සනතෝරියා 2020 – නීති කෙටුම්පත

මෙහෙමයි සනතෝරියා එක සූදානම් වෙන්නෙ

බොහෝ විට මේ මැයි මාසය වෙන්න පුළුවන් , දැනටමත් ඉතාලියෙ ගෘහ සහ කෘෂිකාර්මික ක්ෂෙත්‍රවල සේවයේ යෙදී සිටින, රැඳී සිටීමේ අවසරපත් නැති විදේශික ශ්‍රමිකයන් නීත්‍යානුකුල කරන නීති රෙගුලාසි එලි දකින්න පුළුවන් වෙන්නෙ. ඇත්තෙන්ම මේක කෘෂිකාර්මික ඇමතිනි Bellanova ගෙ ක්‍රියාත්මක මැදිහත්වීම නිසාම සිදු වෙන්නක්.. ඇය තමයි අක්‍රමික ලෙස විදේශිකයන් ගොවි බිම්වල සේවයේ යොදා ගැනීමට එරෙහිව හඬක් නැගූ අය අතරේ මුල් පෙලේ සිටියෙ.

 

ඔය sanatoria කියන වචනය 2009, 2012 අවුරුදුවලවත් නීති කෙටුම්පතේ තිබ්බෙ නැහැ. ඒ වෙනුවට භාවිතා කලේ EMERSIONE DAL LAVORO NERO O IRREGOLARE කියල.. ඒකෙන් අදහස් වෙන්නෙ දැනටමත් ඉතාලියෙ නිසි රැකියා කොන්ත්‍රාත්තුවක් සහ රැඳී සිටීමේ අවසරයක් රහිත විදේශික ශ්‍රමිකයන් නීත්‍යානුකුල කිරීම.

තවම මේ කෙටුම්පත ගැසට් කරල එලි දක්වල.නම් නැහැ. නමුත් මැයි මාසයෙ decreto එකත් එන්න පුළුවන්.

 

මේ අවස්ථාවේදී මේ වගේ සනතෝරියා එකක් ගෙන ඒමෙන් රජය අරමුණු 2ක් ඉෂ්ඨ කර ගන්න බලාපොරොත්තු වෙනවා.

  1. කොරෝනා රෝගයේ පැතිරීමත් සමග ඇති වූ තත්වය හමුවේ පුද්ගලිකව සහ සාමූහිකවත් වශයෙන් සෞඛ්‍ය තත්වය රැක ගත හැකි තත්වයක් සහතික කරලීම.
  2. නිසි රැකියා කොන්ත්‍රාත්තුවක් රහිතව සේවයේ යෙදීම වැලැක්වීම.

දැනට පේන්න තියෙන විදියට රජයේ මේ මැදිහත්වීමෙ වැඩි බරක් යෙදෙන්නෙ යුරෝපීය නොවෙන , සෘතුමය සේවකයන් සඳහායි.

 

මොනව​ගේ සේවා යෝජකයන්ට ( datore di lavoro ) ද ඉල්ලුම් කරන්න පුළුවන්?

ඉතාලි ජාතිකයන්ට සහ යුරෝපා සංගමයේ සාමාජික රටවල වගේම යුරෝපීය නොවෙන රටවල permesso di soggiorno illimitato හිමි අයටත් ඉල්ලුම් කල හැකියි. ( carta di soggiorno CE, UE)

 

පසුගිය වසර 5 තුලදී , නීතිවිරෝධී සංක්‍රමණිකයන් ඉතාලිය තුලට ගෙන ඒමට හෝ ඉතාලියේ සිට යුරෝපීය හවුලේ වෙනත් රටවලට හොරෙන් පැටවීමට දායක වීම හේතුවෙන් උසාවියෙන් දඬුවම් නියම වූ අයට නම් , සේවා යෝජිතයෙක් ලෙස කටයුතු කල නොහැකයි. ඒ වගේම ගණිකා වෘත්තියට කට්ටිය බඳවා ගැනීමෙන් හා ඒ හරහා ලිංගික ශ්‍රමය සූරා කෑ වරදට දඬුවම් ලබපු අයටත් , කුඩා ළමුන් අනිසි වැඩවල යෙදවූ අයටත් මේ නීතිය යටතේ සේවා යෝජකයින් ලෙස ඉල්ලුම් කල නොහැකියි.

 

මොන අංශවලද මේ සංක්‍රමණිකයින් නීත්‍යානුකුල කිරීම කෙරෙනවා ඇත්තෙ?

පලමු කොටස

කෘෂිකාර්මික අංශයේ සහ සෘතුමය රැකියාවල. කලින්ම කියපු විදියට මෙහිදී සැලකිල්ලට ගැනෙන්නෙ කෘෂිකාර්මික , සතුන් ඇති කිරීම, ධීවර කර්මාන්තය , ජලජීවී වගා කියන අංශ.

 

දෙවන කොටස

Assistenza alla persona ( පුද්ගල සහාය) එකම නිවසේම වාසය කරමින් හෝ තමන්ගෙම තැනක ඉඳලා ඇවිත්, රෝගයකින් පෙලීම නිසාවෙන් හෝ අංග විකල භාවයක් නිසා තමන්ගේ වැඩ තනියෙන් කර ගත නොහැකි පවුල්වලට , උදව් කරන කොටස , සරලව කිව්වොත් lavoro domestico (ගෘහ සේවය)

 

කවර යුරෝපීය නොවෙන (Extra UE) සේවකයන් මේ සනතෝරියා එක යටතේ නීත්‍යානුකුල කරන්න පුළුවන් ද?

රැකියා කොන්ත්‍රාත්තුකට එලඹීමට කැමති සේවා යෝජකයන් (datore di lavoro ), තමන් රැකියා කොන්ත්‍රාත්තුවක් නැති සේවකයන් සමග රැකියා කොන්ත්‍රාත්තුවකට එලඹිමට ඇති කැමැත්ත ප්‍රකාශයට පත් කිරීමක් තුලින් මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන් ..සරළව කිව්වොත් job contract එකක් ගහන්න ඕනෙ..

ඒ වගේම මාර්තු 08 ට කලින් ඉතාලිය තුල රැඳී සිටි අය පමණයි මේ යටතේ සුදුසුකම් ලබන්නෙ. ඒ කිව්වෙ 2020 මාර්තු 08 ට කලින් දවසක ඇඟිලි සලකුණු දීලා තියෙන, මාර්තු 08 න් පස්සෙ ඉතාලිය හැර නොගිය අයට පමණයි මේ සනතෝරියා එකට ඇතුලත් වෙන්නෙ..

තව දුරටත් මේක සංශෝධනය වෙයි.. ඒ කිව්වෙ

2019 දෙසැම්බර් 31 න් permesso di soggiorno කල් ඉකුත් වී එය නැවත් අළුත් කිරීමට හෝ වෙනත් වර්ගයක රැඳි සිටීමේ අවසරපතක් බවට පත් කර ගත නොහැකි වූ අයටත් (asilo politico , cure mediche ) ඉල්ලුම් කරන්න පුළුවන්

 

අක්‍රමික සේවයක් නීත්‍යානුකුල කරන්න යන නිසා මුලින් ලබා දෙන්නෙ තාවකාලික රැඳී සිටීමේ අවසර පතක්. එය කොපමණ කාලයකට ද කියල තවම ස්ථිර කරල නැහැ. නමුත් නිසි රැකියා ගිවිසුමක් පෙන්වන අස්වනු නෙලන්නන්, වැඩිහිටියන් රැක බලා ගන්නන් , ගෘහ සේවකයන් ( braccianti, colf, badanti) ට තාවකාලික අවසර පත (permesso di soggiorno temporaneo) , රැකියා සඳහා වූ රැඳී සිටීමේ අවසරපතක් ( permesso di soggiorno per motivi di lavoro) බවට පත් කර ගත හැකියි.. ඒකෙ අවම කාලය වෙන්නෙ මාස 4ක්.. මාස 4ට වැඩි රැකියා ගිවිසුම් සහිත අයට රැකියා ගිවිසුමේ කාලයට සමාන කාලයකට permesso di soggiorno per motivi di lavoro ලැබෙනවා.

වැඩේට කොච්චර වියදම් වෙයිද?

යුරෝ 400ක ස්ථිර දායක මුදලක් වගේම , රැකියා ගිවිසුමක් රහිතව සේවයේ යෙදී සිටි කාලයටත් අදාලව සේවක අරමුදල්, රජයේ බදුත් ගෙවන්න ඕනෙ සේවා යෝජකයා විසින්

 

මෙන්න මේ විදේශික සේවකයන්ට මේ සදහා ඉල්ලුම් කරන්න බැහැ

  • ආරක්ෂක හේතුන් මත රටෙන් බැහැර වීමට නියෝග ලද අය
  • මහජන ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකා රටෙන් පිටව යාමට නියෝග ලැබී ඇති අයට ((articolo 13, commi 1 e 2, lettera c)) හෝ අන්තර්ජාතික එකඟතා සහ ගිවිසුම් මත අනතුරුදායක ලෙස හඳුනා ගෙන ඇති පුද්ගලයෙක්ට ඉල්ලුම් කල නොහැකියි..
  • articolo 380 යටතේ අපරාධ නඩුවකට වැරදිකරුවෙක් වු කෙනෙක්ට ඉල්ලුම් කල නොහැකියි..
  • මහජන ආරක්ෂාවට , ඉතාලියේ ආරක්ෂාවට හෝ ඉතාලිය සමග ආරක්ෂක ගිවිසුම් ඇති අනෙක් රටක ආරක්ෂාට තර්ජනයක් ලෙස හඳුනා ගෙන ඇති අයටත් ඉල්ලුම් කල නොහැකියි .
  • (Stranieri pericolosi)

 

ඔබේ සැලකිල්ල තවම මේකට දොමන්දා දාන්න බැහැ. 2020 මැයි 07 එලි දක්වපු කෙටුම්පතේ හැඩය තමයි මෙච්චර වෙලා විස්තර කලේ..වැඩි විස්තර ඉදිරි දිනවල රජයට අදාල වෙබ් අඩවිවල පල වේවි..මේ කෙටුම්පත තවම නීතිගත කරල නැහැ. ඒ නිසා තවම ඉල්ලුම්පත් යවන්න හැකියාවක් නැහැ..ඒ නිසා ඔය ඉවසුවා වගේ තව පොඩ්ඩක් ඉවසමු.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *