|

නාන්න යනවානම් පරිස්සම් වන්​න

පට්ට රස්නෙයි නේ මචන්. නාන්න යන්ද?  “පට්ටනේ, යමු මස් කැල්ලක් පුච්චලා පුංචියට නානගමන් මොනා හරිකරන්න”

සමර් එක, අවුරුද්දේ වැඩි කාළයක් සිතලේ ඉන්න යුරෝපේ අයට එලි පහලියට බැහැලා විනෝද වෙනකලේ. මේටි​කේ තියෙන රස්නය ගැන කවුරුත් දන්නවානේ. මේ රස්නේ දවස් වල​ට වතුරකට බැහැලා ඉන්න තියනවා නම් මරු. කනාගටුයි පහුගිය අවුරුදු කිපයේම අපේ ලංකිකයෝ බොහොදෙනෙක් දියේ ගිලි මියගියා. නොසැලකිලිමත්බ​ව හා වෙනත් කරුනු නිසා. ලගම සිදුවිම පෙරේදා දිනයේ තවත් වටිනා ජිවිතයක් නැති උනා.

ඉන්න බැරි තරමට රස්නේ උනත්, ආතල් එකක් ගත්තත් පරිස්සමින් මචන්. ආතල් වරදින්න වැඩිවේලාවක් යන්නේනැ.මොකද උබ එනකන් උබේ පවුලේ උන් බලාන් ඉන්නවා.

අම්මා තාත්තා සහොදරයෝ සහකරුවෝ දරුවෝ මේ සියලුදෙනාගේ අනාගතය , බර තියෙන්නෙ උබේ අතේනම් පරිස්සමින් මචන්. උබට වගකිමක් තියෙනවා උන්ව රකින්න. එ වගකිම මතක් කරගනින් වතුරට බහින හැම වේලාවකම. මේක ලියන මටත් උබටත් වරදින්න වැඩිවෙලා යන්නෙ නැ මචන්. ආතල් ගමු පරිස්සමින්.

ඉතාලියේ අලුත් ද පරන ද වීසා තියනවා ද නැද්ද අදාල නැ වතුරේදි වරදින්න වැඩිවෙලා යන්නේ නැ. ඉස්සරට වඩා දැන් ඉතාලියේ ලංකාවේ අය වැඩි. ඉස්සරට වඩා විනෝදවෙන්න දැන් අයට පහසුකම් තියෙනවා.එ නිසා අයේමත් කියනවා පරිස්සමින් සමර් එකේ නාන්න යද්දි. සතුටුවෙයන් ජිවත්වෙලා ඉන්න උන්ට හැමදාම සතුටින් ඉන්න පුලුවන් විදියට.

  • ශෝට් එකක්දාල වතුරට බහිනවනම් පරිස්සමින් මචන් ලිමීට් එකට (නාල ඇවිත්  වමනේ දාන්න බිපන්. වෙරියෙන් වතුරට බහින්න එපා)
  • මෙහෙ නාන්න සුදුසු තැන් ලකුණු කරල තියෙනව.නෑමට පෙර මත්පැන් සහ බර ආහාර ගැනීමත් වතුරේදී සංකූලතා ඇති වීමට හේතුවක්.
  • පිනන්න දන්නෙ නැති මම වගේ එකෙක්නම් දනිස් මට්ටම​ට ගිහින් බකට් එකකින් නාපන් නැත්තන් ගිලිලා උඩට වරේන් බලන් ඉන්න  උන් හිනා උනාට කමක් නැ අපිව පවුලේ උන්ට වටිනවානේ.
  • පීනන්න දන්නෙ නැති නම් මිනිස්සු ඉස්සරහා උබ Michael Phelps වෙන්න එපා.
  • වතුරට බැස්සාම පොරවල්වෙන්න එපා බිලා නම්. වරදින්න වෙලා යන්නේ නැ
  • කියනදේ අහන්නෙ නැති එකෙක් නම් ලාවට කනට එකක් දිලා බකට් එකක් දිලා ඉන්දවලා තියපන්.
  • පුලුවන්තරම් ආරක්ශිත තැන්වලින් වතුරට බහින්න. නොදන්න තැනක් නම් ටිකක් සෝදිසිකරලා බහින්න.
  • නාන්න යද්දි බෝතලේ වගේම හදිස්සියක් උනොත් කෙනෙක්ව බෙරගන්න පුලුවන් දෙයක් අරන් යන්න. (ලනුවක්,ලයිෆ්ජැක්ට,පාවේනදෙයක්,ටියුබ් etc )

දියේ ගිලුණු අයෙකුට ලබා දිය හැකි ප්‍රථමාධාර

  • දියේ ගිලුනු අයෙකු ගොඩට ගත් වහාම ඔහුගේ හෝ ඇගේ මුඛය පරීක්ෂා කරන්න. ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළුවීඇත්නම් ඒවා වහාම ඉවත් කරන්න.
  • උරහිසෙන් අල්ලා ඔහුට හෝ ඇයට කථා කර සිහිය ඇති නැති බව තහවුරු කරගන්න. පුද්ගලයා හුස්ම නොගන්නේනම් වහාම කෘතිම ස්වසනය වාර පහක් පමණ ලබා දෙන්න.
  • අනතුරුව පපු තෙරපුම් වාර 30 ලබාදෙන්න.
  • නැවත කෘත්‍රිම ස්වසන වාර දෙකක් ලබා දෙන්න.
  • රෝගියාගේ උෂ්ණත්වය අඩු වීම වැළැක්වීමට තෙත ඇඳුම් ඉවත් කර පොරොවකින් ආවරණය කරන්න.
  • මෙම ප්‍රථමාධාර ලබා දී වහාම රෝහල වෙත රැගෙන යන්න.

මෙක කියවද්දි ආතල්වගේ තියෙයි. කමක් නැ පරිස්සන්වෙයන්. අපි ලංකාවේන් එද්දි අපේ පවුලෙ උන් බලන් ඉන්නේ අපි නැවත පෙට්ටියක එනවා බලන්න නෙමේ.අපි පොරවල් වෙන්න පුලුවන් හැබැයි වතුරට බැස්සාම පරිස්සන් වෙයන්. ආයේ කියනවා වරදින්න වැඩිවෙලා යන්නෙනැ. හැමොම පරිස්සමින් කාල බිලා නාල සතුටුවේන්න.

Similar Posts