|

ඉතාලියේ සෙලිෆ් ගැහුවොත් දඩ ගෙවන්න වෙයි.

ඉතාලියේ Portofino නගරය කියන්නේ සුවිශේෂි සංචාරක ආකර්ශනයක් තිබෙන නගරයක්. මෙම නගරයට ඇතුල්වන අතිවිශාල සංචාරකයින් නිසා නගරයේ ඇතිවන අනවශ්‍ය තදබදය නවතාලීම සදහා වාහන වල සිට හා වාහනය නවතා චායාරූප ගැනීමේදී දඩයක් නියම කිරීමට තීරනය කර තිබෙනවා.

මෙය යූරෝ 68 සිට 275 දක්වා වැඩි වෙන්න පුළුවන්. මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ මහාමාර්ගයේ සිට මුහුද ප්‍රදේශයේ චායාරූප ගැනී​ම,වාහනයේ සිටම වරාය නගයේ චායාරුප ගැනීම හා වැඩි සංචාරක ආකර්ශනයක් තිබෙ​​න piazzetta වල වාහනයේ සිට චායාරූප ගැනී​ම ලෙස ඔවුන් කියලා තිබෙනවා.

මෙය ලංකාවේ Ada Derana මගින් වාර්තාකර තිබුනේ ඔනෑම ආකරයකින් චායරූප ගැනීම තහනම් කර ඇති බවයි.එය වැරදි පුවතකි.

මීට අමතරව පාවහන් නොමැතිව, කමිසයක් නොමැතිව හෝ නාන ඇඳුමෙන් පාරේ ගමන් කිරීමද තහනම් කර තිබෙනවා.

Portofino නගරයේ චායාරූප කිහිපයක්.

චායාරූප – Anastasia / stefano-bernardo / nick-fewings / kristine-tanne

Similar Posts