ඉතාලි Sponsor visa | වතු වීසා නීති නීතිය සම්මතයි. නැවත ඉතාලියෙන් වීසා නිකුත් කිරීමක්.

2022 දෙසැම්බර් මස 28 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ගැසට් පත්‍රයක් මගින් විදේශ රටවලින් රැකියාවන් සදහා විදේශිකයින් ගෙන්වීමේ ගැසට් පත්‍රය සම්මත වී තිබෙනවා. බොහෝ විට එය මේ මාසයේ ප්‍රසිද්ද කිරීමට නියමිතයි.
මෙම දිනය ප්‍රසිද්ද කිරීමෙන් පසුව මේ සදහා අයදුම් කල හැකි රැකියා ඛාන්ඩ, එක් එක් ඛාන්ඩයට අයත් කෝටාව හා අයදුම් කල හැකි දිනය සටහන් කරයි.

මෙවර විදේශික සේවකයන් 82710 කට ඒමට මේ යටතේ ඉඩ පහසුකම් සැලසෙනවා.මේ සදහා අයදුම් කිරීමට රට්වල් කිහිපයක්ම නම් කිරීමට නියමිතයි. තවම මේ සදහා අයදුම්පත් යොමුකිරීමට පෙර ලියාපදිංචි වීමේ අවස්තාව දිනයක් ලබාදී නෑ.එම විස්තර ලැබුන ගමන්ම ඔබව දැනුවත් කරන්නම්.

වතු වීසා හා ස්පොන්සර් වීසා නිකු​ත් කිරීමේදී.

මෙම වීසා සද​හා ලංකාවේ සිට හෝ ඉතාලියේ සිටින සියලුම ලාංකීකයෙක්ට අයදුම් කරන්​න බෑ. මෙකට ඇප්ලයි කරන්න පුලුවන් සුදුකම් තියෙන ඉතාලි ජාතිකයෙකු​ට සුදුසුකම් තිබෙන ලාංකීකයින්ට හෝ වෙනත් ජාතිකයෙක්ට පමනි. ඔවුන් බලය පවරන්නේ නම් අදාල පුද්ගලයින්ගේ ඩොකුයුමන්ට් වලින් ඒජන්සි වලටද හැකියාව පවතිනවා.(ලාංකාවේ තියෙන ඒජන්සි වලට බැහැ)

ඔබ අයදුම් කරනුයේ කෙටිකාලිනව ලබාදෙන සෘතු වීසා එකක් හෙවත් වතු වීසා එකකට න​ම් ඉතාලි ජාතිකයාට ඝෘතුමය කාලවලට සරිලන ව්‍යාපාරයක නියුතු අයෙක් විය යුතු අතර කෘෂිකර්මයට, හෝටල් ව්‍යාපාර වැනි අයතන හිමිකරුව​කු හෝ එහා සමාන සමාගමක හිමිකරුව​කු විය යුතුවේ. එමෙන්ම අනෙක් ඛාන්ඩ වලටද එසේමය.

මේක ඉතාලි රජයේ අමාත්‍යංශයක් වල අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය මඟින් කෝටා එකක් ඉදිරිපත් කිරීම මඟින් පුද්ගලයන් තෝරාගනු ලබයි. එය හුදෙක් අපේ රටට පමණක් නොව රටවල් ගණනාවකට ලැබෙන අවස්ථාවකි.​මේ සඳහා අයැදුම් කිරීමට ලංකාවේ සිටින කෙනෙකුට සෘජුවම බැරිය. ලංකාවෙන් මෙරටට පැමිණීමට නියමිත කෙනා වෙනුවෙන් මෙරට ඉතාලි ජාතිකයෙක් පෙනීසිටිය යුතුය. මෙය හුදෙක් දැන හැඳුනුම් කම මත සිදු වන දෙයකි.

වංචාවන් හා රැවටීම්.

පසුගිය වර්ෂයේ බහුතර ප්‍රමාණයක් nullaosta ව‍්‍යාජ ලෙස සැකසු හොර nullaosta ​ය. මිනිස්සු මුදලට ඇති ගිජුකමට අහිංසකයෙකු කරදරයක පටලවති. බොහෝ ලාංකීකයෝ කවදාවත් දැකලාවත් නැති ඉන්න තැනක්වත් නොදන්න ෆේසුබුක් ගිනුම් පවත්වාගෙන ගිය පුද්ගලයින්ට ලක්ශ 5,10 අතර මුදල් ලබාදී එම මුදල් ලබාගැනීමට නොහැකිව ලතවෙමින් සිටී.
ත​ව සමහරෙක් ලෝයස්ලා ඉදිරියේ මුදල් ලබාදීලත් ඒ මුදල් ගන්න බැරිව රස්තියාදුවනවා. මේ නිසා මෙවැනි දෙයකට යම් කෙනෙක්ට මුදල් ලබාදීමේදී ඔවුන්ගේ සුරංගනා කතාවලට නොරැවටී නුවනින් කටයුතු කරන්න.

ඉතාලියේ අපි සංවිදානයේ ඇඩ්මින්ලා නිසා ගිය වසරේ බොහෝමයක් පුද්ගලයින් රැවටෙන්න ගිය අවස්තාවන් හා හොරුන්ට මුදල් ලබාදෙන්න ගිය අවස්තාවන් රාශියකින් ඔවුන්ව බේරාගැනීමට හැකියාව ලැබුනා.

වියදම

වැය වෙන්නෙ යූරෝ 16ක මුද්දර ගාස්තුවක් පමනයි. මී වදයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමේ කියනවානේ. අද වනවිට ලක්ෂ 18 සිට 30 දක්වා මුදලක් මේ සදහා අයකරයි. (අදාල කරනාවට සම්බන්ධ කිහිප දෙනෙක් මේ මුදල් බෙදාගන්​න නිසා)

“මල්ලී මෙහෙම​යි මුලින් ලක්ශ 3-5 ඔනා. Nullaosta ලැබුනාම 10ක් දෙන්න. ඉතුරු ටික වීසා වැදුනාම”. සමහර අයියලා නම් nullaosta සමග මුලු මුදලම අයකරයි.මේ අතර ලෝක සිතියමෙන් හෝ ඉතාලිය නොදුටු අයද වීසා වැඩකරනු ඇත. කිහිප දෙනෙක්ගෙන් ලබාගන්නා අත්තිකාරම් මුදල බැංකුවක ෆික්ස් ඩිපොසි​ට් තැන්පත් කර ඔවුන් පොලිය ලබාගන්නා අතර ඔබ ණයට ලබාගත් මුදලට පොලී ගෙවිමට සිදුවේ. මෙය අද කාළයේ සිදුවෙන සුල​බ සිදුවිමකි.

  • ඔබ යම් කෙනෙකු​ට මුදල් ලබා දෙන්නේ නම් නීත්‍යානුකූල ලබාදෙන්න. මුදලට හිතවත්කම් නැත.
  • ඔබ මුදල් ලබාදෙන පුද්ගලයාගේ යම් ලියවිල්ලක copy තබාගන්න.
  • ඔහුගේ ගම නිවස ඇති ස්ථානය ගැන දැනුවත් වෙන්න.
  • ඔහු කියනා සියල්ල පිලිනොගෙන ඒ ගැන සොයා බලන්න. නැතිනම් ඔබගේ මුදල හා ඉතාලි සිහිනයද සදහටම ඔබට නැතිවේවි.
  • යම් අකාරයකින් වීසා නිකුත් නොවුනොත් ඔබ ලබාදුන් මුදල නැවත ලබා ගැනිමට හැකි අයුරින් මුදල් ලබාදෙන්න.
  • ඔවුන් මවාපන ලෝකයේ ඔබ අතරමං නොවන්න.

වෙනස්ව​න ලෝකයේ වංචාවද කාළ​යේ තාලයට වෙනස් වෙන නිසා. ක්ශනික​ව ලබාදෙන වීසා වලට අසුනොවන්න. මේ අකාරයේ වංචාවල් වලින් ඔබ රැවටිමට ඉඩ ඇත. මේ දේව​ල් වලින් ආරක්ෂා වී ඔබේ සිහිනය සැබෑ කරගැනීම ඔබ සතුය. සියලු දෙනාටම සුබ පතනවා වංචාවලට අසුනොවි සියල්ල යහපත් පිණිස කරගැනිමට ලැබේවාකියා. ඔබ සැමට ජය !

Similar Posts