අඩු ආදායම් ආදායම්ලාභීන් සඳහා 2021 වර්ෂයේ ලැබෙන සියලුම දීමනා.

මෙහිදී අප කතා කරනුයේ ISEE අගය Euro 20,000 ට වඩා අඩු අයට ලබා ගත හැකි දීමනාවන් පිළිබඳවයි.සියලුම ප්‍රසාද දීමනා සහ සහනාධාර සඳහා ඉල්ලුම් කරන ආකාරය සමඟ ලැයිස්තුව බලමු.

Bonus luce e gas.

පසුගිය වර්ශවලදී මේ සදහා ඉල්ලුම් කිරීමට අවශයතාවය තිබුනත් මේ වසරේ සිට ඔබගේ ISEE අගය අඩුනම් INPS ආයතන වෙත දැනුම්දීමෙන් අනතුරුව ස්වයංක්‍රීයවම ඔබේ බිල්පත් අඩුවීම සිදුකරනු ලබයි. එසේ කිරීමට නම් මේ වන විට මේ ගිවිසුම සදහා කැමැත්තපල කල ආයතනයකින් ඔබ සේවාව ලබාගත් යුතුයි. දැනටමත් ප්‍රදාන ආයතන වන
  • ENEL
  • ENI
  • AGSM වගේ ආයතන බොහෝමයක් එකතු වී තිබෙනවා.
 

l’esenzione del ticket sanitario.

දරුවන් සිටින පවුල් සඳහා පාස​ල් සඳහා ප්‍රසාද දීමනා සහ සෞඛ්‍ය ප්‍රවේශ පත්‍ර නිදහස් කිරීම වැනි දේවල් මෙමගින් සිදුවේ. බොහෝ විට මේ සදහා අයදුම් කිරීමට ඔබගේ ආදායම් ශූනය මට්ටමට පැමිනිය යුතුයි.  

REDDITO DI CITTADINANZA

මේ සදහා අයදුම් කිරීමට,
  1. වැඩිහිටියෙකු වීම (එනම් වයස අවුරුදු 18 ට වැඩි)
  2. රැකියා විරහිත හෝ රැකියා විරහිත වීම
  3. ISTAT විසින් පිහිටුවන ලද ඉතාලියේ දරිද්‍රතා රේඛාවට වඩා පහල මට්ටමේ ආදායමක් තිබීම.(ISEE)
  4. දරිද්‍රතා රේඛාවෙන් පහල විශ්‍රම වැටුපකට ලැබීම.
  5. අවම වශයෙන් වසර 10 ක් ඉතාලියේ පදිංචි වීම.
https://italiyeapi.com/reddito-di-cittadinanza/
මේ ඒ පිලිබද සම්පූර්න විස්තර​ය

Bonus Pc, Tablet e Smartphone

ISEE අගය යූ​රෝ 20,000 කට වඩා අඩු ආදායමක් ඇති පවුල් සඳහා මේ සදහා ඉල්ලුම් කලහැක.

Bonus occhiali e lenti a contatto

ISEE අගය යූ​රෝ 10,000 කට වඩා අඩු ආදායමක් ඇති අය සදහා මේ සදහා ඉල්ලුම් කලහැක.  

Bonus affitto studenti fuori sede

ISEE අගය යූ​රෝ 20,000 කට වඩා අඩු මේ වනවිට නිවසින් බැහැරව ජීවත්වන ශිෂ්‍යයන් සදහා ඉල්ලුම්කල හැක.  

Bonus mamme 500 euro

ඉතාලියේ කාන්තාවන්ට සහා 2017 න් පසුව මව් පදවි​ය ලබපු කාන්තාවන්ට 800€ ක්.මේක ලැබෙන්නේ 2017 ජනවාරි 01 වෙනිදායින් පසුව මව් පදවිය ලැබුවන්ට.ගර්භනී කාලය මාස 08 ඉක්මවූ අයටයි. ඉල්ලුම් කිරිමට අවශයදේ.
  1. මවට carte di soggiorno
  2. අයිඩෙන්ටිටි කාර්ඩ් එක
  3. Codice fiscale
  4. මීට කලින් දරුවන් ලැබී ඇත්නම් දරුවන්ගේ codice fiscale
  5. ගර්භනී කාලය මාස 7 ඉක්මවවා 8 වන මාසයට පැමින ඇත්නම් දරුවා ලැබෙන දිනය සදහන් කර ඇති Data Presunta එකත් සමග ලබාදෙන දොස්තරගේ ලියවිල්ල.
  6. ඔබගේ නමට ඇති බැංකු ගිනුම් අංකයක්
https://italiyeapi.com/bonus-mamma-domani/

Bonus Telefono

ISEE අගය යූ​රෝ 8112 කට වඩා අඩු ආදායමක් ඇති අය සදහා මේ සදහා ඉල්ලුම් කලහැක.  

Carta acquisti

Carta Acquisti කියන්නේ අවුරුදු 3ට අඩු දරැවන්ට හා අවුරුදු 65 ට වැඩි පුද්ගලයන්ට ලැබෙන ආර්ථික සහනයකි. නමුත් මෙම සහනය ලැබීමට නම් Isee අගයන් පහත පරිදි විය යුතුයි. මෙම කාඩ්පත ඉල්ලුම් කිරීමට Poste Italiane වෙත යා යුතු අතර මසකට යූරෝ 40 බැගින් මාස දෙකකට වරක් යූරෝ 80ක් ලැබෙනු ඇත. තව කුඩා දරැවන්ට අවශ්‍ය පැම්පස් නිකන් දෙනවා.ඒක ගන්න හොස්පිටල් එකෙන් තමයි අහන්න ඕන. Milano වල නම් milano mangiagalli hospitil එකට තමා මේ දේවල් වලට යන්න ඔනේ. Assistenza sociale එකෙනුත් සල්ලි දෙනවා.(ඒක ඒ ඒ කොමුන අනුව ක්‍රියාපටිපාටිය වෙනස් වෙනවා)ඒක දෙන්නේ assistenza sociale . “ආර්ථික අපහසුකම් ඇති අය තමන්ට අයත් පළාතේ assistenza sociale එකට ගිහින් මුදල් හා පැම්පර්ස් ලබාගැනීමට රෙජිස්ටර් වෙන්න පුලුවන්.  

Bonus affitto

මෙය සෑම කොමෙනෙකින්ම එකම කාලයක ලබාදෙන දීමනවාක් නොවෙයි. එක එක කාලවල කුලියට ජීවත්වන අඩු අදායම්ලාභීන් සදහා ඔබ ජීවත්ව​න කොමෙනේ මේ සදහා ප්‍රතිපාදන ලබාදෙයි. එම නිසා මේ සදහා අයදුම් කිරීමට ඔබගේ comune වෙබ් අඩවිය භාවිතාකල යුතුය.  

Buoni spesa

අඩු ආදායම් ලාබී​න් සදහා එක එක comune මගින් ලබාදෙන දීමනවකි.මෙය බොහෝ දුරට එක එක කාලයන්හී ඔබට අදාල comunen ලබාදෙනවා.මේ සදහා ඉල්ලුම් කිරීමෙන් පසුව ඔබට සුපර්මාර්කට් වලින් බඩු ලබාගැනීමේ හැකියාව තිබෙනවා.  

Bonus bebè

දරුවකු ඉපදී මාස 03ක් ඇතුලත මේ සදහා ඉල්ලුම් කල යුතුයි.එවිට දරුවාට වයස මාස 12ක් වන තුරු මේ දීමනාව ලැබෙනවා. මේ සදහා ඉල්ලුම් කරන ආකරය හා ISEE අගය කොපන විය යුතුද යන්න මෙම ලිපියේ.
https://italiyeapi.com/bonus-bebe-2020/

Bonus Asilo Nido

මේ ඒ සම්බන්දව පල කල ලිපියක්,
https://italiyeapi.com/bonus-asilo-nido/

Bonus Scuola e Libri 2021

ඔබට පාසැ​ල් යන දරැවන් සි​ටී නම් ඉල්ලුම් කල හැක්කේ, Dote Scuola ,Buono Scuola වගේ වසරකට වරක් පලාත්පාලන ආයතන වලින් ලබා දෙන දීමනා වලට​ය. මේ සදහා යූරෝ 15.748,78 ක ISEE අගයක් ඇති අයට පවා ඉල්ලුම් කල හැකියි.ඊට අමතරව පාසැල් දිවා ආහාර හා පාසැල් වල තිබෙන Pre/Post scuola, ඒ කියන්නේ වැඩි පැය ගනනක් රැකියාවේ නියුතු දෙමව්පියන්ට පහසුවක් වශයෙන් පාසැල් වල දරැවන්ව අමතරව රදවා ගන්නා වෙලාවල් වලට ඔබ ගෙවිය යුත්තේ Isee අගය අනුවයි. එය තීරණය කරන්නේ අදාල පාසැල අයිති නගර සභාවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *