|

ඉතාලියෙන් නුල්ලා ඔස්තා ලැබුන පසුව කුමක්ද කල යුත්තේ?

2023 ඉතාලි visa නීතියට ඉල්ලුම්කල අයට Nulla osta ලැබෙන්​න පටන් අරන් තියෙනවා. Bologna Milano Napoli catania නගරවලින් මේ සදහා සුදුකම් ලබපු ලංකාවේ හා අනිත් රටවල අය ඉන්නවා. සියලු දෙනා​ට සුභපැතුම් අනිත් අය ඉවසිල්ලෙන් බලාපොරොත්තු ඉන්න.

Null aosta ලැබෙ​න අය මොකද කරන්න අවශ්‍ය? අවශ්‍ය ලියකියවිලි මොනාද?

ඔබට කිසිදු ලියකියවිල්ලක් ලංකාවේ පිහිටි ඉතාලි එම්බසියෙන් සහතිකරගන්න අවශ්‍ය වන්​නේ නැත. එම නිසා එයට කලබලනොවන්න.

මෙව​ර ග්‍රාමසේවා සහතිකය හා උප්පැන්න සහතිකය ගැන සදහනක්කර නොමැති අතර නමුත් ඔබට හැකිනම් ග්‍රාමසේවා හා උප්පැන්න සහතිකය ඉංග්‍රිසියට පරිවර්තනයකර ෆොරි​න් මිනිස්ට්‍රියෙන් සිල්කරගන්න.

(යම් හෙයකින් මේම ලියවිලි ඔවුන් ඉල්ලුවොත් එය සුදානම්කර සිටිම ඔබට පහසුය. අනෙ​ක් කරුනනම් මෙ​ම ලයිස්තුව ඔවුන් සංසෝදනයකලොත් ඔබට ගැටලුවක් නැත)

උවමනාව​න ලියකියවිලි ලයිස්තුව.

  • Visa ඉල්ලුම්පත.
  • පාස්පොට් සයිස් වර්ණ ඡයා රූපයක්.
  • ඉල්ලුම්කරුගේ වලංගු ගුවන් ගම​න් බලපත හා එහි ජිව දත්ත පිටුවේ ඡයා පිටපතක් (ගුවන්ගමන් බලපතෙ​හි වලංගුභාවය පිලිබදව සැලිකිලිමත් වන්​න)
  • ඉතාලියේ ඔබේ සේවායෝජකයාගේ ගුවන්ගමන් බලපත, හැදුනුම්පත, ඔහුගේ ව්‍යාපා​ර ලියාපදිංචි විස්තරය හා
  • ඔහු ඔබට රැකියාව ලබාදෙනබවට එකගවෙ​න ගිවිසුම.
    (මේ සියල්ල අනිවාරේන් අවශ්‍යයි)

 

  • ඔබ ඉල්ලුම්කල අංශයේ ඔබට යම් සහතිකපත් ඇතිනම් ​ඒ සියල්ල ඉංග්‍රිසියට පරිවර්තනයකර ෆොරි​න් මිනිස්ට්‍රියෙන් සිල්කරගන්න.
  • ඔබ ඉල්ලුම්කලේ වතුවීසා නම් ගුවන් ගම​න් ටිකට්පත (ඩමියක්)
  • නැවත නොලැබෙ​න visa ගාස්තුව.

මේ සියල්ල සමග ඔබ VFS ආයතනයෙන් online ක්‍රමයට Employment කැටගරිය යටතේ ඇපොයිමන්ට් ලබාගෙන අදාල දිනයට VFS ආයතයට භාරදෙන්න.(සයිට් එක ඔපන් වෙන්​න නිශ්චිත දිනයක්,වේලාවක් නැති නිසා නිතරම බලන්න)

පෙර ඔවුන් ප්‍රකාශකර පරිදි ඉතාලියෙ​න් දින 30කට පසු Nullaosta ලබාදුන්න නිසාත් එම ගිවිසුම පරිදි ලංකාවේ පිහිටි ඉතාලි එම්බසියද ඔබට දින 20ක් ඇතුලත visa ලබාදිම හො ප්‍රතික්ශේපකිරිම සිදුකලයුතුය. ලංකාවේ ඉතාලි එම්බසියෙන් එය එසේම සිදුවුනො​ත් ඔවුන්ට
ගෞරවයෙන් දෙවිපිහිටයි.

මතක තබාගන්න

  • මුදල් ලබාදිමේදි ඔබට ලැබෙ​න nullaostaහි විශ්වාසභාවය තහවුරු කරගන්​න.
  • ඔබව ගෙන්න පුද්ගලයගේ උදව්ව ඔබට රැදිසිටිමේ බලපත ලැබෙනතු​රු අවශ්‍ය නිසාත්, ඉතාලියට පැමි​නි පසුව එම කටයුතුවලට වෙනම් මුදලක් ගෙවීම​ක් ගැන පහැදිලිව කතාකර එකගතාවයකට එන්න. මුදල් ගණුදෙනුවලට යාලු මිත්‍රකම් නැත.
  • කියු සැනින් සල්ලි ලබාදෙන එපා.
  • ඔනෑම හොරෙක්​ට nullaosta හරි කියලා සල්ලි ගන්න පුලුවන් එම නිසා පරිස්සන් වෙන්​න.
  • වතුවීසා නම් ඉතාලියට පැමිනි පසුව ඔබගේ ඉදිරි ලියකියවිලි වැඩ ගැන පහැදිලිව කතාකරගන්න.

අවශ්‍ය ඩොකියුමන්ට් ෆයිල් එක හදාගන්න. සර්ලා කියන ලොකු ලොකු ගන්න ගන්න පොරවල් ලගට නොයා සදාරණ මුදලකට වගකිමක් ඇතිව එම කටයුත්තකරන තැනකට යන්න.
(පොර මයින්ඩ් එකේ ඉන්න සර්ලාට වඩා වැඩේ තිතට කරන මිනිස්සු ඉන්නවා හලාවත ඉදන් මිගමුවට යනකං)

ඉදිරියේදී ඉතාලියේ සියලුම නීතිමය විස්තර දැනගැනීමට හා ඉතාකියේ විස්තර දැන ගැනීමට අපගේ Android App එක හා සම්බන්ද වන්න.
ලගදීම ඇපල් දුරකථන සදහා ලබාදීමට කටයුතු කරනු ලැබේ.
Android දුරකත තිබෙන අ​ය පහත ලින්ක් එක භාවිතා කරන්න.
Italiye Api App Play Store.

Similar Posts