පාරොභෝගික ඔබ මිලදී ගන්නා භාන්ඩ හා සේවා සදහා නිකුත්කරන බිල්පතට (කුවිතාන්සියට) දිනුම් ඇදීමක්.

මේ දිනුම් ඇදීමෙන්.

  • ව්‍යාපාරිකයන්ට මොනවගේ අවාසියක් වෙයිද??
  • පාරිභෝගිකයන්ට මොනවගේ වාසියක් වෙයිද??
  • රජයට මොනවගේ වාසියක් වෙයි ද?? අද කතාකරමු මේ ගැන.

මේ වැඩසටහන 2020 ජනවාරි 01 වනදා සිට ආරම්භ වනවා. පාරිභෝගික ඔබ ඉතාලිය තුල යම් කිසි භාන්ඩයක් හෝ සේවාවක් සදහා මුදලක් ගෙවනවා නම් ඔබට බිල්පතක් නිකුත් කිරීම අනිවාර්‍යයෙන්ම කල යුතු දෙයක්. අන්න ඒ බිල්පත් වලට තමයි මේ දිනුම් ඇදීම කරන්නේ.

ඔබ මුදල් වෙනුවට carte හෝ Bancomat වලින් ගෙවනවා නම් ජයග්‍රහණය කිරීමේ අවස්තාව තවත් වැඩිවෙනවා කියලා කියන්නේ.

මේ ක්‍රමය ඇතිවෙන්න ප්‍රදානම හේතුව බදු පැහැර හැරීම් කියලයි කියන්නෙ. කුවිතාන්සි නිකුත් කරන්නේ නැති ව්‍ය්පාරිකයෝ ඔබ ඕන තරම් දැකලා ඇති. මේ අයව හිරකරන්න තමයි මේවා ගෙනල්ලා තියෙන්නේ කියලා අපිට නම් හිතෙන්නේ.අපි බලමු මේ ලොතරැයිය නිසා ව්‍යාපාරිකයන්ට සිදුවන දේ.

  1. මේ ලොතරැයිය නිසා පාරිභෝගිකයන් අනිවාර්‍යයෙන් බිල්පතක් ඉල්ලනවා.
  2. එවිට ව්‍යාපාරිකයන්ටත් බිල්පතක් නිකුත්කරන්න සිදුවෙනවා.
  3. බිල්පත් නිකුත්කිරීම නිසා ව්‍යාපාරිකයන්ගේ ආදායම වැඩි වෙනවා.
  4. ආදායම වැඩීවීමත් සමග රජයට ගෙවිය යුතු බදු මුදලත් වැඩිවෙනවා.

පාරිභෝගිකයන් වන ඔබට සිදුවන දේ.

  1. ඔබට දිනුම් ඇදීමෙන් ත්‍යාගයක් ලබාගැනීමේ අවස්තාව උදාවෙනවා.
  2. ඔවුන් පවසන ආකාරයට carte හා bancomat වලින් ගෙවීමේදී ඔබ මාසිකව කොපමන මුදලක් වියදම් කරනවාද යන්න රජයට දැනගැනීමට හැකිවෙනවා. (isse එක හදන්න බැංකු වාර්තාව ඉදිරිපත් කල යුතුයි)

තවම මෙය සිදුවන ආකරය හා දිනුම් ඇදීමට ඇතුල්වෙන ආකරය ගැන සදහන් ඔවුන් කරලා නෑ. ඉදිරියේදී එම විස්තර ලැබුන සැනින් ඔබව දැනුවත් කරන්නම්.

Similar Posts