මේ මස 31න් පසු ගුවන් ගමන් ඇනහිටී?

තෙල් අර්බුධය ලෝකෙන් ලංකාව ඈත් කරයි

අරුන පුවත් පතින් උපුටාගන්නා ලදී.

මේ මස 31 වැනිදායින් පසු කටුනායක ඇතුළු මෙරට ගුවන්තොටුපලවල් වසා දැමීමේ අවදානමක් මතුව ඇති බව අනාවරණය වෙයි. ගුවන්යානා ඉන්ධන අවසන් වීම මීට ආසන්නතම හේතුවයි.

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ ඉහළ නිලධාරියෙකු පවසන්නේ කටුනායක ගුවන්තොටුපල සතුව ගුවන්යානා ඉන්ධන ඇත්තේ මේ මස 31 වැනිදා දක්වා පමණක් බවයි.

ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසන පරිදි මෙම ඉන්ධන අර්බුධය හේතුවෙන් මෙරට ගොඩබස්සන ගුවන්යානා කීපයක්ම මේ වන විට මදුරාසියට ගොස් ඉන්ධන පුරවාගෙන පැමිණ ඇත.

නයන තරංග ගමගේ අරුන පුවත් පතිනි

Similar Posts