ඉතාලියේ ඩොකුයුමන්​ට් නැතිකෙනෙක් කොහොමද බෙහෙ​ත් ගන්නේ?

මේ දවස්වල ඉතාලියට ලංකාවේ ඉදන් වීසා නැතිව බොහෝ දෙනෙ​ක් පැමිනියා. Visa නැතිව ඉතාලියේ ඉන්න පුද්ගලයේක්ට මුහුණදෙන්න වෙන ගැටලුවක් යම් අසනීපයකට ප්‍රතිකාර ලබාගන්නේ කේසේද යන්න? ඉතාලියේ පුද්ගලයේකුට පවුලේ වෛද්‍යවරයෙක් සිටින අතර වෛද්‍යවරයායෙක් තමාට තෝරාගැනිමට රැදිසිටිමේ බලපත අවශ්‍යවේ. වෛද්‍යවරයකුගෙන් ඖෂධ අනුමැති ලිපියක් නොමැතිව බෝහෝ ඖෂධ වර්ග ෆාමිසියෙන් නිකුත්වෙන්නේද නැත.

Visa නොමැතිකෙනෙක් කොහොමද බෙහෙ​ත් ගන්නේ අසනීපයකදී?

නේවාසික බලපත්‍රයක් (Visa නැති කෙනෙක්) නොමැතිව විදේශිකයන්ට සෞඛ්‍ය ආධාර සපයනු ලබන්නේ STP (තාවකාලිකව වර්තමාන විදේශිකයා.Straniero temporaneamente presente )සහිත තනි කලාපීය කේතයක් සහිත කාඩ්පතක් නිකුත් කිරීම හරහා වන අතර එමඟින් ලබා දිය හැකි සියලුම සේවාවන් සඳහා රෝගියා හඳුනා ගනී.ATS ආයතනකින් මේය ඉල්ලුම්කර ලබාගත හැකිය. මෙය මාස 6කට ලැබෙන අතර මාස 6කට වරක් අලුත්කරගැනිමට සිදුවේ.

මිට අමතරව.

  • රතු කුරුස සංවිදානයෙන් (තමන් ජිවත්වේන නගරය අනුව සොයාබලන්න)
  • Milano ඉන්න අයට නම් NAGA ආයතනයෙන්. මේ Naga ආයතන ගැන පලක​ල
    ලිපිය.
  • තමන් ජිවත්වෙන නගරවල ඇති සමාජ සංවිදාන මගින්.
  • කාරීටාස් (caritas) බෝහෝ පල්ලිවල මේ දේ ක්‍රියාත්මක වේනවා.
  • යම් කෙනෙක් Rifighi ඉල්ලුම්කර ඇති අයෙක් නම් ඔහුට Tesera Sanitaria කාඩ්පත සදාගත හැකි නිසා. ජිවත්වේන නගරයේ Guarda Medico හා බරපතල රෝගයක් නම් ඔබට රෝහලට ඇතුලත්විය හැකිය.

දැන් කියන්නම් අලුතින් ආව කෙනෙක්ට යම් යම් අසනීපවලට ෆාමසියෙන් අනුමැති ලිපියක් නොමැතිව ලබාගැනිමට හැකි ඖෂධ වර්ග ගැන

TACHIPIRINA

පැරසිටමෝල් ගණයේ ඖෂධයක්. මෙ​ය 500mg හා 1000mg අනුව ඔබට ලබාගත හැක. උණට tachipirina 500 භාවිතාකරන අතර. Tachipirina 1000mg තදබ​ල වේදනාවකදි වේදනා නාශකයක් විදියට මේය භාවිතාකල හැකිය. tachipirina 1000mg ලබාගැනිමට වෛද්‍යවරයාගේ අනුමැති ලිපිය අවශ්‍යවේ. (නමුත් එය නැතිවද ලබාගත හැකිය )
38:0 උණ නැතිව මේ බේත ගන්න එපා කියලා කියනවා. උණ හැදුනකෙනෙක් නම් tachipirina තමා බොන්නේ. සැම නිවසකම සිටියයුතු වේදමහත්තයාවගේ ඉතාලියේ නැති ගේයක් නැති තරම්.

OKI

Oki බොහෝවිට වෛද්‍යවරයාගෙ අනුමැතිය අවශ්‍යවේ. වේදනානශකයක් වගේම සුලු උණ ගතියකට හිසේ කැක්කුමකට  oki task මෙය භාවිතාකල හැකිය. මිට අමතරව හිසරදයක දි

  • Momendol
  • Lasonil
  • Ketodol
  • Aspirona වැනි බේහෙත් වර්ග ඔබට භාවිතාකල හැකිය

සෙම්ප්‍රතිශ්‍යාවට

  • Aspirina
  • Actigrip
  • Vivin C වැනි වර්ග බෝහෝමයක් ෆාමිසියෙන් ඔබට ලබාගත හැකිය.

උගුරේ අමාරුවක් , සෙම් ගෙ​ඩි වගේ තත්වයකදි

  • Benagol
  • Froben gola පේති හා ස්ප්‍රේ වර්ග ඔබට ෆාමිසියෙන් මිලදිගන්න පුලුවන්.

කැස්ස

සේම සහිත හා සේම රහිත කැස්සට ඔබට බේහේත් පැනිවර්ග රාශියක් ලබාගන්න පුලුවන්.

  • Flumicil 200/400/600mg
  • Lisomucil
  • FLUIfrot
  • Levotuss
  • ​Mucovit

Gastritis

  • Gaviscon
  • Gonfiore

ඔබ යම් බෙහෙත​ක් ලබාගැනිමේදී අනිවාර්යයෙ​න් වෛද්‍ය උපදෙ​ස් පිලිපදින්න. ෆාමසියෙ​න් යම් බෙහෙත​ක් ලබාගැනිමේදි ඔවුන්ගේ උපදෙ​ස් ලබාගන්න. එසේ නැතිනම් ඔබ අසනීපය දේගුණවී fegato  විය හැක.

Similar Posts