට Family Expenses එවන්න කියන්න. ඒ වගේම ඒ හැම Receipt එකක්ම ළඟ තියා ගන්න අමතක කරන්න එපා.
  • එකට ගිය හැමදේකම photos තියාගන්න. ඒ වගේම social media එකක (fb or insta) ඔයාලගේ දේවල් post කරන්න. Celebrate කරන්න. ඒ memories වුනත් අපිට ඉදිරිපත් කරන්න පුලුවන් ඕනි වෙලාවක.

මේ එක දෙයක් හරි ප්‍රයෝජනවත් වෙයි කාටම හරි.

ඉතාලියේ අපි ජොබ් බෑන්ක් සමූහයේ ලිපියකින් උපුටාගන්න ලදී.

Similar Posts