ඉතාලියෙ ජිවත්වන ඔබට ලියකියවිලි සම්බන්දයෙන් සේවා සපයන ආයතන හා එහි සේවාවන්.

ඉතාලියේ ජිවත්වන අපට අපගේ ලියකියවිලි හා නීතිමය කාරනාවලදි අප සේවාවන් ලබාගන්න ආයතන හා එවායින් අපිට ලබාගත හැකි සේවවන් ගැන සරලව.

Questura

ඉතාලියේ පොලිස් මූලස්ථානය පළාත් අධිකරණ බලයක් සහිත මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යාලයක්. සංක්‍රමණිකයන්ගේ රැදිසිටිමේ බලපත ඇලුත්කරගැනිම්, බලපතලබාගැනිමට යාමට සිදුවන ස්ථානයයි. ඉස්සර වගේ නෙමේ දැන් සුහදසේවාවක් ලබාදෙනවා විශේසයෙන් සංක්‍රණිකයන්ට. පොලිසිය ද කොටස් කිපයකට බෙදෙනවා.

  • polizia
  • Polizia locale
  • Carabinieri
  • Guradia di finanza
 

Prefettura

පාලනය කරනු ලබන්නේ රජයේ විසිනි. පරිපාලනමය ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීම සහතික කිරීම සහ පළාතේ ක්‍රියාත්මක වන පරිපාලන අධිකාරීන් අධීක්ෂණය කිරීම යන පොදු කර්තව්‍යයන් ඇති අතරමහජන ආරක්ෂාව යන ක්ෂේත්‍රවල සැලකිය යුතු කාර්යයන් ඉටු කිරීමට අමතරව සංක්‍රමණ, සිවිල් ආරක්ෂාව, පළාත් පාලන ආයතන සමඟ සබඳතා, සමාජ මැදිහත්වීම සහ පරිපාලන අනුමත කිරීමේ කාර්යන් සිදුවේ…
  • සංක්‍රමණිකයෙක් පවුලේ කෙනෙක් මෙරට ගෙන්විමට අවශ්‍ය ෆැමීලියාර් අයදුම්කිරිම.
  • රටට පැමිනිනෙ සංක්‍රමණිකයේගේ පැමිනිම මුලින් දැනුම් දෙන ආයතනය.
  • විදේශිකයෙක් තම රටින් ගෙන්වාගන්නා ලියවිල්ලක් සහතික කරගැනිම්.
  • codici fiscali සැදිම.(පලවෙනි පාරට) මෙමගින් සිදුවේ.

Comune නගර සභාව.

හැබැයි අපේ වගේ දේශපාලනය විතරක් නෙමෙයි ලොකු සෙවයක් ජනතාවට කරනවා. මහනගර සභාවක් යනු ප්‍රාදේශීය ජනගහනයේ අවශ්‍යතා වෙනුවෙන් කැප වූ යම් මට්ටමක පරිපාලන ස්වයං පාලනයක් සහිත මූලික භෞමික ආයතනයකි. පුරවැසියන්ට සමීපතම පරිපාලන ආයතනය,එහි වැසියන්ගේ පොදු සමාජ ජීවිතය සිදුවන නේවාසික මධ්‍යස්ථානයක් ලෙස එහි ලක්ෂණ නිසා එය අර්ථදක්වා ඇත. මේහි සේවාවන් රැසක් සිදුකරනුලැබේ. විදේශ සංක්‍රමණිකයන් ද තම අවශයතා වෙනුවෙන් නිතරම යන ස්ථානයයි..
  • තම ස්ථිර ලියාපදිංචිය දැමීමට හා මාරැකිරිමට.
  • හැදුනුම්පත් නිකුත්කිරිම.
  • familiari වලට අවශය වන alloggiativa සහතික ලබා ගැනිමට
  • ඔබට අවශය වන අනෙකුත් සහතික ලබාගැනිම

වැනි සේවාවන් රැසක් ලබාදෙයි. උපතේ සිට මරණය දක්වා සෑම ලියකියවිලි වැඩකටයුතු මේ ආයතන හරහා සිදුකරගැනිමට හැකිය.

 

Azienda sanitaria locale (ASL)

දේශීය සෞඛ්‍ය සේවා සපයන ආයතනය. ASL හෝ AUSL ලෙස කෙටියෙන් හැඳින්වේ. සෞඛ්‍ය සේවා සැපයීම සඳහා වගකිව යුතු ඉතාලි රාජ්‍ය පරිපාලනයේ පොදු ආයතනයකි.
  • Sanitaria කාඩ්පත සැදිම හා අලුත්කිරිම.
  • තමන්ගේ වෛද්‍යවරයා වෙනස්කරගැනිමට.
  • යම් සෞඛ්‍යම ලියවිලි සම්බන්ද ගැටලු සම්බන්දයෙන් සේවා සපයන ආයතනය.
 

Agenzia delle Entrate

යනු ඉතාලි රාජ්‍ය පරිපාලනයේ ආර්ථික හා මුදල් අමාත්‍යාංශය මත යැපෙන ආයතනයකි. එය බදු තක්සේරු කිරීම් සහ පාලනයන් හා බදු කළමනාකරණයට අදාළ කාර්යයන් ඉටුකරයි. 1999 දී පිහිටුවන ලද මෙහි බදු ගෙවන පුරවැසියන් විසින් බදු බැඳීම් සපුරාලීම සහතික කිරීමය..රට තුළ පවතින දේපල වෙළඳාම් වත්කම්, පරිශීලකයින් සමඟ සබඳතා සරල කිරීම, බදු ක්‍රියාකාරිත්වයට අදාළ තොරතුරු පද්ධති අතර ඒකාබද්ධතාවය සහ දේපල අයිතිවාසිකම් පිළිබඳ පිටපත් කිරීම සහ ලියාපදිංචි කිරීම, ඔබ නිවසක් කුලියට ගැනිමේදි නිවසට අදාල ගිවිසුම ලියාපදිංචි කිරිම් වැනි දේවල් මේ ආයතනය හරහා සීදුවේ.
  • යම් හෙතුවක් මත ඔබේ Codice fiscale එක නැති උනොත් අලුතින් සැදිම.
  • Codice fiscale යම් වෙනසක් සිදුකිරිමට.
  • බදු ගැටලුවලට.
මෙමගින් සේවවන් සපයයි.

Istituto nazionale della previdenza sociale ( inps )

ජාතික සමාජ සුභසාධන ආයතනය. ඉතාලි මහජන විශ්‍රාම වැටුප් ක්‍රමයේ ප්‍රධාන සමාජ ආරක්ෂණ ආයතනය වන අතර, සියළුම රාජ්‍ය හෝ පෞද්ගලික සේවකයින් සහ තමන්ගේම ස්වාධීන සමාජ ආරක්ෂණ ක්‍රමයක් නොමැති බොහෝ ස්වයං රැකියාවල නියුතු සේවකයින් අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතුය. INPS කම්කරු හා සමාජ ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ අධීක්ෂණයට යටත් වේ.
  • විශ්‍රාම වැටුප්
  • විරැකියා ප්‍රතිලාභ ( disoccupazione )
  • අසනීප වැටුප්
  • මාතෘ දීමනාව
  • පවුල් දීමනාව
  • සාමාන්‍ය හා අසාමාන්‍ය ඉපැයීම් අතිරික්ත අරමුදලේ මැදිහත්වීම්
  • TFR ඇපකර අරමුදලේ මැදිහත්වීම්
  • ක්ෂය රෝග මැදිහත්වීම්
  • යම් රෝග සදහා ප්‍රතිලාභ ලබාගැනිමට
  • 730/unico ගැටලු සදහා
  • රැකියා ගිවිසුම් සම්බන්ද කරනා
වලට මේ අයතනය උදව්කරනවා. මේ ආයතනයෙ ලියුමක් තමන්ගේ නමට එනවා කියන්නෙ විමසිලිමත් විය යුතු කරනාවකි.  

Centro per l’impiego

යනු ඉතාලි රාජ්‍ය පරිපාලනයේ කාර්යාලයක් වන අතර එය ප්‍රාදේශීය මට්ටමින් ශ්‍රම වෙළඳපොළ කළමනාකරණය කිරීමේ වගකීම දරයි. රැකියා නැති අවස්තාවල යම් පාඨමාලවන් වලට ඇතුලත් කිරිම.Disoccupazione ඇතුලත් විම් හා විරැකියාවෙන් සිටින පුද්ගලයන්හට යම් ප්‍රතිලාභ ගැනිමෙ වැඩ කටයුතු සලාදිම, යම් අවස්තාවල රැකියා සොයාදිම් පවා සිදුකරනු ලබයි.  

CGIL / CAF

 

Confederazione Generale Italiana del Lavoro ~ CGIL

CGIL ඉතාලි පොදු කම්කරු සම්මේලනය යනු පැරණිතම ඉතාලි වෘත්තීය සමිතියයි. සේවක අයිතින් වෙනුවෙන් මැදිහත්වෙන ඔවුන්ගේ ප්‍රශ්නවලට උදව් කරන සමිතියක්. රැකියා සම්බන්ද යම් ලියවිලි සදාගැනිමට පුලුවන්කමක් ඇත. රැකියාවේදි ඔබට යම් ගැටලුවක් ඇති වු විට උපදේස් හා නීතිමය කටයුතු සම්බන්දයෙන් සහයක් ලබාගත හැකිය.  

Centro di Assistenza Fiscale CAF

ඉතාලියේ, බදු ආධාර මධ්‍යස්ථාන හෝ බලයලත් බදු සහන මධ්‍යස්ථානයක් ලෙස කෙටි හැදින්ව්විමක් කල හැක. පුද්ගලයන්ට රජයෙන් ලබාගත හැකි සහනය ලබාගැනිමට අවශය ලිපි අයදුම් පත්‍ර සම්පේශණය කිරිමේ අයතනයයි. cud, 730 ,unico , isse වැනි දේවල් හා ප්‍රතිලාභ ලැබිය හැකි අනෙකුත් දේවල් මේ හරහා ඉල්ලුම් කිරිමේ හැකියාව ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *