|

ඉතාලියට බෝඩ​ර් පනිනවද?

මචන් මග රටකට  ඇවිත් පනින්න පුලුවන්ද?

පනින්න පෙර සිතාබලමු.පිටරට විස්තර මෙව්​වා.ඒකාලේ ඉදන්ම යුරෝපයට බෝහෝ දෙනෙක් ආව ක්‍රමය “බෝඩර් පැනලා” අදට ක්‍රියාත්මකවෙනවා. එත් පනින්න කලින් හොදට හිතලා බලන්න මොකද ඒ කාලේට වඩා අද යුරෝපයේ නීතිවෙනස්. මේ වෙද්දි ලංකාවේ පවතින තත්වය එක්ක හැමකෙනෙක්ම බලන්නෙ රටකට යන්නයි. බෝඩර් පනිමුද? මෙක ලියලා මට පොලිසියන්න වෙයිද? පැනිල්ලේ ඇති තරම කියවලා බලලා හොද නරක ඔබම තීරනය කරන්න.

කවුද ඔබව බෝඩර් හරහා එක්කන් යන්නේ? ඔහුව ඔබට විශ්වාස ද? මගදි ඔහු ඔබ අතරමං කරාවිද? ඔබ පැමිනෙන ගමන් මාර්ගයේදි ඔබට අනතුරක් නොවනබවට විශ්වාස ද?මේ ප්‍රරශ්නවලට පිළිතුරු ඔබම සොයා ගතයුතුය.

බෝඩර් පැන​ලා එන්න පුලුවන් ද? මේය නිතී විරෝදිද?

ඔව් නිතීවිරෝදියි.රටක ආගමන විගමන නීතිරිතී කඩකිරිමක්.‍ යුරෝපයේ ඇති රටවල මේ සම්බන්දව ඇති නීති අනුව මෙ​හි දඩුවම් වෙන​ස් වෙන්න පුලුවන්. ඉතාලිය ගැන ලියන නිසා ඔව් ඉතාලියට එන්න පුලුවන්. මෙය දැඩි අවදානමක් සහිතව ඔබ කලයුතු ක්‍රියාවකි.

මගරටකට ඇවිත් ඉතාලියට පනින්න පුලුවන්ද?පැනලා ඉන්න පුලුවන් ද?

ඔව් පුලුවන්. යුරෝපයේ අනවසර සංක්‍රමනීකයන්ට ඉන්න පුලුවන් රටවලින් ඉහලින්ම ඉන්න රට ඉතාලිය. 80 දශකයේ ඉදන් අද වෙනකන් එහෙම උන්න අය ඉන්නවා. මතක තියාගන්න මේ කරනාව අද වේද්දි 80 දශකය තරම් පහසු නැත. රටවල දේශසිමා අරක්ශාව නිතරම සෝදිසිකරන නිසා. එසේ පැමිනියත් ඔබ​ට යම් ගැටලුවලට මුහුණදිමට සිදුවිය හැක.

එන්න පුලුවන් නම් ගැටලු මොනවද?

ඔබට නිත්‍යානුකූලව visa බලපතක් ලබාගැනිමට සිදුවන්නෙ ඉතාලි රජයෙන් ඉතාලියේ සිටින අනවසර සංක්‍රමනීකයන් නිතිගත කර​න අවස්තාවලදි පමනයි (sanatoria). එය තීරනය කරන්නෙ ඉතාලි රජය​යි.2020 වසරේදී අවුරුදු 8 කට පසුව එවැනි නීතියක් පැමිනියා.

  • අනවසරයෙන් ඉතාලියට පැමින ඔබ අනවසර සංක්‍රමනීකයෙකි. ඔබට ඉතාලියේ රැදිසිටී​මේ බලපත නැති නිසා යම් හේතුව​ක් මත පොලිසියේ සෝදිකිරිම්වලදි ඔබට ගැටලු ඇතිවිය හැක.
  • ඉතාලියේ සිටින නිත්‍යානුකූල රැදිසිටින්නෙකුට ලැබෙන කිසිමදිමනාවක්, අයිතිවාසිකමක් ඔබට ලැබෙන්නෙ නැත.
  • රැකියාවකදි ඔබට රැකියා ගිවිසුමක් යටතේ රැකියාවක් කිරිමේ හැකියාවක් නැති අතර, ඔබට රැකියා ගිවිසුමක්න නැති​ව කල හැකි රැකියාවක් සොයාගත යුතුය. එවැනි රැකියා බෝහෝ දුරට අපේ වචනයෙන් කට්ටක් තියෙන අඩු පඩි රැකියාවකි.
  • උතුරු ඉතාලියේ නගරවල රැකියා සොයාගැනිම අපහසුය. Napoli හා sisilia දුපතේ රැකියාවක් සොයගැනිමෙ හැකියව උතුරු ඉතාලියට වඩා වැඩිය. Napoli/sisilia යනු මේ විදියට පැමිනෙන බෝහෝ දෙනෙක් ජිවිතය පටන්ගන්න නගරයයි.
  • ඔබ යම් රෝගයක් ඇතිවිට බේත් ගැනිමට අපහසුය. සෞඛ්‍ය කාඩ්පත (carta di sanitaria) නැති නිසා ඔබට රෝහලකින් ප්‍රතිකාර ගැනිම අපහසුය. රතුකුරුස ආයතන, NAGA වැනි සමාජසාත්කාර සංවිදාන මගින් යම් වැඩ පිලිවෙල් ඇ​ත. එම නිසා මෙවෙ​නි ක්‍රමයක් අනුගමනය කරනවානම් කිසි විටක කුඩා දරුවෙක්​ව රැගෙන මෙවැනි දෙයක් කිරිමට 10 වරක් සිතාබලන්න.

ඩොකියුමන්ට් නැති නිසා Refughi ගන්න බැරි ද?

රීෆුජී ඉල්ලිමට බැරිකමක් නැත. නමුත් ශ්‍ රිලාංකික අපිට රීෆුජී ලබාදිමට තරම් හේතුවක් නැති නිසා ඔබ රීෆුජී ඉල්ලුම්කරන හේතුව සනාත කිරිමට සාක්ශි ඔප්පුකල යුතුය. Refughi richiesta එක යනු රීෆුජී බලපත නොවේ. අනිත් කරනුනම් ඔබ රීෆුජී ඉල්ලුම්කර සිටිනා අතර sanatoria නිතීයක් අවොත් ඔබගේ ගුවන්ගමන් බලපත ලබාගැනිමට පහසුවේන් කරගත නොහැක.ඒජන්සි කරවන්ගේ බොරු කතාවලට රැවටී රිෆියුජි ඉල්ලුම් කිරීමට පෙර දෙවරක් සිතන්න.

Similar Posts