විදෙස්ගතව සිට ලංකාව​ට පැමිණෙන පුද්ගලයින් සඳහා ක්‍රියාත්මක කෙරෙන නව නීරෝදාය​න ක්‍රමවේදය [2022 පෙබරවාරි සිට]

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන ක්‍රමවේදය සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් සහිතව නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කර තිබේ.
ඉකුත් මාස හයක කාලය තුළ කොවිඩ් මර්ධන එක් එන්නතක් ලබාගෙන කොවිඩ් ආසාදනය වූ සංචාරකයන් හා ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන් පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ලෙස සලකනු ලබන බව එම මාර්ගෝපදේශ සංග්‍රහයේ දක්වා තිබේ.

එමෙන්ම මෙරටට පැමිණිමේ දී ගුවන්තොටුපල හරහා සිදුවන පී.සී.ආර්. පරීක්ෂණයේ දී සි.ටී අගය 30ට ඩු පරීක්ෂණ වාරතා හිමි සංචාරකයින් සහ මෙරටට පැමිණෙන්නන් දින 7ක නිරෝධායන කාලයට යටත්ව ගුවන්තොටුපලින් බැහැරවයා හැකිය.
ඔවුන් එලෙස ගුවන්තොටුපලින් නිදහස් කරන්නේ ගමනාන්තයේ නිවෙස් නිරෝධායනය සඳහා අවශ්‍ය සියලු පහසුකම් ඇතිනම් පමණි.
පූර්ණ එන්නත්කරණයට ලක් වී මව්පියන් සමග පැමිණෙන වයස අවුරුදු 12ට අඩු දරුවන් සම්පූර්ණයෙන් කොවිඩ් පරීක්ෂණවලින් මුදා හැර තිබේ. එක් එන්නතක් ලබා ගත් අවුරුදු 12 -18 අතර දරුවන්ට දෙමව්පියන් සමග බැහැර යෑමට අවස්ථාව ලැබේ.

මෙරටට පැමිණෙන විදෙස් ගමන් බලපත්‍ර හිමියන් ඩොලර් 50,000ක රක්ෂණාවරණයක් ලබාගත යුතු බවය. මෙරට සිටින කාලය තුළදී කොවිඩ් ආසාදනය වුවහොත් රෝහල්ගතවීමට දැරීමට සිදුවන වියදම් ඉන් ආවරණය විය යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වෙයි

මෙම වාර්තා සියල්ල උපුටාගන්න ලද්දේ ලංකාවේ ප්‍රදාන මද්‍ය ආයතන කිහිපයක් මගිනි.කෙසේ නමුත් ඔවුන් එය වාර්තා කර තිබූ ආකරයට අපටත් මෙය කෙසේ සිදුවන්නේද? නියමාකරයෙන් එන්නත් ලබා ලංකාවට යන අයට කෙසේ ගුවන් තොටුපලෙන් යාහැකිද යන්න නිශ්ශිචිතව කිව නොහැක.
මේ ගැන වැඩි විස්තර ලැබුන සැනින් ඔබව දැනුවත් කරන්නම්.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *