විදෙස් ගතවී පැමිනෙන අයට කෝවිඩ් නීති කිහිපයක් හදිසියේ ඉවත් කෙරේ.

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් අද (07) සිට ලිහිල් කර තිබේ.

කොවිඩ් පැතිරයාම වැළැක්වීම සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපපයක් එලෙස අහෝසි කර ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

ඒ අනුව, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට ඉදිරිපත් කිරීම සඳහා වන PCR පරික්ෂණ වාර්තාව අනිවාර්ය කර තිබූ නීතිය අද සිට අහෝසි වන බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට වන සහතිකය ද අද සිට අනිවාර්ය නොවන බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

Similar Posts